Tuesday, December 20, 2011

ඇනකොණ්ඩා අපේ සතෙකි





ශී‍්‍ර ලංකාවට ඇනකොණ්ඩා ආගන්තුක සත්ත්වයකු වුවද ඇනකොණ්ඩා යන වදන පවා සිංහල භාෂාවෙන් බිහිවූවක් බව ලොව පුරා වාග් විද්‍යාඥයෝ ප‍්‍රකාශකැර තිබේ. සියවස් දෙකකට පමණ පෙර මෙරට විසූ ඉංගී‍්‍රසි ජාතිකයෝ කිහිප දෙනකුම තමන්ගේ සටහන්හි දක්වා ඇත්තේ ඇනකොණ්ඩාවන් තමන් ඇසින් දුටු බවයි.
1768 දී ආර්.එඞ්වින් ලංකාවේ ඇනකොණ්ඩාවන් ගැන දීර්ඝ විස්තරයක් කැර තිබේ. ඔහු පවසන්නේ ලංකාවේ ස්වදේශිකයෝ මේ සත්ත්වයා හොඳින් හඳුනන බවයි. ඔවුන් මේ සතා ඇනකොණ්ඩා නමින් හඳුන්වන බවත් අති විශාලා භයංකාර සර්පයකුවන ඇනකොණ්ඩා මාංශ අනුභව කරන බවත් තුරු මුදුන්වල වාසය කරමින් පොළොවේ ගමන් කරන සතුන් ගිල දැමීමට ක්ෂණයකින් කි‍්‍රයාත්මක වන බවත් ඔහු විස්තර කැර තිබේ. මෙරට විසූ ඇනකොණ්ඩා ගැන දක්නට ලැබෙන ප‍්‍රථම සටහන එයයි.
නැවත 1808 වර්ෂයේදී මොන්ක් ලූවිස් විසින් රොමැන්ටික් ටේල් නමින් ග‍්‍රන්ථයක් ලියමින් ශී‍්‍ර ලංකාවේ ඇනකොණ්ඩාවන් ගැන සඳහන් කැර තිබේ. ඔහු පවසන්නේ ලංකාවේ ඇනකොණ්ඩා නැමැති දැවැන්ත සර්පයා ගැන විශ්වාස බොහොමයක් වූ බවයි.
1803 දී මෙරටට සම්ප‍්‍රාප්ත වූ රොබට් පර්සිවර් ද මෙසේ පවසා ඇත.
” මම ලංකාවට පැමිණීමට පෙර දැනගත්තා ප‍්‍රමාණයෙන් අති විශාල වූ භයංකාර සර්පයෙක් මෙරට සිටින බව මී හරක් පවා පණපිටින් ගිල දමන මේ සර්පයා අලි ඇතුන් පවා භියට ත්කරන බවත් දැනගත්තා. මම ඒ ගැන විමසුව ද මේ භයංකාර සත්ත්වයා ගැන කිසිවකුත් වැඩිපුර දැන සිටියේ නැත. ”
ජේ.ඩබ්.බෙනට් ” ලංකාව හා එහි සමත්කම් ” ගැන ලියමින් 1843 දී කියා සිටින්නේ සිංහල නම් 31 කින් හඳුන්වන සර්පයන් ලංකාවේ සිටින බවයි. ඔහු දක්වා ඇති සර්පයන්ගේ ලේඛණයේ ඇනකොණ්ඩා සහ පිඹුරා වෙන වෙනම සත්ත්වයන් දෙදෙනකු ලෙස දක්වා ඇත.
1850 දී ” ලංකාව සහ සිංහලයෝ ” ග‍්‍රන්ථය ලියන හෙන්රි චාර්ල්ස් සර් පවසන්නේ ලංකාවේ සිටින විශාලතම උරගයා ඇනකොණ්ඩා බවයි. එම සතුන් පිඹුරාට ඉතාමත්ම සමීප විශේෂයක් බවත් පිඹුරන් සුලබව සිටිය ද ඇනකොණ්ඩා එතරම් සුලබ නොවන සත්ත්වයකු බව හෙතෙම දක්වා තිබේ. කොතරම් විශාල සතකු වුවද සිංහලයන් මේ සතාට භියක් නොදක්වන බව ද ඔහු සඳහන් කැර තිබේ.
ඉමර්සන් ටෙනට් 1859 දී නැවත ඇනකොණ්ඩා ගැන විස්තරයක් කැර තිබේ. ඔහු කියන්නේ මේ සුවිසල් සර්පයා අලින්ගේ ඇට කුඩුකර ආහාරයට ගන්නා කොටියන් පවා ගිල දැමූ බවයි.
සත්ත්ව වර්ගීකරණයේ අඩිතාලම දැමූ කැරොලස් ලීනියස් තමන්ගේ වර්ගීකරණය අනුව පිඹුරා නම් කරද්දී පවසා ඇත්තේ බොආ නැමැති නමකි. ඔහු පෙරදිග රටවලදී ඇනකොණ්ඩා බොආ ලෙස හඳුන්වන බවද සඳහන් කැර තිබේ.
සිංහලයන් එදා පවසා ඇත්තේ තම රටෙහි වනාන්තරවල අඩි 20 කට වඩා දිගින් යුතු සුවිසල් සර්පයකු ජීවත් වූ බවයි. මේ සත්ත්වයා ඌරන් ගෝනුන් ගිල දැමූ බවත් ඇතැම් අවස්ථාවලදී මුව හා ගෝන අං සමග මේ ඇනකොණ්ඩාවන් මැරී සිටිනුද ඔවුන් දැක ඇති බවත් මේ විදේශිකයෝ වරින් වර සඳහන් කැර ඇත.
1821 දී ජෝන් ඬේවි මේ ගැන පැහැදිලි විස්තරයක් දක්වා ඇත. ලාංකීය මිනිසුන් ඇනකොණ්ඩා හෝ හෙනකඳයා ලෙස හඳුන්වන විශාල සර්පයකු සිටින බවත් එම සර්පයා අඩි 17 ක් හෝ 20 ක් පමණ දිගට වැඩෙන අතර ඇතැම් විට අඩි 25 ක් හෝ 30 ක් දිගට වැඩෙන සර්පයන් ද සිටින බව ඔහු සටහන් කැර ඇත. ඒ අතර ජෝන් ඬේවි ද අඩි 25 ක් දිගැති ශරීරය අඩි 2 ත් 2.5 ත් අතර වටප‍්‍රමාණයකින් යුතු ඇනකොණ්ඩාවකු දැක ඇත.
සිංහලයෝ ඇනකොණ්ඩා සතුන් දඩයම් කිරීමේද ශූරයෝ බව ඉංගී‍්‍රසි ජාතිකයෝ සඳහන් කර ඇත. ඇනකොණ්ඩාවන් අල්ලා උසැති ගසක එල්ලා තෙල් සිඳ ගැනීම, හම වෙන්කර ගැනීමද සිදුකරන ලද බව ඔවුහු පවසති.
1821 දී ජේකෝබ් හාෆ්නර් ඇනකොණ්ඩා සත්ත්වයකු තමන්ට හමුවූ ආකාරය පිළිබඳ විස්තරයක් කරගෙන එයි.
මම යාපනයේ ඕලන්ද කොටුවට යමින් සිටියා. ස්.......... ස්......................... ස්.............. ශබ්දයක් ඇසුනා. ඒ සමගම සෙළවීමක් දක්නට ලැබිණා. අපි සියල්ලෝම භ‍්‍රාන්ත වුනා. ධෛර්යය අරගෙන සොයා බැලූවා. ඉතා භයංකාර සර්පයෙක් අප පසුපස එමින් සිටියේය. ඒ සර්පයා සිදුකරන පිඹීම කුණාටුවක් සේ දැණුනා. වරින් වර මුඛය අරිද්දී අපි දුටුවේ විශාල බෙනයක් වැනි විවරයක්. මේ සත්ත්වයා මා ගිල දැමීමට උත්සාහ දැරුවා අපි හැකි ඉක්මනින් ගලකට නැග ගත්තා.
ඇනකොණ්ඩා ඉංගී‍්‍රසි භාෂාවේදී නාමපදයකි. ගස් උඩ වෙසෙන විෂ රහිත යන්න එහි තේරුමයි. මාංශ භක්ෂක ඇනකොණ්ඩා සතුන් වෙළා මරා ආහාරයට ගනී.
සාමාන්‍යයෙන් කොළොම්බියාව,, වෙනිසියුලාව, ගයනාව, ප‍්‍රංශය, ගයානාව, ඉක්දෝරය, පේරු රාජ්‍යය, බ‍්‍රසීලය, බොලීවියාව මෙන්ම ටි‍්‍රනිඩෑඞ් ¥පත්වල ද ඇනකොණ්ඩා දක්නට ලැබේ.
ජාත්‍යන්තරව ඇනකොණ්ඩා ලෙස භාවිතා වුවද ඇනකොණ්ඩා ලෝකයට හඳුන්වාදුන් ඇමරිකාවේ එවැනි නමක් භාවිතයේ තිබී නැත. සුකුරියු, කාමුඩි සහ හුයිලා යනුවෙන් ඇමරිකාවේ මේ සත්ත්වයා හඳුන්වා ඇත. කළු ඕවලාකාර හැඩයෙන් යුතු ඇනකොණ්ඩා ලොසින්ජර ආකාරයේ පුල්ලි වලින් යුක්තය. ල කොළපාට, අළු හෝ දුමුරු වටපිටාවක සිටීමට දැඩි පි‍්‍රයතාවක් දක්වයි.
දියේ කිමිදී නාස්පුඩු දියේ ගිලී විශාල කාලයක් දියේම සිටිය හැකි බැවින් මොවුන් වෝටර් බොආ ලෙස ද හඳුන්වයි. ඒ නිසා ජලජ ජීවියෙක් ද වෙයි.
සුලබ ඇනකොණ්ඩා අඩි 30 ට වඩා දිගකින් යුතු වේ. ඉතා දුෂ්කර ප‍්‍රදේශයන්හි ඇනකොණ්ඩාවන් පසුගිය වසර 150 ක කාලය තුළ වාර්තා වී තිබේ. සත්ත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඇනකොණ්ඩා විශේෂ හතරක් සිටින බවයි.
කෙසේ වෙතත් ඇනකොණ්ඩා යන්න දැන් ලෝකයේ ඉතා සුප‍්‍රසිද්ධ වචනයක් වී තිබේ. ෆර්ගියුසන් සඳහන් කරන්නේ ඇනකොණ්ඩා නැමැති වචනය උපත ලබා ඇත්තේ සිංහල භාෂාවෙන් බවයි. සිංහල වාග් මූලයන් ගැන පර්යේෂණ කළ ඔහු ඔක්ස්පර්ඞ්හි කෙටි වදන් හා වාක්‍ය යනුවෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකාශයට පත්කළ ග‍්‍රන්ථයේ දක්වා ඇත්තේ ඇනකොණ්ඩා සිංහල භාෂාවෙන් බිඳී එන ලද්දක් බවයි.
එමෙන්ම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ පුස්කාල සූචියේ අංක 95 ලෙස දක්වා ඇත්තේ හෙනකන්ජා නැමැති ග‍්‍රන්ථයකි. 1989 ඔක්ස්පර්ඞ් ශබ්ද කෝෂය වචන නිරුක්තිය ගැන සඳහන් කරමින් රේ ලෙයිඩන් කෞතුකාගාරයේ ඉන්දියානු සර්ප ලේඛණයේ ලංකාවේ ඇනකොණ්ඩා මී හරකුන්ගේ ඇට පොඩි කර ආහාරයට ගන්නා බවත් ලංකාවේ මෙවැනි සතුන් නොමැති බවත් සඳහන් කැර ඇත. මෙය දැනට ලංකාවේ භාවිතා කරන නමක් නොවන බවද ඔහු සඳහන් කරයි.
මේ විද්‍යාඥයන් පවසන්නේ 18 වැනි ශතවර්ෂයේ පටන් මෙරට විවිධ පාරිසරික සාධක හා සුන්දර වටපිටාවත්, ජනජීවිතයත් ගැන සටහන් තැබූ ලේඛකයෝ ඇනකොණ්ඩා නැමැති සිංහල නමට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ලබාදීම හේතුවෙන් ඒ නම ලොව පුරාව ව්‍යාප්ත වී ඇති බවයි. මේ ගැන මතවාද බොහොමයකි.
කවුරුන් කෙසේ කීවද දැන් ශී‍්‍ර ලංකාවේ පිඹුරන් හැර ඇනකොණ්ඩාවන් දක්නට නැත. ඇනකොණ්ඩා ඇත්තේ සත්වෝද්‍යානයේ පමණි. ඔවුන් තොග පිටින් උපතලබමින් සිටියි.

4 comments:

  1. නොදැන හිටපු දෙයක් දැනගත්තා...ලිපිය නම් top'''

    ReplyDelete
  2. වටිනාකම් කියල වැඩක් නැහැ.අද තමා ලංකාවේ ඇනකොන්ඩා ගැන දැනගත්තේ.

    ReplyDelete