Monday, December 19, 2011

අති වේගවත් පරවි තැපැල් සේවය










ලෝක උරුම ගෘහ නිර්මාණ ශිල්පයෙහි ඇති අසාමාන්‍යතාව නිසාම ලෝක උරුම නගරයක් බවට පත්කැරුණු ගාල්ල කොටුවට බි‍්‍රතාන්‍යයන් 1873 දී හඳුන්වාදුන් නව කොටු දොරකඬේ සිට ගාලූ කොටුවේ දකුණු මායිම දක්වා දිවෙන ප‍්‍රදීපාගාර වීදිය ඔස්සේ එක්තරා සනධ්‍යාවක මම ගමන් ගත්තෙමි.

ඕලන්ද යුගයේ දැවැන්ත ස්ථම්භ වලින් සහ සුවිසල් ආලින්දයන්ගෙන් සමන්විත පෞරාණික නිවාස රැුසක් පසුකරගෙන මම එහි කෙළවරටම ගමන් ගත්තෙමි. ඒ මාර්ගය අවසන් වන්නේ පියගැටපෙළකින් නැග යායුතු ඕලන්ද අට්ටාලයකිනි. එය එවකට ෆිෂර් මාක් බැස්ටියන් නොහොත් ෆ්ලෑග් රොක් බැස්ටියන් ලෙස හඳුන්වන ලදී. ඒ පියගැටපෙළ අවට ඇත්තේ දෙවන ලෝක යුද්ධයේදී තනන ලද බංකර කිහිපයකි. එහි පියගැට පෙළ තරණය කර මුදුනට ගොස් ගාලූ කොටුවේ සිරි නරඹන අයකුට මුහුදින් දිස්වන්නේ විශාල අලියකුගේ හැඩරුව ඇති අලියා ගලයි. ඊට දකුණු පැත්තේ ඇත්තේ පරමවිඥ්ඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ප‍්‍රකාශයට පත්කරන ලද සරසවි සඳරැුස පත‍්‍රයට අනුව පරෙවි ¥පතයි. 1881 දී මෙම පුවත්පත පවසන්නේ මේ පරෙවි ¥පත ශී‍්‍ර ලංකාව පිළිබඳ පැරණිතම සිතියම වූ ගී‍්‍රක ජාතික ටොලමිගේ ලංකා සිතියමේ ඒවියම්ප්‍රොමෝනොටරි නැමැති ස්ථානය බවයි. අතීතයේ එහි පරවි කූඩුවක් වූ බැවින් පරවි ¥පත වූයේයැයි තතු දන්නෝ පවසති.

ප‍්‍රදීපාගාර වීදිය ඔස්සේ පැමිණියද අද එහි ප‍්‍රදීපාගාරයක සනිටුහන් කිසිවක් දක්නට නැත.

ගාලූ කොටුවේ මෙම ඕලන්ද අට්ටාලය මත තනවා තිබූ ප‍්‍රදීපාගාරය 1848 දී තනන ලද දිවයිනේ ප‍්‍රථම ප‍්‍රදීපාගාරයයි. මෙම ප‍්‍රදීපාගාරය ලෝහමය නිමැවුමක් බව ඉතිහාසය සඳහන් කරයි. ගෑස් කාන්දුවකින් ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම ප‍්‍රදීපාගාරය දැවී හළුවී ගොසිනි.

හිරු බැසයමින් තිබිණ. මළානික හිරුගේ රත් පැහැයෙන් ප‍්‍රදේශය අමුතුම සිරියක් ගනිද්දී මම ඡුායාරූප කිහිපයක් ගත්තෙමි. හදිසියේම එතැනට තවත් අපූරු හිතවතකු එකතුවිය. රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ හිටපු භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ නීතීඥ හේමන්ත සිටුගේ මහතා ගාල්ල කොටුව පිළිබඳ බොහෝ අධ්‍යයනයන් කළ තැනැත්තෙකි. ඔහු මා සමග එකතුවන මොහොතේම කොහේදෝ සිට පියඹා ආ පරවියෝ යුවලක් අප සිටි තැනට බැස මොනවාදෝ අහුළාගෙන කන්නට විය. මේ දෙස බලා සිටි සිටුගේ මහතා බලන්න මේ දෙන්නා යන්නේ කොතනටද කියලා යැයි කියමින් පරවි ජෝඩුව එළවා දැමුවේය.

හදිසියේම ඇසුණු අත්පුඩි පහරෙන් බියපත් වූ ඒ පරෙවි ජෝඩුව මදක් ඉහළ ගොස් ප‍්‍රදීපාගාර වීදියයැයි සටහන් වූ පුවරුව අසළ ඇති දෙමහල් ගොඩනැගිල්ලේ පිටුපසට පහත්වූහ.

පක්ෂීන් මගින් පණිවුඩ හුවමාරුව අපිට අහන්න ලැබෙන්නේ සිංහල සංදේශ කාව්‍යයන්හි පමණි. පරෙවි, කෝකිල, ගිරා , සැළලිහිණි, මයුර, කහකුරුළු ආදී වශයෙන් මේ සියළුම සංදේශ කාව්‍ය වාර්තා වන්නේ 13 සහ 14 වැනි ශත වර්ෂ වලදීය. මෙයින් පසුව ලංකා ඉතිහාසයේ කවර අවස්ථාවකදී වත් පක්ෂියකු මගින් පණිවුඩයක් ගෙන ගිය බවට අපේ ඓතිහාසික ලේඛණ හෝ සංදේශ කාව්‍ය වල හෝ වෙනයම් ලේඛණ වල හෝ නොමැත්තේය. මේ සංදේශ කාව්‍යයෙහි ඇති කථා විස්තරය සත්‍ය කථාවක් බවට පරිවර්ථනය කරනු ලබන අදහසක් හෝ සිදුවීමක් ගැන අපේ ඉතිහාසයේ පසුකාලීන සිදුවීම් වලින්වත් වාර්තා වේයැයි සිතිය නොහැකි තරමටම අතිශය දුර්ලභය.

නමුත් 1850 සිලෝන් ඔබ්සවර් පුවත් පත අනුග‍්‍රහයෙන් ආරම්භ කරන ලද පරවියන්ගේ සීඝ‍්‍රගාමී සේවය කොළඹ සිට ගාල්ල දක්වා දුම් නෞකාවල පණිවුඩ රැුගෙන යමින් කරන ලද නොමැකෙන සේවයක අවසන් නෂ්ඨාවශේෂ ඒ විය හැකි බව හේමන්ත සිටුගේ මහතා පවසයි.

ලංකා දිවයිනේ දක්ෂිණ අධිකරණ කලාපයේ හිටපු නියෝජ්‍ය රාජ නීතීඥ හෙන්රි චාල්ස් සර් මහතා තමන් විසින් ලයන ලද ක්‍ෑශඛධභ ්භෘ ක්‍ෂභඨ්ඛෑීෑ නැමැති ග‍්‍රන්ථය ලංකාව සහ සිංහලයෝ නමින් සිංහලයට පරිවර්ථනය කරන පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා ගාලූ වරායට දුම් නැව් පැමිණීම පිළිබඳ විස්තරය පරිවර්ථනය කර ඇත්තේ මේ ආකාරයෙනි.

එංගලන්තයේ සිට පැමිණෙන දුම් නැව ගාලූ වෙරළට ල`ගා වත් ම නැව තුළ මෙන් ම වෙරළෙහි ද ඇති වන්නේ එක සමාන කලබලකාරී පරිසරයකි. නැවේ කපිතාන් වරයා ඔහුට අවශ්‍ය අමතර ගල් අ`ගුරු තොගය සපයා ගෙන ඉවසිලිමත්ව සිටින අතර දවස් ගණනක් නැතහොත් සති ගණනක් තිසේසේ ගොඩබිම් පරිසරයක ප‍්‍රබෝධය විද නොගත් මගීහු පැය කීපයකට වුව ද පොළොවක පය ගැසීමේ නොනිත් ආසාවෙන් පසුවෙති. මෙම ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්කැර ඇත්තේද 1850 වර්ෂයේදීය.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

නොයෙක් ආහාර ද්‍රව්‍ය රැුගෙන දුම් නැව කරා ඇදෙන ඔරු ද මගීන් හා ඔවුනගේ ගමන් බඩු පටවා ගෙන දුම් නැවේ සිට ගොඩ බිමට දිවෙන ඔරු ද වරායේ ජල තලය පුරා විසිර යනු දක්නට ලැබේ. ඒ අතර ගල් අ`ගුරු තොගවිලින් බර වුණු විශාල බෝට්ටු කුඩා ඔරු අතරින් රිංගා ගෙන දුම් නැව දෙසට දිව යයි. ඒ සියල්ල සමග ම නැව තුළ ඇති වන කලබගෑනිය විස්තර කළ නො හැකි තරමේ සංකීර්ණතාවකට පරිවර්තනය වෙයි. තමන්ගේ නොයෙක් බඩු පොදි, ඒවා රැුගෙන වෙරළට යාත‍්‍රා කරන්නට නැව අසල සූදානමි ව තිබෙන ඔරුව මතට වීසි කරන මගියෝ, ඒ සමග ම දුම් නැවේ පසෙකින් රැුඳුණ ඉණි මග ඔස්සේ පහළට බැසීමේ උත්සාහයක යෙදෙති. නැවේ ඉහළට නැෙ`ගන කුලී කරුවන් හා පහළට බසින ම`ගීන් ද ඔවුන්ගේ ගමන දෙපසට යන්නට දරන ප‍්‍රයත්නයේදී තද බල තෙරපීමක් ඉණි ම`ග මතැ ඇති වන්නේය.

සැබැවින්ම එය අපූර්වතම විස්තරයකි.

මේ සියළු ගාල ගෝට්ටි කළ කොලාහල අස්සේ වේගයෙන් නැවේ බඳට පැමිණි යම් අයෙකු කඩිනම් නැවෙන් බැස ඔරුවකට ගොඩවූවේය. ඔහු අත ඇත්තේ ගමන් මල්ලක් නොව වෙනත් ආකාරයක් ගන්නා ලිපි ගොණුවකි. වරායේ ජැටියට ගොඩබට ඔහු කොටු දොරකඩ වෙතට ගමන් කරන්නේය. තද කොළ පැහැති ඇඳුමෙන් සැරසී සිටින ලංකා රයිපල් හමුදාවේ මුර සෙබළුන් විසින් රක්නා ගාලූ කොටු දොරටුවෙන් ඇතුල්වී දකුණු පසට හැරී කුඩා කඳු කැටය තරණය කොට රැුජන මන්දිරයද පසුකොට ගොඩනැගිලි අතරින් නොපෙනී ගියේය. ඔහු නැවත මතුවන්නේ සී ෆ‍්‍රන්ට් ස්ටී‍්‍රට් නැමැති මාවතේ අවසන් කෙළවරේ පිහිටි දෙමහල් මන්දිරය අසළිනි. එය ඕලන්ද සමයේදී සී බර්ග් ස්ටාට් ලෙස හැඳින්වූ මාවතයි. ඉංගී‍්‍රසීන් එය සී ෆ‍්‍රන්ට් ස්ටී‍්‍රට් ලෙස හඳුන්වන්නට වූයේය. ඒ අසළ ඇති දෙමහල් මන්දිරයේ සිටින තැනැත්තෙකු මහත් ගෞරවයෙන් නැවෙන් ගෙන ආ ලිපි ගොනුව සියතට ගනී.

එදා ඔහු නැවෙන් ලිපි ගොනුව රැුගෙන ආ සී ෆ‍්‍රන්ට් ස්ටී‍්‍රට් නැමැති මාර්ගය අද එනමින් හැඳින්වෙන්නේ නැත. ප‍්‍රදීපාගාරය ඉදිකර කළක් ගතවෙද්දී ඒ මාර්ගය ප‍්‍රදීපාගාර වීදිය බවට පත්ව ඇත. ලිපිගොනුව ඒ දෙමහල් නිවසට ලැබී සුළු වේලාවකින් තමන්ගේ පාද වල යමක් ගැට ගසා ගත් පරවියෝ එකා දෙන්නා නිවසින් එළියට විත් වේගයෙන් කොළඹ දෙසට පියඹා යයි. අපි ගාල්ල කොටුවේදී දුටු පරවියන් ජෝඩුව ද රිංගා ගත්තේ මේ දෙමහල් නිවසටමය. අදින් වසර 150 කට පමණ පෙර සිය පරපුරේ මුතුන් මිත්තෝ සිටි නිවස අවට තවමත් මේ පරවි ජෝඩුව සැරිසරමින් සිටිති. එහෙත් එදා මෙන් ඔවුන්ට පැවරුණු රාජකාරියක් නැත.

එංගලන්තයේ සිට මෙරටට ගෙන එන ලද ලිපිගොණුව සිලෝන් ඔබ්සවර් පුවත් පතේ පළ කිරීමට ගෙන එන ලද පුවත් සමුදායකි. ගාල්ල වරායේ සිට ඒ පුවත් කොළඹ යැවුණේ පරවියන් යොදා ගනිමිනි. සංදේශ කාව්‍ය රචනා වීමෙන් පසු මෙරට යම් පණිවුඩයක් ගෙන යාම සඳහා පරවියන් හෝ වෙන යම් ආකාරයක හෝ පක්ෂී විශේෂයක් යොදාගත් බවට ඇති එකම වාර්තාව එයයි.

පණිවුඩ හුවාමරු ක‍්‍රම දියුණු වීමට බොහෝ කළකට පෙර අතීත ශිෂ්ඨාචාරයන්හි පණිවුඩ ගෙන යාම සඳහා පරවියෝ විශාල වශයෙන් යොදාගෙන තිබුණි. නමුත් ගාල්ලේ සිටි කොළඹ දක්වා පැවැති සීඝ‍්‍රගාමී පරවි පණිවුඩ ගෙනයාමේ සේවාව පුදුම සහගත ආකාරයේ වාර්තාගත සේවාවකි.

අදද නවීන පන්නයේ සුඛෝපභෝගී බස් රථයකින් කොළඹ යන්නේනම් අවම වශයෙන් පැය තුනක හෝ කාලයක් ගතවේ. නවීන පුද්ගලික මෝටර් රථයකින් අධි වේගයෙන් ගියහොත් ඒ කාලය පැය දෙකහමාරක් පමණ දක්වා අඩුකැර ගැනීමේ හැකියාව ඇත. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිවූ පසු ගාල්ල සහ කොළඹ අතර යාමට ගතවන කාලය පැය එකහමාරක් දක්වා අඩුවන බව පැවැසේ. එහෙත් අතීත සටහන් අනුව පෙනී යන්නේ මේ පරවියෝ විනාඩි 45 ක කාලයකදී ගාල්ලේ සිට කොළඹට ගිය බවයි. එය සැබැවින්ම විශ්වාස කළ නොහැකි ආකාරයේ විශ්මය ජනක වේගයකි.

1938 ජනවාරි 01 දා ඉලස්ටේ‍්‍රටඞ් ලන්ඩන් නිවුස් පුවත් පතේ මේ පරවි සේවාව පිළිබඳ දීර්ඝ විස්තරයක් තිබේ. එහි දැක්වෙන්නේ මේ සේවාවේ යෙදුණු පරවියෝ කරන ලද මෙහෙවර අතිශයින්ම විශ්වාස කළ නොහැකි තරම් විශ්මයජනක බවයි.

ඉන්කර්වරුන්ගේ යුද්ධය පිළිබඳ තොරතුරු පිහාටු පෑනකින් ලියා හකුලන ලද කඩදාසියක් තම පාද වල එල්ලාගත් පරවියකු ගාල්ලේ සිට කොළඹ දක්වා සැතපුම් 72 ක කාලය විනාඩි හතලිස් පහකින් පියෑඹීය යන කතාව ඇදහිය නොහැකි වුවත් එය සත්‍යයක් බව එම පුවත් පත පෙන්වා දෙයි. මේ සඳහා පරවියෝ පැයට සැතපුම් අනූහයක විස්මිත වේගයකින් ඉගිලගොස් තිබේ. මේ සඳහා ඔවුන්ට වෙරළ ආසන්නයේ යහපත් කාලගුණය අවශ්‍ය විය. බොහෝ වාර ගණනක් ගමනෙහි යෙදීමෙන් ලත් පළපුරුද්දට වඩා ඔවුන්ට උපකාරී වූයේ කොළඹ පිහිටි සිලෝන් ඔබ්සවර් පුවත්පත් කාර්යාලයේ පරවි කූඩුවේ සිටින තම පෙම්වතිය දැකබලා ගැනීමේ දැඩි ආශාවයි. එබැවින් මුදා හළ වහාම ඔවුන් හැකි ඉක්මණින් කොළඹට පියඹන්නට ඇත.

ඉලස්ටේ‍්‍රටඞ් ලන්ඩන් නිවුස් පුවත් පතට අනුව ලියමු රැුගෙන යෑමට පුරුදුව සිටින පරෙවියකු පියාඹන උපරිම වේගය පැයට සැතපුම් හතළිස් පහකි. බියපත් වූ විට පරවියකු පැයට සැතපුම් පනස් පහක වේගයක් ගන්නා බවත් සුළගේ උපකාරය ලැබුණහොත් එය පැයට සැතපුම් හැටක් දක්වා වැඩිකරගත හැකි බවත් විද්‍යාත්මක දත්ත සහිතව එම පුවත් පතේ විස්තර කර ඇත.

වැහි ලිහිණියා පැයට සැතපුම් එකසිය හයක වේගයක් ද රාජලියකු සතුරකු ලූහුබදින විට පැයට සැතපුම් එකසිය විස්සක වේගයක් ද වර්තා කැර ඇත. ලොව වේගවත්ම පක්ෂියා ලෙස වාර්තා තබා ඇති දඩයම් උකුස්සාගේ වේගය පැයට සැතපුම් එකසිය අසූවකි.

මේ අනුව සිලෝන් ඔබ්සවර් පුවත්පතේ පරවි සේවාව සුවිශේෂී ධාවන වාර්තාවක් තබා ඇත.

අද පරවි ¥පත හිස්ව ගොසිනි. මේ ¥පතේ පරවි කූඩුවක් ¥පතක්ද දක්නට නැත. ගල් තලාවක් ඉතුරුවන තරමටම මුහුදට බිලිවූ පරවි ¥පත නිසොල්මන්ය. මොහොතක් අපට පෙනී නොපෙනී ගිය පරවි යුවලද නැවත එන බවක් දක්නට නැත. ලෝක උරුම නගරයේ තවත් සැගවුණු මතකයක් බවට මේ පරවි සේවාව පත්වෙමින් තිබේ.

No comments:

Post a Comment