Friday, March 2, 2012

අල මහත්තයා










ගාල්ලේ හපුගල ගුණතිලක වලව්වේ උපන් ඔහු කෑගල්ලේ පදිංචියට ගියේ වාගොල්ල කෘෂි අභ්‍යාස විද්‍යාලයේ කළමණාකරු ලෙස සේවයේ යෙදී සිටියදී දුල්ලෑව වලව්වේ කුමාරි විශාකා මෙනවිය හා ඇතිකැරගත් පේ‍්‍රම සම්බන්ධය විවාහයක් බටව පත්කැර ගැනීමෙනි.
කෑගල්ලේ පදිංචි ව කෑගල්ලේදීම මෙළොව හැරගිය මේ ගාලූ පුත‍්‍රයා රට පුරා ප‍්‍රසිද්ධියට පත්වූයේ අල මහත්තයා නමිනි. ඒ නෝර්මන් අබේවික‍්‍රම ගුණතිලක මහතාය. 1985 දෙසැම්බර් මස 05 දා 63 වැනි වියේදී මෙළොව හැරගිය අල මහත්තයාගේ පවුලේ දරුවන් හය දෙනෙකි. අජන්තා, අනෝමා, ශ්‍යාමා, සරත්, සේපාලිකා, මනෝජ් නම් වූ මේ දරුවන්ගෙන් අනෝමා නව යොවුන් වියේදී මෙළොව හැරදා ගියාය. වැඩිමහල් පුතු සරත් ගුණතිලක මහා යළි සිය පියාගේ ගම් ප‍්‍රදේශයට පැමිණ විවාහ වී ගාල්ලේ පදිංචිව සිටියි.
‘‘ අපේ තාත්තා ලංකාවේ අල වගාව ව්‍යාප්ත කරද්දී පාලකයන් පවා කකුලෙන් ඇද්දා. ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වවනවාට කැමති වුනේ නැහැ. නමුත් තාත්තා පුදුම කැපකිරීමක් කළා. තාත්තා හැමදාම කිව්වේ ලංකාවේ අල වවලා පිටරට පවා යැවිය හැකියි කියලා. නමුත් තවමත් අපි පිටරටින් අර්තාපල් ගෙන්වනවා. මේ ගැන දැන්වත් අවධානය යොමු කරනවානම් ලංකාවට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අල වගාවෙන්ම ලබාගත හැකියි. ’’
සරත් ගුණතිලක මහතා සිය පියාගේ දර්ශනය ඉතා කෙටියෙන් විස්තර කළේ ඒ ආකාරයෙනි.
1923 දී ගාල්ල හපුගල ගුණතිලක වලව්වේදී ෆ්රැුන්ලි හර්බට් අබේවික‍්‍රම ගුණතිලක මහතාට දාව තේගවතී ඔබේසේකර මහත්මියගේ කුසින් මෙළොව එලිය දුටු නෝමන් පවුලේ වැඩිමහ`එ දරුවා වූවේය. ගාල්ල ශාන්ත ඇලූවීෂියස් විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයා සහ බොක්සින් භාර ආචාර්ය වරයා වූ සිය පියාගේ අතේ එල්ලී අකුරු කරන්නට ඇලූවීෂියස් විද්‍යාලයට ගිය නෝමන් උසස් පෙළ ඉමළින් සමත්වී කුණ්ඩසාලේ පිහිටි ශී‍්‍ර ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා යොමුවීම ජාතියේ වාසනාවක් විය.
කෘෂි කර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි විභාගය ඉහළින්ම සමත්වූ නෝමන් ගුණතිලක මහතා කෘෂිකර්ම උපදේශකවරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහුගේ දස්කම් හේතුවෙන්ම ටික කලක් යද්දී ඉල්ලූම් නොකළ විදෙස් ශිෂ්‍යත්වයක් ඔහු සොයා පැමිණියේය.
නෝමන් මහතා මිය යාමට පැය කිහිපයකට පෙර ඔහුගේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡුාවක් පටිගත කොට තිබේ. එම හ`ඩ පටයේ ඔහු මෙසේ පවසයි.
‘‘ මට පිටරටින් ආරාධනාවක් ලැබුණා. ඒ රටට ඇවිත් වැඩිදුර පුහුණු වෙන්න කියලා. නමුත් මේ කාලයේ මම ලංකාවේ කෘෂිකර්මාන්තයේ පාරම්පරික දැනුම ගැන විශාල වශයෙන් සොයාබලා තිබුණා. ඒ නිසා මම දැනගෙන සිටියා ලෝකයේ කිසිම රටක නැති කෘෂිකාර්මික දැනුම් සම්භාරයක් අපේ පාරම්පරික වගාකරුවන් සතුව තිබෙන බව. ඒ නිසා මට විදෙස් පුහුණුවක් අවශ්‍ය නැහැ. ඕන වුනේ අපේ දැනුම වඩාත් සංවිධානාත්මකව ප‍්‍රයෝජනයට ගන්න. අනික තමයි බහුජාතික සමාගම් ලෝකයේ කෘෂිකර්මාන්තය ආක‍්‍රමණය කරමින් තිබුණේ ඔවුන්ට අපිව දැලේ දාගන්න වුවමනා වුනා. මට හිතුනා පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන්නේ ඔවුන්ට යටත් වීමක්. ඒ නිසා මම ඒ අවස්ථාව ප‍්‍රතික්ෂේප කළා. ’’
විදෙස් සංචාරය ප‍්‍රතික්ෂේප කළ ඔහුට වාගල්ල කෘෂි අභ්‍යාස විද්‍යාලයේ කළමණාකරු ලෙස පත්වීමක් ලැබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ සේවය සඳහා කෑගල්ලට ගිය නෝමන් තම පවුලේ ඥාතීත්වයක් ඇති දුල්ලෑව වලව්වේ නතර වූවේය. එම වලව්වේ දියණය වූ කුමාරි විශාකා සහ නෝමන් පෙම්වතුන් බවට පත්වූයේ නිරායාසයෙනි. දෙමාපිය ආශිර්වාදය මැද විවාහ වූ මේ දෙදෙනා කෑගල්ලේ බින්න බැස්සේය. නෝමන්ගේ ගම කෑගල්ල වූයේ ඒ ආකාරයෙනි.
‘‘ අපේ පවුලේ අක්කල තුන්දෙනයි, මමයි නංගයි මල්ලියි. අපි කෑගල්ලේ මිනිස්සු හැටියට තමයි ජීවත් වුනේ. ඉගෙන ගත්තේ එහේ නමුත් එක අක්කා කෙනෙක් මියගියා. තාත්තා ගාල්ලට පුදුම ආදරයක් දැක්වුවා. ඉඩ ලැබුණු හැම තිස්සෙම අපි ගාලූ එනවා. තාත්තාගේ පාසල ගැන එයා බොහොම ආඩම්බරයෙන් මෙනෙහි කරනවා. තාත්තා එක්ක එකට ඉගෙන ගත්තු මහාචාර්ය සිරිල් පොන්නම් පෙරුම, මහාචාර්ය එච්.ඞී.සුමනසේකර වගේ අය නිතර ඇසුරු කළා. ’’ කෑගල්ලේ ඉපදී ගාල්ලෙන් විවාහ වූ සරත් ගුණතිලක සිය පියාගේ උරුමය ගැන එසේ කීවේය.
කෘෂිකර්ම අමාත්‍යවරයාව සිට අගමැති බවට පත්වූ ඩඞ්ලි සේනානායක මහතා මෙරට විවිධ බෝග වගාවන් ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන්නට විය. ඒ සඳහා නෝමන් ගුණතිලක මහතා තෝරාගැණුනි. රතු ලූනු, බොම්බයි ලූනු, සුදු ලූනු, මයිසූර් පරිප්පු, පයිරිත‍්‍රම් මල් සහ අර්තාපල් වගා කිරීම ආරම්භ කැරුණි.
මේ අතරින් නෝමන් මහතා වඩාත් කැමැත්තක් දැක්වූයේ අර්තාපල් වගාවටය. හුන්නස්ගිරිය ප‍්‍රදේශයේ සිංහල අල නමින් හඳුන්වන කුඩා අර්තාපල් විශේෂයක් වගා කරන බව නෝමන් දැන සිටියේය. නමුත් විදෙස් උපදේශකයන්ගේ මතය වූයේ ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වැවිය නොහැකි බවයි.
ලංකාවේ ගොවි මහතුන් ඒ වනවිටත් සිංහල අර්තාපල් වගා කරන අතරම පිටරටින් ගෙනෙන අර්තාපල් අල කිහිපයක් ද වවා තිබෙනු නෝමන් දැක තිබුණේය. තම රටේ ගොවියන්ගේ දැනුම ගැන විශ්වාසය තැබූ නෝමන් විදෙස් උපදේශකයන් කොතෙක් කීව ද ලංකාවේ අර්තාපල් වවා පිටරට යැවීමට පවා හැකියාව ඇති බව දිගින් දිගටම කීවේය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ද කටයුතු කළේ මෙරට අර්තාපල් වැවිය නොහැකියැයි යන මතයේ සිටිමිනි.
එහෙත් අග‍්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා නෝමන්ගේ මතයට ඉඩ දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ අර්තාපල් වගාව ශී‍්‍ර ලංකාවේ ආරම්භ කිරීමයි. 1966 වර්ෂයේ ටොන් 68,000 ක් මෙරටට ආනයනය කැර තිබිණි. එකළ එහි වටිනාකම රුපියල් ලක්ෂ 280 කි. එදා විරුද්ධ පක්ෂයේ සිටි ඒ.සී.එස් හමීඞ් මහතා ද අල වගාව ප‍්‍රචලිත කිරීමට නෝමන් උනන්දු කළ බව මියයාමට සු`එ මොහොතකට පෙර නෝමන් කෘතවේදීව සිහිපත් කැර තිබේ.
ඔහු මෙසේ පවසා තිබේ.
‘‘ පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක්ම මේ අල වගාව ප‍්‍රචලිත කිරීමට සහයෝගය දුන්නා. අපි ඒ ආශිර්වාදය ඇතිව අල වගාවට කැමති සටන්කාමී ගොවි ජනතාව එකතු කරලා සමිතියක් හදලා ඒ මගින් රජයට ලිපි යැව්වා. මට රජයේ සේවකයකු ලෙස කිව නොහැකි දේ ඒ සංවිධානය මගින් කිව්වා. අවසානයේ විදෙස් විශේෂඳයන් කීවේ ලංකාවේ අර්තාපල් වැව්වොත් ඒ අර්තාපල් හීනි වා කියා. ඒ වගේම අඩි 6000 ට වඩා අඩු උසකින් යුතු ප‍්‍රදේශවල අර්තාපල් වැවිය නොහැකි බව ද මේ අය කිව්වා. නමුත් යාපනයේ පවා අර්තාපල් වවන්න පු`එවන් බව මම පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට පෙන්වූවා. අපි දඹුල්ලේ අර්තාපල් සාර්ථකව වැව්වා. මෙය ඩඞ්ලි සේනානායක අගමැති තුමා දැක්කා. අපේ ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් කිව්වා දඹුල්ලේ බතල වවලා අර්තාපල් කියා කියනවායැයි කියා. අවසානයේ ඒ අර්තාපල් පරීක්ෂණ වලට පවා යවන්න සිදුවුනා. ’’
අර්තාපල් වැවීමට විදින්නට වූ දුෂ්කරතා නෝමන් මහතා විස්තර කැර ඇත්තේ ඒ ආකාරයෙනි. ඔහු පවසන්නේ අර්තාපල් වැවීමට සැළසුම් කරද්දී තමන්ට වඩා ඉහළ තනතුරු හෙබවූ බොහෝ දෙනකුට විදෙස් සංචාර ලැබුණු බවයි. ඔවුන් විදෙස් රටවල අතකො`එ බවට පත්වී අර්තාපල් වවනවාට විරුද්ධ වූ බව ද හෙතෙම සිය ජීවිතයේ අවසන් මොහොතේ සිහිපත් කැර තිබේ.
මේ විරෝධතා මධ්‍යයේ අර්තාපල් වැවීමට නෝමන් ගුණතිලක මහතාට අවසර ලැබිණි. වැලිමඩ මන්තී‍්‍ර කේ.එන්.බී.රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ වැලිමඩ ප‍්‍රදේශයේ අර්තාපල් වැවීමට ඉඩදිය යුතු බවයි. කෘෂිකර්ම අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ නෝර්මන් මහතා විශ‍්‍රාම යැවීමට නිර්දේශ කිරීමයි. නමුත් අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ෆීලිකස් ඩයස් බණ්ඩාරනායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය භාර දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ වැලිමඩ අර්තාපල් වැවීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමයි.
1952 දී අල වවන්නට ඩඞ්ලි සේනානායක කරන ලද සැළසුම කි‍්‍රයාවට නංවන්නට හැකිවූයේ 1963 ජූලි මාසයේදීය. 1965 ඩඞ්ලි යළි බලයට පත්වන විට වැලිමඩ අක්කර 1000 ක් වවා තිබිණි. නෝමන් කැඳවූ අගමැති ඩඞ්ලි වැලිමඩ ගොස් අල වගාව නිරීක්ෂණය කොට එය ලංකාවේම ව්‍යාප්ත කළ යුතු වගාවක් බව කියා සිටියේය. ඒ අනුව ඔහු කීවේ 1967 මැයි පළමුවැනිදා සිට පිටරටින් අර්තාපල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා මෙරට වගා කිරීම ආරම්භ කරන බවයි.
‘‘ එදා තාත්තාට පුදුම විදියට බලපෑම් ආවා. අල වගාව ආරම්භ කිරීම නවතා දැමීමට බොහෝ කුමන්ත‍්‍රණ සිදුවී තිබුණා. පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ විශේෂඥයකු ලෙස සේවය කරමින් සිටි තාත්තා කිව්වේ කුඹුරු අක්කර එක්ලක්ස විසිපන්දහසකට වැය කරන වතුරෙන් අල වැව්වොත් මු`එ ලෝකයටම අවශ්‍ය අර්තාපල් ලංකාවෙන් ලබාදිය හැකි බව. නමුත් නිලධාරීන් මේවා පිළිගන්න කැමැතිවුනේ නැහැ. ’’ සරත් මහතා එසේ පවසයි.
අල වගාව ඇති කිරීමට නෝමන් ගුණතිලක මහතා ගත් අප‍්‍රතිහත ධෛර්යය හේතුවෙන්ම ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වගාව ආරම්බ කැරුණි.
පුත්තලම,මන්නාරම, වනාතවිල්ලූව පමණක් නොව තනිකර වැලි සහිත කල්පිටියේ පවා අර්තාපල් වගාකොට සාර්ථක ප‍්‍රතිඵල අත්කැර ගැනීමට නෝර්මන් ගුණතිලක හෙවත් අල මහත්තයා සමත්වූවේය.
නමුත් ඔහු මියයන්නට සු`එ මොහොතකට පෙර කියා සිටියේ ද අල වගාව ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි. නමුත් ශී‍්‍ර ලංකාවේ සැළසුම් කි‍්‍රයාත්මක කරන්නන්ට ඒ ගැන උනන්දුවක් නැත.
‘‘ මගේ තාත්තා මිය යන මොහොතේ පවා කිවේ අල වගාවෙන් ලංකාව ස්වයංපෝෂිත කරන්න පු`එවන් කියා. එයා කරපු පර්යේෂණ අනුව ලංකාවේ සිය`එම ප‍්‍රදේශවල අර්තාපල් වවලා අත්හදා බලා තිබුණා. තාත්තා මියගියාට පස්සේ මමත් පත්වූ සිය`එම රජයන්ට මේ ගැන අවධාරණය කරමින් සැළසුම් ඉදිරිපත් කළා. නමුත් තවමත් මේ අර්තාපල් වගාව ලංකාවේ ප‍්‍රචලිත කළ හැකි තරම් ව්‍යාප්ත කරලා නැහැ. කුඹුරු අක්කර 1000 ට ගන්නා ජලයෙන් අර්තාපල් අක්කර 7000 ක් වැවිය හැකියි. ’’
අල මහත්තයා සිය වැඩිමහල් පුතු සරත් මහතා ද තම වගාකටයුතු සමග සම්බන්ධ කැර ගත්තේය. සුදු ලූනු වගාව ලංකාවේ ප‍්‍රචලිත කරද්දී එහි කි‍්‍රයාකාරිකයකු වූ සරත් මහතාට තම පියාගෙන් උරුම වූ දැනුම සහ ඔහු අධ්‍යයනයෙන් ලබාගත් දැනුම් සම්භාරයක් තිබේ.
1983 දී විශ‍්‍රාම ගිය අල මහත්තයාගේ සේවය තවදුරටත් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අවශ්‍ය බව තේරුම්ගත් එවකට පැවති රජය ඔහුගේ සේවය දීර්ඝ කළේය නමුත් රෝගීව එක්තැන් වූ අල මහත්තයාට වැඩි කළක් සිය දැනුම හා සේවය මෙරටට ලබාදීමේ අවස්ථාව උදාවූවේ නැත.
ඔහුගේ මරණයෙන් වසර හතක් ගතවෙද්දී අර්තාපල් වගාවට වටපණු රෝගයක් වැළදිණි. ඒ ගැන පර්යේෂණ කළ විශේෂඥයෝ පැවසුවේ ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වැවීම වසර 15 ට නතර කළ යුතු බවයි. නමුත් සිය පියාගේ දැනුමින් සන්නද්ධව සිටි සරත් ගුණතිලක මහතා වහාම ඉදිරිපත්වූවේය. තමන්ට මේ වටපණු රෝගය මර්ධනය කළ හැකි බවත් ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. අවසානයේ සරත් මහතා ජයගත්තේය. අලමහත්තයාගේ පුතා සිය පියාගෙන් පසු අල වගාව බේරාගත්තේ වටපණු රෝගය සාර්ථකව මර්ධනය කරමිනි. නමුත් ඔහු රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයෙක් නොවේ.
කාබනික පාරිසරික හා ග‍්‍රාමීය ගොවිතැන් ක‍්‍රම පදනමේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සරත් ගුණතිලක මහතා මෙසේ පවසයි.
‘‘ තාත්තා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ පර්යේෂණ රැුසක් සිදුකළා. මේවායින් බොහෝ ප‍්‍රයෝජන ගත හැකියි. නමුත් ඒ ගැන දැනටත් තිබෙන අවධානය ප‍්‍රමාණවත් නැහැ කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම පයිරිත‍්‍රම් කියන පලෑටිය වගා කිරීමේන එය කෘමි නාශකයක් ලෙස භාවිතා කළ හැකිය. ශී‍්‍ර ලංකාවට ගෙන්වන මදුරු ද`ගර වෙනුවට මෙය විකල්පයක් ලෙස ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය. නමුත් මම දන්නේ නැහැ තවමත් මේ ගැන රජය උනන්දු වන්නේ නැත්තේ ඇයි කියා. අපිට අවශ්‍ය දැනුම ලබාදිය හැකිය කි‍්‍රයාත්මක කිරීම පාලකයන් සතු දෙයක් ’’
නෝමන් ගුණතිලක හෙවත් අල මහත්තයා ඉපදුණු නිවස දැන් බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. ඒ නිවස නවීකරණය වී ඇත්තාක් සේම ලෝකයේ වගාක‍්‍රම බොහොමයක් නවීකරණය වී තිබේ. එදා 50 දශකයේ සිට අනාගතය දුටු අල මහත්තයා ඉදිරිපත් කළ නවීන වගාක‍්‍රම යටතේ අර්තාපල් වගාව මේ රට පුරා ව්‍යාප්ත කිරීමේ අවස්ථාව තවමත් ඉතුරුව ඇත. අවශ්‍ය වන්නේ විදෙස් රටවලට සහ බහුජාතික සමාගම් වලට යටත් නොවී අලමහත්තයා වැනි දේශීය දැනුමෙන් හා නවීන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වූ සැබෑ ගොවි මහතුන් පෙන්වාදුන් මාර්ගය ඔස්සේ ගමන් කිරීමයි.

Wednesday, January 18, 2012

සිරිලක වටිනාම ලේඛණය










‘‘ පාසල අරිලා මම ගෙදර ආවේ වෙල් නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුටටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා. මම යනකොට ගෙදර මිනිස්සු පිරිලා. අප්පුච්චා මොකද්දෝ තහඩුවක් වගේ එකක් සුද්ද කරනවා. මම දුවගෙනම අප්පුච්චා ල`ගට ගියා. මේං බොලා මම කුඹුරෙන් අරගෙන ආවේ. බලපං කියලා මගේ අතට දුන්නා. ඒක මොකක්ද කියලා මටනම් තේරුණේ නෑ ’’
එදා එකොළොස්වැනි වියෙහි පසුවූ සුරවීරගේ අර්නෝලිස් මහතා අද 74 වැනි වියෙහි පසුවෙයි. අමුඩ ලේන්සුවකින් සැරසී කුඹුරට යාමට සූදානම්ව සිටින ඔහු මෙතෙක් ශී‍්‍ර ලංකාවේ හමුවූ අති විශිෂ්ඨතම ඓතිහාසික ලේඛණය පිළිබඳ තම මතකය අවධි කළේ ඒ ආකාරයෙනි.
ඒ පනාකඩුව තඹ සන්නසයි. 1948 පෙබරවාරි මාසයේ දිනක මොරවක් කෝරළයේ පනාකඩුව නම් දුෂ්කර ගම්මානයේ බෝගහදෙණිය නම් තම කුඹුර කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නම් ගොවි මහතාට මේ වටිනා තඹ සන්නස හමුවී තිබේ.
‘‘ අපේ බෝගහකුඹුර ඉඩම කොටමින් ඉන්නකොට අප්පුච්චාගේ උදැල්ල තද දෙයක වැදිලා. ඒක ගලක් වගේ නොදැනුණු නිසා විපරම් කරලා බලනකොට තමයි මේ තහඩු තුනක් හමුවෙලා තියෙන්නේ. ඒක ගෙදර අරගෙන ආවේ වටිනා දෙයක් වෙන්න ඇති කියලා හිතාගෙන. ගමේ හැමෝටම මේ ආරංචිය පැතිරිලා ගිහින් තිබුණා. මේ නිධානය බලන්න කට්ටිය ගෙදරට එන්න පටන්ගත්තා. අප්පුච්චා ගොරක දාලා තම්බලා ඒකේ තිබුණු මළකඩ ඉවත් කළා. එතකොට හැමෝම කිව්වේ මේක තඹ තහඩු තුනක් කියලා. ’’
ඔහු පවසන්නේ ගමේ උගතා වූ කොප්පර කොටුවේ වෙදමහතා ද තවත් පිරිසක් සමග පැමිණ මේ තඹ තහඩු නිරීක්ෂණය කළ බවයි.
‘‘ ඒ තහඩුවල මොනවාද අකුරු වගයක් තිබුණා. ඒත් අපි කාටවත් ඒවා කියන්න බැහැ. සමහර අකුරුනම් කියවන්න පුළුවන් වගේ පේනවා. හැමෝගෙම අදහස වුනේ මේකෙ මන්තර කොටල තියෙනවා කියා. අප්පුච්චාට ඕන වුනා මේකෙ රත්තරං තියෙනවාද කියා බලාගන්න. ඒ නිසා දවසක් මේකේ එක මුල්ලකින් පොඩි කෑල්ලක් කපාගෙන මාත් එක්ක අකුරැුස්සට ගියා. අකුරැුස්සේ රත්තරං වැඩ කරන තැනකට ඒ පොඩි කෑල්ල දුන්නම ඒ අය මොකක්දෝ දියරයකට දාලා කිව්වා මේකේ රත්තරං නැහැ තනිකරම තඹ තියෙන්නේ කියලා. අප්පුච්චාගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා තමයි අපි දෙන්නා ගෙදර ආවේ. එදා ගෙදර ඇවිත් අප්පුච්ච මේ තහඩු තුන කොට්ට උරේක ඔතලා වී මල්ලක් ඇතුලේ දාල තිබුණා. ’’
අර්නොලිස් මහතා පවසන්නේ ඇතැම් අය පැමිණ තඹ තහඩු තුන පිහියක් හදන්නට දෙන්නයැයි ඉල්ලා සිටි බවයි. වරක් ගමේ වෙද මහත්තයාට කථා කළ තාත්තා තඹ කෑලි තුන අරගෙන වී මල්ලක් දෙන ලෙස ඉල්ලා තිබේ.
‘‘ උඹලෑට ඕන්නං වී මල්ලක් අර පල. මට ඔය තහඩු කෑලි වලින් වැඩක් නෑ බොලං ’’ යනුවෙනි.
තඹ තහඩු කෑලි තුනට කිසිදු වටිනාකමක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි වෙද්දී වරක් හීනෙන් පැමිණි අයෙක් කරෝලිස් අප්පුහාමිට පවසා ඇත්තේ මේක ඉතාමත් වටිනා දෙයක් ඒ නිසා ල`ග තියා ගන්න එපා යනුවෙනි.
එහෙත් එයට කරන්නට දෙයක් වූයේ නැත. ටික දිනක් යද්දී තම අප්පුච්චා රෝගාතුර වූ බවත් එක දිගට කරදර තම පවුලේ උදවිය සොයා ආ බවත් අර්නෝලිස් අදටත් සිහිපත් කරන්නේ බිය මුසු හැගීමකිනි. තඹ තහඩු තුන ලැබී මාස පහක් යද්දී පියාගේ තට්ටම් ප‍්‍රදේශයේ ගෙඩියක් හටගෙන එකතැනට වී දුක්විදින්නට වූ බව ද මේ සියල්ල ආගන්තුක තඹ තහඩු හේතුවෙන් ඇති වූ බව සියල්ලන්ගේම අදහස වූ බව ද ඔහු පවසයි. මේ නිසාම අපල ගෙන දෙන තහඩු තුන නිවසෙන් ඉවත්කළ යුතුයැයි ඔවුන් තීරණය කැර තිබේ.
‘‘ අප්පුච්චාගේ මස්සිනා තමයි බෙංගමුව පන්සලේ නායක හාමුදුරුවෝ. බෙංගමුව චේතියකන්දරාරාමයේ විහාරාධිපති පූජ්‍ය මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට මේ තහඩු තුන දුන්නා. ටික කාලයකට පස්සේ මේ තහඩු තුන බලන්න ආපු ඌරාපොළ ශී‍්‍ර රතනජොති පිරිවෙනේ කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ තඹ තහඩු තුන අරගෙන ගිහින්. ටික දවසකින් මෙන්න බොලේ පොලීසියේ කට්ටියකුත් එක්ක මහත්වරු වගයක් අපේ ගෙදරට ආවා. අපි හොඳටම භය වුනා. වෙන්නේ මොකක්ද කියලා බලන්න අපේ ගමේ කට්ටියත් දුවගෙන ආවා. ’’
පුරාවිiා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා (පසුව මහාචාර් සෙනරත් පරණවිතාන* මහතා ඇතුළු පිරිසක් මේ තඹ තහඩු තුන ද රැුගෙන පැමිණ සිටියහ. නිවසට පැමිණ තම අප්පුච්චා සමග කතා බහේ යෙදුණු ඔවුන් තඹ තහඩු තුන ඉතා වටිනා තඹ සන්නසක් බව කියාසිටි ආකාරය අර්නෝලිස්ට තවමත් මතක තිබේ. එය ඉතා වටිනා තඹ සන්නසක් බවත් මහා විජයබාහු රජ්ජුරුවන් කුඩා කල රුහුණේදී හදාවඩාගත් සෙනෙවියකුට තෑගි බෝග දුන් ආකාරය මෙම සන්නසේ සඳහන් වන බවත් සෙනරත් පරණවිතාන මහතා කියා තිබේ.
ඒ කට්ටිය අපේ අප්පුච්චත් එක්ක තඹ සන්නස ලැබුණු කුඹුරට ගියා. ගොඩක් අය ඇවිත් හිටියා. ගමේ කථා තව ගල්කණු එහෙම තියෙනවද ගරා වැටුණු ගොඩනැගිලි තියෙනවද කියලත් ඇහුවා. වෙලේ හැමතැනම පරීක්ෂා කළා. පරණවිතාන මහත්තයා ගස් හෙවණකින් වාඩිවෙලා තඹ තහඩුව අතට අරගෙන හරියට දැන් පොතක් කියවනවා වගේ ඒකේ තියන දේවල් කියවාගෙන කියවාගෙන ගියා. ඒ කියන ගමන් අප්පුච්චාට ඒකේ තේරුම කියා දුන්නා.
‘‘ මට මතකයි එතුමා කිව්වා මේක සිංහල ඉතිහාසය වෙනස් කරන සොයා ගැනීමක් කියලා. පොළොන්නරුවේ රජකරපු වෙන රජකෙනෙක් කියලා තිබුණලූ එයා තමයි ඉස්සෙල්ලාම තඹ සන්නස් ලියන්න පටන්ගත්තේ කියලා. නමුත් මේ සන්නස ඊට ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ලියපු එකක් කියලා පරණවිතාන මහත්තයා කිව්වා. පස්සෙ කාලෙක මම දරුවන්ගෙන් දැන ගත්තා මුලින්ම තඹ සන්නස් ලිව්වා කියා කියල තියෙන්නේ නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ කියලා ’’
පළමු විජයබාහු රජු විසින් කරන ලදැයි සැලැකෙන රාජකීය ප‍්‍රදානයන් ඇතුළත් මේ තඹ සන්නස පනාකඩුවෙන් සොයාගත් බැවින් අද එය හැඳින්වෙන්නේ පනාකඩුව තඹ සන්නස යනුවෙනි. මෙය තඹ තහඩු තුනක ලියා ඇති අතර ඉන් එකක දිග අඩි එකයි අගල් දෙකහමාරකි. පළල අ`ගල් තුනක් හා සාමාන්‍ය ඝනකම අ`ගලකින් අටෙන් එකක් වේ. මේ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරැුතිය. මෙහි පත්ඉරු තුනක් තිබේ. එක් ඉරුවක පේළි හත බැගින් ලියූ අකුරු පේලි විසි අටකි. සාමාන්‍ය අකුරක් සෙන්ටිමීටර 1.2 ක් උසැති අතර පළල මිලිමීටර නමයක් බව එපිග‍්‍රැෆියා සිලනිකා නම් ස`ගරාවේ පස්වැනි වෙළුමේ පළමු කාණ්ඩයේ දැක්වේ.
මුල් තඹ ඉරුවෙහි ඇතුල්පැත්තේත් මැද ඉරුවෙහි දෙපැත්තේමත් අවසන් ඉරුවේ ඇතුල් පැත්තේත් පමණක සටහන් තබා තිබේ. එහි එක්පැත්තකින් බැඳ තිබූ බවට අනුමාන කළ හැකි සිදුරු දෙකක් ද දක්නට ඇත.
අනුරාධපුරයේ රජ කළ හතරවැනි මිහිදු රජුගේ පුත් පස්වැනි සේන රජුගේ පුත‍්‍ර රත්නය කාශ්‍යප බව ද කාශ්‍යප රජුගේ පුතු මොග්ගල්ලාන බව ද උලකුඩය දේවියගේ ගැන සඳහන් සෙල්ලිපියකින් තහවුරු වී ඇත. මොග්ගල්ලාන ලෝක ශාසන විෂයෙහි පණ්ඩිතයකු බවට පත්ව රෝහණ දේශය පාලනය කරමින් විසුවේය. ඔහුගේ බිසව වූයේ දාඨෝපතිස්ස රජුගේ පරපුරේ උපන් බෝධි නම් රජකුමරකුට දාව එම වංශයෙහිම බුද්ධා නම් කුමරිය ලෝකිතා නම් කුමරියක වැදුවාය. මොග්ගල්ලානගේ බිසව වූයේ ලෝකිතා කුමරියයි. මේ යුවලට කිත්ති, මහින්ද, රක්ඛිත සහ මිත‍්‍රා නම් දරු සිවුදෙනකු වූහ.
තෙලෙස් වැනි වියට පත් කිත්ති කුමාරයා ධනු ශිල්පයෙහි අති දක්ෂයෙක් වූවේය. හෙතෙම බුද්ධරාජ හෙවත් බුදල්නා නැමැති සෙනෙවියකුගේ රැුකවරණය යටතේ රුහුණේ ගම්දනව්හි ජීවත් වූ බව අපගේ වංශකථා සාක්ෂි දරයි. කිත්ති කුමාරයා රුහුණේ සිට සේනාරැුස්කොට චෝලයන් සමග සටන්වැදී මහා විජයබාහු නමින් රජවූවේය.
පනාකඩුව තඹ සන්නස යනු ලක්බිම එක්සේසත් කැර සොළීන්ගෙන් මේ රට මුදවාගැනීමට කුඩා කළ පටන් තමන්ට උදව් උපකාර කළ රුහුණු සෙන්පති සිත්තරුබිම් මහළු බුදල්නාවන්ට මහා විජයබාහු රජතුමාගෙන් ලැබුණු වරදාන පිළිබඳ ලේඛණයයි.
තම කුඩා කාලයේ විඳින්නට වූ දුක් ගැහැට පිළිබඳ රජතුමාගේම වචන වලින් එහි සඳහන් කැර තිබෙන්නේ ඉතා කෙටියෙන් වුවත් බොහෝ මානුෂික හැ`ගීම් ජනිත කරවන ආකාරයෙන් බව මහාචාර්ය පරණවිතාන මහතා පවසයි. ඒ අදහස් සෘජුව සහ අවංකව සටහන් කොට තිබීමත් සිත් කා වදින වචන යොදා ගැනීමත් විශේෂත්වයකි. පරණවිතාන මහතා පවසන්නේ තම ආඥාවක් යටතේ ලියවුණු ලේඛණයකින් තමන් ගැන තමන්ම සඳහන් කරන රජකු මුල්වරට හමුවූයේ පනාකඩුව තඹ සන්නසින් බවයි.
ලංකාද්වීපය එක්සේසත් කොට විසි වසක් ඉකමවූ හෙවත් රජ පැමිණ විසි හත් වසක් ඉක්මවූ කැති සමයේ දෙවැනි වප් මස අවත සතවත් දිනයක මේ සන්නස අනුරාධපුර රාජ මාළිගාවේ දී සහෝදර වූ ආදිපාද, මහාදිපාද යුවරජ ආදී රාජ සමූහයා සහ සියලූ අමාත්‍ය මණ්ඩලය අභිමුඛයේදී මේ සන්නස මහළු බුදල්නාවන්ට පිරිනැමූ බව එම ලේඛණයේම දැක්වේ.
තඹ සන්නසේ මෙසේ දැක්වේ.
‘‘ රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැ`ගවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා’’ යනුවෙන් බුදල්නාවන් විජයබාහු රජුට කළ උපකාර මේ තඹ සන්නසෙහි සිහිපත් කොට තිබේ.
සන්නස ප‍්‍රධානය කරමින් රජු ආඥා නිකුත් කරන්නේ බුදල්නාවන්ගේ පරපුරයෙහි යම් අයකු ද`ඩුවම් කළ යුතු වරදක් කර ඇතත් වරද තීරණය කොට කරනු ලබන තර්ජනයකින් මිස ද`ඩුවමක් නොකළ යුතු බවයි. සිර ගේ දැමීම හෝ මරණ දණ්ඩනය නියමකළ යුතු වරදක් කළේ වී නමුත් තුන්වන වාරය දක්වා සමාව දිය යුතු බවයි. එමෙන්ම ඔවුන්ගේ ඉඩම් කොටස් හෝ පරවෙණි ගම් නොගැනීම ද , යම් පමණ රාජද්‍රෝහී කමක් කළත් රජුම ඔහු වෙත ගොස් බලා අභය දානය කොට රටින් පිටුවහල් කරනු මිස නිග‍්‍රහ නොකිරීමටද තම ක්ෂතී‍්‍රය පරපුර වන්නා වූ ඔකාවස් රාජ පරම්පරාව විසින් මතුවට ද සිත් තබාගත යුතු බව පවසමිනි.
කි‍්‍රස්තු වර්ෂ 1087 හෝ ඒ ආසන්න වර්ෂයකදී අනුරාධපුරයේදී ප‍්‍රධානය කළ තඹ සන්නස එකිනෙකාගේ අතට පත්වී අවසානයේ පොළොවේ ගිලී තිබී යළි අනුරාධුපරයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන අතට පත්වූයේ වර්ෂ 850 ටත් පසුවය.
එකළ තිබූ දේපොළ පිළිබඳ ආඥා පනත අනුව මේ තඹ තහඩුව සම්බන්ධයෙන් කටයුතු කිරීම තරමක් පැටලිලි සහිත දෙයක් වී තිබේ. මෙය සොයාගත් තැනැත්තා ඒ පිළිබඳ බලධාරීන්ට දන්වා තිබුණේ නැත. එය පුරාවිiා දෙපාර්තමේන්තුවට ලැබුණේ වෙනත් පාර්ශවයක් මගිනි. ඒ නිසා පරිත්‍යාග ලැබීමට අර්නෝලිස් මහතාගේ අප්පුච්චා වූ කරෝලිස් අප්පුහාමි සුදුස්සකු වූවේ නැත.
‘‘ හදිසියේම මහත්වරු වගයක් ඇවිත් අපෙ අප්පච්චීගෙන් ඇහුවා අර තඹ සන්නස ගැන දැනගත්තු අගමැති තුමා තෑග්ගක් දෙන්න තීරණය කරලා තියෙනවා ද කියා. එතකොට එයාලා ඇහුවා ඉඩම් අක්කර පනහක් දෙන්න ද නැතිනම් රුපියල් 500 ක් දෙන්න ද කියලා. මේ 1950 අවුරුද්දේ අවුරුදු මාසය වගේ තමයි මට මතක. ඉතින් අපි හැමෝම කිව්වේ අපිට රුපියල් 500 ක් දෙන්න කියලා. ඊට ටික දවසකට පස්සේ අගමැති ඞී.එස්.සේනානායක මහත්තයා ආපු වෙලාවේ අපේ තාත්තාට එතුමාගේ අතින් රුපියල් 500 ක් දුන්නා. ඒක මහා නිධානයක් ලැබුණා වගේ. බැංකුවට සල්ලි දාලා පොත තමයි ලැබුණේ. ඉදලා හිටලා අප්පුච්චා ගිහින් රුපියල් 10 ක් විතර අරගෙන ඇවිත් මාසයක් විතර අපි හොඳට කනවා බොනවා. ඒ විතරක් නෙවෙයි අපේ අයියාගේ මංගල්‍යය ජයටම ගත්තේ ඒ සල්ලි වලින්. ’’
අප්පුච්චා ජීවත් වූ නිවස දැන් දක්නට නැත. එය නවීකරණය කැර තිබේ. පනාකඩුව ගමගේ බේබි හාමි සමග විවාහ වී සිටි කරෝලිස් අප්පුහාමිට දරුවන් අටදෙනෙකි. සයිමන්. චාර්ලිස් සිඤ්ඤේරි නමැති වැඩිමහල් සොහොයුරන් තිදෙනකු ද ජිනදාස නම් බාල සහෝදරයෙක් ද අර්නෝලිස් ට සිටියේය. ඩිංගිහාමි සහ රත්නවතී නැමැති සොහොයුරන් දෙදෙනකුද දැනට නම මතකයේ නැති සොහොයුරියක ද සිටින බව අර්නෝලිස් පවසයි.
අර්නෝලිස් පවසන්නේ සන්නස නිසා මුදල් ලැබුණ ද තම පරපුර ගොවිතැන් කටයුතු අතහැර නොදැමූ බවයි.
‘‘ අපි ඕවයේ වටිනාකම දන්නේ නැහැ. ලෝකෙටම වටිනා දෙයක් කිව්වට ඕක වී මල්ලකටවත් දී ගන්න බැරිවුණු දෙයක්. ඒ කාලේ තෑග්ගක් ලැබීම ගැනනම් සන්තෝෂයි. අපි විවාහ වෙලා යන්තම් දරුමල්ලන් හදාගෙන ජීවත් වෙනවා. අපි ගැන කිසිම සෙවීමක් බැලීමක් නැහැ. එක අතකට හිතෙනවා එහෙම ඕනත් නැහැ කියලා. ’’ අප යනවිට ගොවිතැන් වැඩ නිමවා අමුඩ ලේන්සුව පිටින්ම සිටි අර්නෝලිස් අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන එසේ කීවේය.
පාසල් පෙළ පොතෙහි අටවැනි ශ්‍රේණියේ සිංහල පොතේ මේ ගැන සඳහන් වූ බැවින් පනාකඩුව තඹ සන්නසේ කථාව මුළු රටම දන්නා කරුණකි. පනාකඩුවේ තරුණ තරුණියෝද ඒ ගැන දනිති. එහෙත් තඹ සන්නස ලැබුණු ස්ථානයත් හමුවූ පවුලේ උදවිය ගැනත් දන්නේ ටික දෙනකු පමණි.
මෙරටින් හමුවූ වටිනාම ලේඛණය ලෙස තවමත් පිළිගන්නා පනාකඩුව තඹ සන්නස හමුවූ ස්ථානයේ කුඩා ස්මාරකයක් හෝ සකස් කිරීම සුදුසුයැයි අප සමග මේ ගමනට එක්වූ විශ‍්‍රාමලත් විදුහල්පති ජයතිස්ස කුමාරසිංහ මහතා කීවේය.
පනාකඩුව ගම්මානය තවමත් නූතන සංකීර්ණ ලෝකයෙන් ඈත්ව පිහිටි ගැම සුවඳ වහනය වන දුෂ්කර ගම්මානයකි. එහි ගැමියෝ බතින් බුලතින් සරු සාර තම ගමේ සෑම අස්සක් මුල්ලක් නෑර වගා කරති. රජ පරපුරක ඇත්තෝ ජයකෙහෙළි නැංවූ මේ ප‍්‍රදේශයේ පැරණි නෂ්ඨාවශේෂ දක්නට නොලැඹුන ද වෙහෙරතැන්න නමින් හැඳින්වූ තැනක් පිළිබඳවත් මාඋනාවල උමගක් ගැනත් ගැමියන් පවසන්නේ ගවේෂණය කළහොත් අතීත නටඹුන් මතුකැරගත හැකිවේයැයි සඳහන් කරමිනි.

මෙම ගම්මානයට ගිය ගමනේදී අපට සහයදුන් විශ‍්‍රාම ලැබූ විදුහල්පති වරුන්වන ජයතිස්ස කුමාරසිංහ මහතාට, සෝමසිරි ලොකුකරවිට මහතාට, මාතර බෙන්ගමුව මහා විiාලයේ ආචාර්ය නුශාන්ත ගමගේ මහතාට සහ පී.ජී.ජිනපාල මහතාට අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.

Wednesday, January 11, 2012

අමරණීය විදුහල්පති සොයුරිය





රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියට උපහාර පිණිස


මම ඉගෙන ගත්තේ ගාල්ලේ මහින්දයේය. මහින්දයේ ඉගෙනුම ලබද්දී විෂය භාහිර කි‍්‍රයාකාරකම් අති බහුතරයකට සහභාගීවීමෙන් ලද ආභාෂය නිසාදෝ පාසල් වියේදීම අසල්වැසි පාසල් සිසු සිසුවියන් සමග මෙන්ම ගුරුවර ගුරුවරියන් සමග සමීපව ඇසුරු කිරීමේ දුලබ වූ භාග්‍යය ලද්දෙමි. මේ අතරින් පුද්ගලිකවම මට සමීප වූ එක් ගුරු මාතාවක් වූවාය. ඒ ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිනි රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියයි.
ගාල්ලේ විවිධ උත්සව අවස්ථාවන්හිදී මා දකින ඇය ඒ සෑම අවස්ථාවකදීම මගේ නම කියා කථා කොට දුක සැප විමසීමට පුරුදුව සිටියාය. එමෙන්ම ඈ කෙරෙහි මා තුළ වූයේ ද අප‍්‍රමාණ ගෞරවයකි. මහින්දයේ විදුහල්පතිවරු සිව් දෙනකු යටතේ අධ්‍යාපනය හැදෑරූ මට සමීපවූ තවත් විදුහල්පතිවරයකු හෝ විදුහල්පතිනියක වූවානම් ඒ ඇයම පමණි.
ඇය විශේෂත්වයක් දැක්වූයේ මට පමණක් නොවේ පාසල් කාලයේ අපේ සමකාලීනයන් වූ රිච්මන්ඞ් විද්‍යාලයේ මධුර, බාහීර්, හේමන්ත, පි‍්‍රයන්ත ඈපා මහින්දයේ මංජුල හෙට්ටිආරච්චි, මංජුල දෙල්පචිත‍්‍ර, ඇලූවීෂියස් විද්‍යාලයේ දිමුතු ආදී බොහෝ දෙනකු ඇය නමින් ආමතන්ත‍්‍රණය කරන්නට දැන සිටියාය. එපමණක් නොව අප සියල්ලෝම පෙරලා ඇයට ආදරය ගෞරවය පුද කළහ.
මගේ ජීවිත සහකාරිය ද ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ සිසුවියක වූ බැවින් මේ බැඳීම තව තවත් තීව‍්‍ර වන්නට ඇත.
අප පාසල් දිවියට ආයුබෝවන් කියා වසර ගණනාවක් ගත වුවද මේ ලෙන්ගතු කම නොවෙනස්ව පැවතිණි. ඇයට ද අපි වෙනත් පාසලක සිසුන්යැයි හැ`ගීමක් නොතිබෙන්නට ඇත්දැයි සිතන්නට වන තරමටම ඇය අපේම ගුරු මාතාවක් වූවාය. ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිනි රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය. විටෙක අපටම මාතාවක් වූවායැයි මට සිතේ. ඇය පාසලින් සමුගත්තායැයි ඇසූ මොහොතේ මගේ සිතේ නැගුණේ මගේම පාසලේ විදුහල්පතිවරයකු විශ‍්‍රාම ලැබුවා වැනි හැ`ගීමකි.
පසු කළෙක ඇගේ සුව දුක් බලන්නට යා යුතුයැයි අප දෙදෙනා කොතෙක් සිතුව ද දිනෙන් දින එය මග හැරී ගියේ අභාග්‍යයකට විය යුතුය. මධුර ද මේ ගමනට එක්වන්නට පෙරුම් පිරුවද අපි සියල්ලෝම අවාසනාවන්තයෝ වූහ. පසුගිය වසර උදාවූයේ අප කිසිසේත්ම අසන්නට අකමැති වූ ආරංචියක් සවන වැකීමෙනි.
‘‘සිස්ටර් රොසිනා නැතිවෙලා’’
සිරංගිකාගේ හ`ඩ වෙව්ලයි. ඇය නොහ`ඩා නොසිටින්නේනම් එය පුදුමයකි. මම ද නිරුත්තර වූවෙමි. අපේ පාසල් කාලයේ සමීපතම ගුරුවරයා වූ නිමල් ගමගේ ගුරු පියාණන් මියගිය පුවත අසන්නට ලැබුණු පසු මගේ දෑසට කඳුලක් ඉණුවේ නැත. නමුත් සිස්ටර් රොසිනා වෙනුවෙන් දෑස් තෙත් වන බව මට දැනෙයි.
‘‘ මධුර............. සිස්ටර් නැතිවෙලා. ’’ මම මධුර පණිවිඩය කීවෙමි.
ඔහු දීර්ඝ නිහැ`ඩියාවකය. මේ පුවත අපි කිසිවෙකුටත් දරාගත නොහැකි දෙයකි. අපි ඇගේ විදුහලේ ඉගෙනුම නොලැබුව ද, ඇගෙන් අකුර උගනින්නට වාසනාව ලද්දෝ නොවූවද සැබැවින්ම ඇය මටත් මගේ මිතුරන් රැුසකටත් සදානුස්මරණීය ගුරු මාතාවක්ම වූවාය. ඒ නිසාම මම මේ කෙටි සටහන තැබුවෙමි.
ලංකාදීප පුවත්පත වෙනුවෙන් තැබූ මතු දැක්වෙන සටහනින් රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියගේ ගුණ සමුදාය කියා නිම කරන්නට නොහැකි වුවද මම පුංචි උත්සාහයක් ගත්තෙමි. ඒ බොහෝ සීමා මායිම් වලට කොටු වෙමිනි. එය පුවත් පතේ පල වෙද්දී තවත් සංස්කරණයන්ට බඳුන් වී තිබිණි. දැන් මේ සටහන තබා වසරක් ඉක්මගොස් තිබේ. 2011 ජනාවාරි 12 දාට හිරු උදාවෙමින් තිබියදී මම තැබූ සටහන හරියටම ඉන් වසරකට පසු සම්පූර්ණයෙන්ම යළි මගේ බ්ලොග් අඩවියේ සටහන් කරන්නේ ඇයට උපහාරයක් ලෙසිනි.

ලංකාදීප පුවත්පතට යන ලද ලිපිය
සිය පියාගේ අතින් මිදී පාසල වෙත දුව එන කුඩා දියණිය දෙස ඇය ආදරයෙන් බලා සිටියාය.
මවට වැද පාසලට එන දැරිය රැුගෙන ආ මල් පොකුර පාසලේ දොරටුව අසළට වී බලා සිටි ඒ මාතාව අත තැබුවේ සුබ උදෑසනක් වේවා යන ප‍්‍රාර්ථනය ද සමගිනි. විදුහල්පති මාතාව සුවඳැති ඒ මල් පොකුර ස්තූති පූර්වකව සෙනෙහසින් භාර ගනිද්දී ඒ දියණිය ප‍්‍රමෝදයෙන් යුතුව පාසලට ඇතුළු වූවාය. ගාල්ල ශී‍්‍ර හෘදය කන්‍යාරාමය අපූරු ඉස්කෝලයක් වූයේ ඒ ආකාරයෙනි.
මුළින්ම පාසලට එන දියණිය පැමිණීමටත් පෙර දොරටුව අසළට ගිය ඒ විදුහල්පති මාතාව දැයෙන් සමුගෙන තිබේ. පුරා වසර තිහක් තම විදුහල්පතිනියට මල් පොකුරු ගෙන ආ දියණියෝ මල් පොකුරු රැුගෙන යළිත් තම විදුහලට පැමිණෙද්දී ඒ මාතාව නිහ`ඩව වැතිර සිටින්නීය.
තොටිල්ලේ සිට සුසානය දක්වාම අධ්‍යාපනය සොයන්න යන්න ආදර්ශයක් කැර ගත් ඇය දයාවේ කන්‍යා සොයුරියක් වුවද ගාල්ල ප‍්‍රදේශයේ කිතුනුවන්ගේ පමණක් නොව බෞද්ධයන්ගේත්, හින්¥න්ගේත්, ඉස්ලාම් භක්තිකයන්ගේත් නොමද ආදරයටත් ගෞරවයටත් පාත‍්‍රවූ ආදරණීය මාතාවක් වූවාය.
ගාල්ල ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ වසර 30 ක කාලයක් විදුහල්පති ධූරය හෙබවූ රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය එහි ඉගෙනුම ලැබූ සිසු දැරියන්ටත් විදුහලේ ගුරු භවතුන්ටත් විදුහල්පතිනිය වුවද ඇය ගාල්ලේ සියළුම පාසල්හි සිසු දරු දැරියන් අතර ආදරයට පාත‍්‍ර වූ සැබෑ ගුරු මාතාවක් වූ බැවින්ම ඇයගේ මරණය අසන්නට ලැබුණු බොහෝ දෙනකු හ`ඩා වැළපුණහ. ඒ කුඩා කෙස`ග සිරුරකට හිමිකම් කියූවද ඇයගේ පෞරුෂයත් අභිමානවත් චරිත ලක්ෂණ සමුදායත් ශී‍්‍ර හෘදය කන්‍යාරාමය ඉක්මවා දසත පැතිරීයන්නක් වූ බැවිනි.
ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරුවකු වූ විල්සන් නානායක්කාර මහතාගේත් මාගරීටා පෙරේරා මහත්මියගේත් පවුලේ හත්වැනි දරුවා ලෙස 1943 සැප්තැම්බර් මස 09 වැනි දින උපතලැබූ ඇය සිය මූළික අධ්‍යාපනය ලැබීම සඳහා රත්නපුරයේ ජේසු බිළිඳුන්ගේ පාසලට ඇතුල් කිරීමට දෙමාපියෝ කටයුතු කළහ.
කන්‍යා සොයුරියන්ගේ ආදර්ශයන් ලබමින් ඉතා විනයගරුකව හා ආගමට ලැදි දිවි පෙවතකට පුරුදු පුහුණු වූ ඇය විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත්වූයේ නායකත්වය දැරීමට දැක්වූ දක්ෂතාවය හේතුවෙනි. පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී සිය පවුලේ වැඩිමහල් සොහොයුරිය වූ පොල් නානායක්කාර කන්‍යා සොයුරියක් බවට පත්වීම ඇයගේ ජීවිතය ද වෙනස් කරන්නක් වී තිබේ.
‘‘ එදා මගේ අක්කා කන්‍යා සොයුරියක් බවට පත්වූ වෙලාවේ මම අධිෂ්ඨානයක් කරගත්තා. මමත් කවදා හරි කන්‍යා සොයුරියක් වෙලා සේවය කළ යුතුයි කියලා. ’’ යනුවෙන් ඇය පසු කළෙක පවසා තිබේ.
පාසල් අධ්‍යාපනය අවසන් කළ ඇයගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක වර්ෂය වන්නේ 1965 වසරයි. ගාල්ලේ කළුවැල්ලේ පිහිටි ශී‍්‍ර හෘදය කන්‍යාරාමයට පැමිණෙන ඇය එහි දී රොසිනා නානායක්කාර නමින් දයාවේ කන්‍යා සොයුරියක් බවට පත්වූවාය. එම වර්ෂයේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හැදෑරීම සඳහා ඇතුළු වීමට ද ඇයට අවස්ථාව උදාවිය.
පේරාදෙණිය සරසවි භූමියේදී පාලි භාෂාවත්, බටහිර සම්භාව්‍ය සාහිත්‍යය හා අධ්‍යාපනවේදී විෂයයන් උගත් ඇය අධ්‍යාපන වේදී විශේෂ උපාධියකට හිමිකම් කීවාය. උපාධිය ලබා නැවත ගාල්ලට පැමිණෙන රොසිනා කන්‍යාසොයුරිය ශී‍්‍ර හෘදය කන්‍යාරාම බාලිකා විදුහලේ විදුහල්පතිනිය වූ බෙල්ජියම් ජාතික ඒඞ්රියන් කන්‍යාසොයුරියගේ සහායිකාව ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.
විදුහල්පති ධූරයෙන් ඒඞ්රියන් කන්‍යාසොයුරිය 1975 වර්ෂය අවසානයේ සමුගැනීමත් සමගම රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය 1976 එම ධූරයට පත්වූයේ ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිධූරයට පත්වූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික විදුහල්පතිනිය බවට පත්වෙමිනි. එතැන් පටන් රොසිනා නානායක්කාර නාමයත් ශී‍්‍ර හෘදය කන්‍යාරාමය යන නාමයත් එකිනෙකට බද්ධව පැවැතියේ විදුහලට ස්වර්ණමය යුගයක් උදාකරමිනි.
අළුයම හතරට පමණ කාර්යාලයට පැමිණ රාජකාරී කටයුතු ආරම්භ කරන ඇය රාතී‍්‍ර 10 පසුවන තුරු ද කාර්යාලයේ කටයුතු වල යෙදී සිටීම පුරුද්දක් කැර ගත්තාය.
පාසලේ පිරිසිදු කමත් සිසුවියන්ගේ විනය හා අධ්‍යාපනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ විදුහල්පතිනිය කි‍්‍රයාවෙන් නොව ආදර්ශයෙන් ළමුන් හැඩ ගැස්සවීමට නිරන්තරවම කටයුතු කළාය. පාසලේ කසළ බඳුනට පොලිතීන් කොළයක් වැටී තිබුණහොත් ළමුන්ට බැණ නොවදින මේ විදුහල්පති මාතාව එය තම අතට ගෙන ඒ සමග ඇති බත් ඇට එක් බඳුනකටත් පොලිතීන් කවරය එයට නියමිත බඳුනටත් දැමීමට තරම් නිහතමානී වූවාය.
වරක් අධ්‍යාපන බලධාරීන් පිරිසක් විදුහලට පැමිණියහ. ඒ සෙනසුරාදා දිනයකි. විදුහල්පතිනිය සෙනසුරාදා දිනයේත් පාසලේ සිටින බව ඔවුන් දැන සිටියහ. මේ පිරිස පැමිණිය ද විදුහල්පතිනිය පෙනෙන්නට නැත. කාර්යාලය ද විවෘතව තිබේ. ටික වේලාවක් බලා සිටි නිලධාරිනියක් පාසල ඇතුලට ගියාය. විදුහල්පතිනිය ළමුන්ගේ වැසිකිළි පිරිසිදු කරමින් සිටියාය. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඇය සෑම විටම සපථ කළාය.
ඒ නිසාම විදුහලේ සිසුවියන් සේම ගුරු මණ්ඩලයත් තමන් අතින් සුළු අතපසුවීමක් හෝ නොවීමට වගබලාගත්හ.
1988/89 භීෂණ සමයේ පාසල් සිසු සිසුවියෝ පවා අරගල වලට සම්බන්ධ වෙද්දී ඇය සෘජුව නැගී සිටියාය. සේවයට වාර්තා කරන ගුරුවරුන් මරා දමන බවට තර්ජනය කරද්දී ඇය ඒ සියළු දෙනා ආරක්ෂා කැර ගැනීමට කටයුතු කළාය. එකළ ගාල්ල නගරයේ සිට පෙළපාලියකින් පැමිණි පාසල් සිසු සිසුවියන් විශ්ව විද්‍යාල කි‍්‍රයාකාරිකයන් ඇතුළු පිරිසක් ශී‍්‍ර හෘදය කන්‍යාරාමය වටකැරගත්තේ එහි සිසුවියන්ද එළියට ගැනීමේ අදහසිනි. පාසලේ දොරටවු විවෘතවිය. විදුහල්පතිනිය එලියට පැමණි ක්ෂණයකින් දොර වසා දැමුවාය. ‘‘මාව මරලා මිසක් මේ ළමයින් එක්කෙනෙක්වත් ගන්න දෙන්නේ නැහැ“ යැයි ඇය අභීතව හඩ නගද්දී පැමිණි පිරිස පසුබා ගියහ.
එවැනි නායකත්වයක් දුන් ඇය පිටස්තර බලපෑම් වලට යටත් වූයේ ද නැත. කිසිදිනෙක අධ්‍යාපන බලධාරීන්ට පවා නොනැමී තම පාසල හැදියාවෙන් හා අධ්‍යාපනික මට්ටමින් ඉහළ තලයකට ගෙන යාමට අනූපමේය සේවයක් ඉටු කළාය.
පාසලේ සිසුවියෝ ද නායකත්යට හැඩගැස්වීමට ඇය වගබලා ගත්තාය. ශිෂ්‍ය නායිකා මණ්ඩලය ඡුන්දයෙන් තේරීමේ ක‍්‍රමය හඳුන්වාදුන් ඇය කුදු මහත් සෑම කටයුත්තකදීම ශිෂ්‍යාවන්ට ඒ කටයුතු මෙහෙයවීමේ වගකීම පැවරීමට කටයුතු කළේ ඔවුන් ගැන උපරිම විශ්වාසය තබමිනි.
කිතුනු පාසලක් වුවද සියළු ජාතික සියළු ආගමික ළමුන් පාසලේ ඉගෙනුම ලැබූවද මේ විදුහල්තිනියගේ නායකත්වය යටතේ ඔවුහු එකම පවුලක දරුවන් වූහ. පාසලේ ආදර්ශ පාඨය වූ එක හදක් එක හිතක් යන්න යථාර්ථයක් කැර ගැනීමට නිරන්තරව කටයුතු කළ ඇය පාසලේ බෞද්ධාගමික උත්සව ද පවත්වමින් පිරිත් හා දානමය පිංකම් පවා පැවැත්වීමට කටයුතු කළාය. ශී‍්‍ර හෘදය කන්‍යාරාමය අසමානතා යටතේ එකමුතුකම ප‍්‍රතිමූර්තියක්ව විදහා දක්වමින් ලෝකයේ උසස් තලයකට ගෙන ඒමට ඇයගේ අපේක්ෂාවක් විය.
විදුහල්පති ධූරය දැරූ වසර 30 ක කාලයක් තුළ පාසලේ ඉගෙනුම ලැබූ සියළුම ශිෂ්‍යාවන් ඔවුන්ගේම නමින් ඇමතීමට තරම් මතකයක් තිබූ මේ විදුහල්පතිනිය අසල් වැසි පාසල්හි කැපී පෙණුනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා පුද්ගලිකව දැන හඳුනාගෙන සිටීම ද විශේෂත්වයකි.
1978 දී ශී‍්‍ර හෘදය කන්‍යාරාමය රජයට පවරා ගැනීමෙන් පසුව ද නීති ගරුක බවින්, හැදියාවෙන් සම්ප‍්‍රදායිකත්වය ඉක්මවා අන් සියළු පාසල් ඉක්මවමින් තම පාසල පවත්වාගෙන යාමට දැඩි වෙහෙසකින් කටයුතු කළ රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය 2000 වර්ෂයේ දී ගුරු ජීවිතයෙන් විශ‍්‍රාම ලැබුවාය.
ගායනයටත්, රංගනයටත්, ලේඛණයටත්, නිර්මාණාත්මක කාර්යයන්හි යෙදීමට මෙන්ම ආහාර පිසීමටත් ඇතුළු අපූරු හැකියාවෙන් රැුසකින් පිරිපුන්ව සිටි රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය තම නායකත්වය යටතේ ඉගෙනුම ලබන දරුවන්ද එවැනි හැකියාවෙන් යුතු පිරිසක් බවට පත්කිරීමට නිරන්තරවම වෙහෙස වූවාය.
විදුහල්පති ධූරයෙන් සමුගත් ඇය පුරා වසර දහයක පමණ කාලයක් අගුණුකොළ, මන්නාරම වැනි අති දුෂ්කර ප‍්‍රද්ශයන්හි සැර සරමින් ඒ ප‍්‍රදේශයන්හි දුක් විඳින දරුවන් සහ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට කැපව සිටියේ තම රෝගී තත්ත්වයන් ද අමතක කරමිනි.
විශ‍්‍රාම ලැබූ තම විදුහල්පතිනියට උපහාර කරන්නට විදුහලේ ශිෂ්‍යාවන් උත්සාහ ගනිද්දීත් ‘‘ මට උපහාර කරන්න එපා. ඒවාට වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඒක තමයි මට ඔයාලා කරන හොඳම උපහාරය යැයි ඇය කීවාය. ’’ ඇය දුන් ඒ ආදර්ශය පසුපස යමින් බොහෝ පිරිසක් ඇය සමගම අත්වැල් බැඳ මිනිසුන් වෙනුවෙන්ම සේවය කිරීමට එක්වූවාය.
දුක්විදින මිනිසුන් වෙනුවෙන්ම කැපවී සිටි ඇය දැන් ජීවිතයෙන් සමුගෙන තිබේ. ඇයගේ වියෝව ශී‍්‍ර හෘදය කන්‍යාරාමයට, ගාල්ල ප‍්‍රදේශයට පමණක් නොව සමස්ථ ශී‍්‍ර ලංකාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඇගේ සෙවණේ හැදුණු වැඩුණු සිසු දැරියන්, ගුරුවර ගුරුවරියන් පමණක් නොව ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ සෑම වැළි කැටයක්ම ඇයගේ ශ්‍රේෂ්ඨත්වයේ නොමියෙන සාක්ෂියකි.
දහසක් දෙව් මිනිසුන් අතර සමාදානයෙන් සැතපෙන්න මව්තුමියනි යන්න සියල්ලන්ගේම ප‍්‍රාර්ථනයයි.

මාධ්‍යවේදී සජීව විජේවීර

Sunday, January 8, 2012

අශ්ව කෝච්චියේ තැපැල් සේවය





අලූයම පහට නිකුත් කැරෙන වෙඩි හඬත් සම`ග සිරිත් පරිදි ගමන් ආරම්භ කළ යුතුව ඇතත් බොහෝ විට එසේ නොවන කෝච්චිය, ගාල්ලේ සිට කොළඹට එන ගමන සඳහා එකොළොස් පැයක් හෝ එකොළොස් පැය හමාරක් හෝ ගත කරයි. කෝච්චිය මගීන් කැන්දා ගැනීම වෙනුවට නිතර සිදු වන්නේ මගීන් ගොස් කෝච්චිය කැන්දා ගෙන ඒමය. අනෙක් බොහෝ ආසියාතිකයන් මෙන්ම ලංකා වැසියන්ද කාලයේත් කලට වේලාවට වැඩ කිරීමේත් අගය ගැන සැලකිල්ලක් නොදක්වන හෙයින් ගාල්ලෙහි අප වාසය කළ කාලය තුළ එහි සිට කොළඹට පැමිණීම සඳහා කෝච්චිය කැන්දා ගන්නට අපටද කීප වරක්ම සිදු විය.
ලංකාවේ දක්ෂිණ අධිකරණ කලාපයේ හිටපු නියෝජ්‍ය රාජ නීතීඥ හෙන්රි චාල්ස් සර් මහතා විසින් ලියන ලද සිලෝන් ඇන්ඞ් සිංහලීස් නම් ග‍්‍රන්ථය ලංකාව හා සිංහලයෝ නමින් සිංහල භාෂාවට පරිවර්ථනය කරනු ලැබූ පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා ගාල්ලේ සිට කොළඹ දක්වා ගමන් ගත් තැපැල් කෝච්චිය පිළිබඳ සිය කෘතියෙහි එලෙස සටහන් කර තිබේ.
1832 දී සර් රොබර්ට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාර වරයාගේ මැදිහත් වීමෙන් කොළඹ හා මහනුවර අතර තැපැල් හා මගීන් ගෙන යාමට තැපැල් කෝච්චිය නම් ප‍්‍රවාහන සේවය ආරම්භ කරන ලදී. එය ආසියාවේ ආරම්භ කැරුණු මේ ආකාරයේ ප‍්‍රථම ප‍්‍රවාහන සේවාව ලෙසද සැලකේ. ඉන් වසර හයකට පසු එනම් 1838 ජූලි මස 02 වැනි දින ද ගෝල් රෝයල් මේල් නමින් ගාල්ලේ සිට කොළඹ අතර අශ්ව කෝච්චි ප‍්‍රවාහණ සේවය ආරම්භ කරන ලදී.
1964 දී සීන් සිලෝන් ග‍්‍රන්ථය ලියන ආචාර්ය ආර්.එල්.බ්‍රෝහියර් සඳහන් කරන්නේ පෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාර වරයා විසින් 1814 දී ගාල්ල කොළඹ මුහුදු බඩ මාර්ගය ඉඳිකිරීමේන් පසු මෙම නගර දෙක සම්බන්ධ කරමින් කි‍්‍රස්ටොෆ්ල්ට්ස් කෝච් නම් ප‍්‍රවාහණ සේවයක් ආරම්භ කළ බවයි. එය දිනපතා කාලතුවක්කු ශබ්දය සම`ග කොළඹ කොටුවෙන් පිටත්ව ගාල්ල කොටුවට පැමිණෙන බවත්. එය කොතරම් වේගයෙන් ධාවනය වුවත් ඊට වඩා හයියෙන් යාම අවශ්‍යතාවයක් ලෙස පැවති බවත් පවසන බ්‍රෝහියර් කියන්නේ මෙම රථය ගමනාන්තයට ල`ගා වන විට බොහෝ ඇඳිරි වැටී තිබුණු බවයි. පසු කළෙක රෝයල් මේල් නම් ප‍්‍රවාහණ ක‍්‍රමය භාවිතයට පැමිණි බව සඳහන්ව ඇතත් එතෙක් භාවිතා කළ කි‍්‍රස්ටොෆ්ලට්ස් කෝච් ප‍්‍රවාහණ සේවය පිළිබඳ වැඩි විස්තරයක් දක්නට නැත. හෙන්රි චාර්ල්ස් සර් විසින් ලියන ලද ලංකාව හා සිංහලයෝ ග‍්‍රන්ථයෙන් යම් නිශ්චිත නිගමනයකට ඒමේ හැකියාව තිබේ.
චාර්ල්ස් සර් පවසන්නේ කෝච්චියේ ආසන වෙන් කරවා ගැනීම සඳහා ගාල්ල කොටුවේ පිහිටි කාර්යාලයට ගිය විට කි‍්‍රස්ටෝපලට්ස් මහතා සිය සුදුවන් දත් පෙළ දක්වා සිනා සුණු බවයි. එසේනම් ඔහු විසින් පවත්වාගෙන ගිය කි‍්‍රස්ටොෆ්ලට්ස් කෝච් නම් පෞද්ගලික ප‍්‍රවාහණ සේවය පසුව ද ගෝල් රෝයල් මේල් හෙවත් තැපැල් හා මගීන් ප‍්‍රවාහණය සඳහා වූ රාජකීය කෝච්චි සේවාව බවට පත්වන්නට ඇතැයි සිතිය හැක. එසේනම් කොළඹ හා නුවර අතර ආරම්භ කරුණු අශ්ව කෝච්චියට පෙර මුහුදු බඩ මාර්ගය තැනූ මුල් අවදියේ පටන් ගාල්ල කොළඹ අතර ධාවනය වූ කි‍්‍රස්ටොෆ්ලට්ස් කෝච් නම් කි‍්‍රස්ටෝපලට්ස් මහතාගේ පෞද්ගලික ප‍්‍රවාහණ සේවය ලංකාවේ පමණක් නොව ආසියාවේම මුල්ම ප‍්‍රවාහණ සේවය වන්නට ඇත.
තැපැල් කෝච්චි කාර්යාලය පිහිටි නිවස අදද ගාල්ල කොටුවේ පෙඞ්ලර් වීදියේ දැකිය හැක. එහි වර්තමාන හිමිකරුවා
චාර්ල්ස් හෙන්රි පවසන පරිදිම කෝච්චිය නියමිත වේලාවට පිටත් නොවන්නක් බව 1854 දී ඩබ්.නයිටන් විසින් ලියන ලද ෆොරස්ට් ලිය්ෆ් ඉන් සිලෝන් නම් ග‍්‍රන්ථයෙන්ද තහවරු වේ..
කෝච්චිය පැමිණිය යුතු නියමිත වේලාව පසුවූ විට මගීහු කෝච්චිය සොයා එහි කාර්යාලයට යති. කුලී කරුවෝ. ඔවුන්ගේ ගමන් මලූ ඔසවාගෙන පැමිණෙති. කාර්යාලයට යන විට කෝච්චිය නවතා ඇත්තේ එම ගොඩනැගිල්ලේ වූ සුවිසල් ආලින්දයේය. එම රථය යටද කෝචිචි සේවකයෝ නිදති. කුලී කරුවෙකු ගලක් රැුගෙන කාර්යාලයේ විශාල දොරෙහි යකඩ සරනේරුවට කිහිප වරක් වැරෙන් පහර දෙමින් කෑ ගසන ශබ්දයට බොහෝ වේලාවකට පසුව දොර විවර වී අයෙකු එළියට එන බව කෝච්චිය ගැන ලියූ ඉංගී‍්‍රසි ජාතිකයෝ පවසා තිබේ.
කෝච්චි හිමියා පැමිණ සේවකයන් නැගිටුවනනේ කෑ ගැසීමට අමතරව ඇතැම් විට අතින් පයින් පහර දෙමිනි. අස් පල්ලෝ අශ්වයන් ගෙන එන්නට දිව යති. අවට සිටි අනෙක් සේවකයන්ගේද සහය ලබාගන්නා කෝච්චි හිමියා රථය ආලින්දයෙන් පිටතට ගනී.
නයිටන් පවසන්නේ එය කිසිවෙකුගේත් සිත් ගන්නා වාහනයක් නොවන බවයි. අතීත තැපැල් කෝච්චිය යනු රෝද හතරක් සහිත අශ්ව කරත්තයකි. රෝද හතර වර්ණ හතරකි. එහි ඇතුලත මගීන් හය දෙනෙකු යාමට හැකියාව ඇත. ඇතුලතද විවිධ වර්ණයන්ගෙන් හැඩ ගන්වා ඇති අතර තැන තැන සිදුරුවූ ආසන වලින් කොහු එළියට පැන තිබේ. සිහින් යකඩ කූරු හතරක් මත රැුඳුණු පියස්ස මැස්සක් සේ දිස්වෙයි. පියස්ස පැතලිය. සමින් තනා ඇත. එය වාර්ණිෂ් ආලේපයෙන් ඔප් නංවා තිබේ. සමින්ම තනා ඇති තිර පියස්සෙන් එල්ලා වැටෙයි. වැස්සෙන් හෝ අව්වෙන් වැළකීම සඳහා එම තිර දිග හැර පහළ දමා ගන්නට හෝ වාතාශ‍්‍රය ලබාගැනීම පිණිස එය උඩට හකුළා දමන්නට හෝ මගීන්ට හැකියාව තිබේ. රථයේ ඉදිරි පසම රියදුරු අසුන පිහිටා ඇත. රියදුරා අසුන් ගත් පසු ඔහුගේ දෙපසින් තවත් දෙදෙනෙකුට සිටිය හැකි තරමට ඉඩ කඩ තිබේ. රියදුරාගේ පිට පෙදෙසත් රථයේ ඉදිරි අසුනේ වාඩිවෙන මගීන්ගේ පිට පෙදෙසත් එකිනෙක ගැටෙන තරමටම සමීප වන පරිදි ඇතුලත පළමු ආසනය පිහිටා ඇත. රථයේ පිටු පස පුවරුවක් මත ගමන් මළු පැටවෙයි. එම පුවරුව දිගින් අඩි තුනහමාරක් හා පළලින් ඉන් අඩකි. මගියෙකුට ගෙන යා හැකි ගමන් මළු වල උපරිම බර ප‍්‍රමාණයක් සඳහන් වේ. එය උපරිමය රාත්තල් විස්සක් පමණි.
තැපැල් කෝච්චිය ධාවනය කිරීම සඳහා අශ්වයන් කෝච්චියට ඈඳීම මහත් සටනකි. සේවකයන් මේ සඳහා දැඩි වෙහෙසක් ගනිති. හෙන්රි චාර්ල්ස් මෙම අශ්ව කෝච්චියේ ගමන් ගත් අවස්ථාවේ එය ධාවනය සඳහා යොදාගෙන ඇත්තේ පීටර් ලෙයාඞ් හා ප‍්‍රින්ස් ලෙස හැඳින්වූ අශ්වයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මෙවැනි ගමනක් සඳහා කිසි සේත්ම උචිත නොවූ තරම් වූ බවත්. හොඳින් රැුකබලා ගැනීමක් නොමැති සත්වයන් බවත් හෙන්රි චාර්ල්ස් පවසයි. අස්ගොව්වෝ දෙදෙනෙක් එක් අශ්වයෙකුගේ හිස තරයේ අල්ලා ගනිති. අනෙක් අස් ගොව්වෝ අදෙනා ඒ අසු රථය දෙසට ඇද එහි රැුහැන් පටවල්ද අසුට සම්බන්ධ කළහ. අනෙකාද ඉතා අපහසුවෙන් කෝච්චියේ බැඳුණි. කොච්චිය ඇදීම සඳහා අසුනට උපකාරී වන අවසන් රැුහැන් පටද අපහසුවෙන් ගැටගසයි. ගමනට සියල්ල සූදානම්ව ඇත. කෝචිචියේ සේවකයෝ රියදුරා දෙපස, ගමන් මළු මත හා රථයේ පා පුවරුවේ රැුඳී හෝ ගමන් කිරීම සඳහා සූදානම් වෙති. රථයේ පියස්ස පිහිටා ඇත්තේ මෙලෙස ගමන් කරන සියළු දෙනාටම ආවරණයක් සපයන පරිදිය.
කාර්යාලය අසලින් ගමන් ආරම්භ කරන තැපැල් කෝච්චිය ප‍්‍රථමයෙන්ම තැපැල් නිවස හෙවත් ඡුධීඔෂභඨ ්‍යධඹීෑ නැමැති ස්ථානයේ නවතා තැපැල් මළු කෝච්චියට පටවා ගනිති. ඒ ස්ථානයේදීද සිදුවන්නේ කෝච්චියේ සේවකයෙකු ගොස් ගලක් රැුගෙන දොරෙහි යටඩ සරනේරුවට තඩි බෑමයි. විනාඩි කිහිපයකට පසු අවදිවන තැපැල් හලේ සේවකයා තැපැල් මළු ලබාදීම සිදුකරයි. විදේශ රටවල සිට නැව් මගින් ගෙන එන තැපැල් මලූ මෙලෙස කෝච්චියට පැටවේ.
ගාලූ කොටුවේ උස් පහත් කළ හැකි දොරටුවෙන් පිටතට පැමිණෙන අශ්ව කෝච්චිය මාර්ගයට අවතීර්ණ වේ. බ්‍රෝහියර් සඳහන් කරන්නේ මෙම කිසිදු සැකයකින් තොරවම ඉතාමත්ම රමණීය අත්දැකීමක් බවයි. කෙමෙන් නැග එන සූර්යා ලෝකයත් සාගර ජලස්කන්ධයත් අවට ඇති තුරු ගොමු, වන ලැහැබ මෙන්ම ඉමක් නොපෙනෙන සේ වැවි ඇති පොල් රුප්පාවත් යන මේ සියල්ල පාරිසරික සෞන්දර්යය වර්ධනය කරන බව විදේශිකයෝ සිය ග‍්‍රන්ථයන්හි සඳහන් කර තිබේ. රථයට බියවී පලා යන වන සතුන් විදේශික සිත් කුල්මත් කරයි.
රථයෙන් නැගෙන ගර ගර ශබ්දයත්, පොළව මත ධාවනය වෙමින් නැගෙන නාදයත්, අශ්වයන්ගේ කුර ගැටෙන හඬ හා වරින් වර නැගෙන හේශාරව යත් අමුතුම චමත්කාර ජනක අත්දැකීමක් ජනිත කරන්නට සමත්වේ. මග දෙපස ගම්මාන වල නිවෙස්හි ආලින්දයේ නිදා සිටින බොහෝ දෙනෙකු කෝච්චියේ හඩින් අවදි වෙති. ගම් වල සිටින වැඩිහිටියාගේ පටන් කුඩා දරුවා දක්වා සියල්ලෝම මාර්ගයේ දිව යන කෝච්චියට සිය සතුට ප‍්‍රකාශ කරන්නේ සිනා මුසුවය. ඇතැම් විටෙක නිරුව් වානරයන් සමූහයක් මෙන් වූ ඔවුහු කෝච්චිය සම`ග කොළඹට යන්නාක් මෙන් පසු පසින් දිව එති. මේ අතරින් බොහෝ කොළු ගැටවු නිරුවතිනි.
කෝච්චි ගමනේ අපූර්ව අත්දැකීමක් වන්නේ ගං`ගා තරණයයි. ගාල්ල කොළඹ අතර මහා මාර්ගයේ ප‍්‍රථම පාලම ලෙස 1879 දී කළුතර පාලම සාදන තෙක් ගංෙ`ගන් එගොඩවීමට සිදුවූයේ පාලම් පාරුවෙන් හෝ බෝට්ටු එකිනෙක තබා බැඳ ඒ මත ලෑලි අතුරා සකස් කරන ලද බෝට්ටු පාලම් මතිනි. ඉතාමත් සෙමෙන් සීරුවට කැරෙන මෙම එගොඩවීමේ කාර්යය රථයේ ගමන් කරන මගීන්ට සොඳුරු අත්දැකීමක් විය.
බ්‍රෝහියර් පවසන්නේ ඡුධීඔෂභඨ ඍෑීඔ ්‍යධඹීෑ හෙවත් තැපැල් තානායම් තිබූ බවත් ඒවායේ නවතා ආහාර ගැනීමට හෝ අවශ්‍යනම් නවාතැන් ගැනීමටත් පහසුකම් එකළ තිබූ බවයි. මේ බව පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා හෙන්රි චාර්ල්ස් සර්ගේ ලංකාව හා සිංහලයෝ ග‍්‍රන්ථය පරිවර්ථනය කිරීමේදී සඳහන් කර ඇත්තේ කෝච්චිය උදේ දහයට බෙන්තොටදී පාතරාසය අනුභව කරතැයි සඳහන් කළ යුතුය යනුවෙනි. ලංකාවේ බසින් බොජුන් හල් හෙවත් තානායම් යනුවෙන් හැඳින්වෙන සියල්ල රජයේ දේපල වශයෙන් පවත්නා අතර ගනුදෙනුකරුවන්ට සැපයෙන කෑම් පීම් සඳහා වෙළෙඳපොළේ මිලට වඩා සියයට විසි පහක් පමණක් වැඩිපුර අය කිරීමට ඒ තැනවල සේවයෙහි යෙදැවී සිටන මිනිසුන්ට නීතියෙන් අවසර ලැබී තිබේ. යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.
අල්විස් මහතා පරිවර්ථනය කර ඇති පරිදි හෙන්රි චාර්ල්ස් සර් පවසා ඇත්තේද මෙම තානායම් සුන්දර පරිසරයක සැප පහසු හා තරමක් හොඳ නවාතැන් වුවද යුරෝපය, ආසියාවේ අනිකුත් රටවල් හා අපි‍්‍රකාවේ මෙන්ම ලංකාවේ තානායම් හිමියන්ද ඔවන් සපයන ඉතාමත්ම සුළු ආහාරයකට හා කුඩාම නවාතැන් පොළකට වුවද හැකිතාක් වැඩි මුදලක් අය කළ බවයි.
මේ බව බ්‍රෝහියර්ද සිය ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත. මෙම තානායම් වල මිළ ගණන් කෝචිචියේ යන සාමාන්‍ය කෙනෙකුට දැරිය නොහැකි බවයි. රිය පදවන තැනැත්තා කෝච්චිය තානායමේ නතර කිරීම නිසා තානායම් හිමිකරු ඔහුට සන්තෝෂම් මුදලක් ගෙවන බවද බ්‍රෝහියර් සඳහන් කර තිබේ. එකළ බෙන්තොට හා කළුතර තානායම් කෝච්චියේ අතර මැද නවාතැන් විය.
තැපැල් කෝච්චියේ ගමන කෙළවර වන්නේ කොළඹ කොටුවෙනි. මග දෙපස සිටින්නේ කෝච්චියේ එන අමුත්තන් බලන්නට ඇතුලට හොඳට එබිකම් පාති. ගාලූ මුවදොර පිටියේ කෙළවරින් කොළඹ කොටුවේ ආරක්ෂක පවුරේ ඇති ඉවත් කළ හැකි ලෑලි පාලම මතින් කොටුවට ඇතුළුවන කෝච්චිය කොළඹ කොටුවේ ප‍්‍රධාන වීදිය දිගේ ඉදිරියට ඇදී ගොස් එකළ බේලි වීදිය හෙවත් වර්තමාන මුදලිගේ මාවතේ පෝස්ටින් හවුස් නම් කාර්යාලය ඉදිරිපිට නතර වෙයි. ගාල්ලේ සිට කොළඹට පැමිණි චමත්කාර ජනක ගමනේ නිමාව එයයි. අන්තිම මගියාත් බැස ගිය පසු කෝච්චියේ රියදුරා තමන් සම`ග පැමිණි අමුත්තන් පිළිබඳ සියළු විස්තර පතුරුවා හරින්නේය. මොහොතකින් කොළඹ කොටුවම අලූත් අමුත්තන්ගේ තරා තිරම රැුකියාව පමණක් නොව නවාතැන් ගන්නා ස්ථාන පවා දැන ගනී.
තැපැල් කෝච්චිය ගාල්ලෙන් පිටත් වීම උදෑසන හයට සිදුවූ අතර එය කොළඹට ආසන්න වීමට නියමිත වූයේ සවස හතරහ මාරට වුවද බොහෝ විට පැය ගණනක් ප‍්‍රමාද වන්නේ රියදුරාගේ උදාසීනත්වයත් අශ්වයන්ගේ හිතුවක්කාර බවත් හේතුවෙනි. නැවත පසුදා උදෑසන හයට කොළඹින් ගමන් අරඹන කෝච්චය සවස හතරහමාර වන විට ගාල්ලට ල`ගා විය යුතුය. සවස හයට කොළඹින් පිටත් වන රාතී‍්‍ර තැපැල් කොච්චයක්ද වූ බව සඳහන් වේ. එය ගාල්ලට සේන්දු වන්නේ පසුදා සූර්ය උදාවෙන් පසුව බව පැවසේ.
චාර්ල්ස් සර් මෙන්ම බ්‍රෝහියර් සඳහන් කරන්නේ කෝච්චියේ ගමන් කිරීම සඳහා අය කළ මිල ගණන් ඉතාමත්ම අසාධාරණ අගයක් ගත් බවයි. ගාල්ලේ සිට කොළඹට ගාස්තු යනුවෙන් සඳහන් කළ පුවරුවක යුරෝපීය මහත්මයෙකුට පවුම් දෙකයි සිලම් 10 යි ලෙසද, දේශීය ප‍්‍රභූවරයෙකුට හෝ ඔහුගේ යැපෙන්නකුට පවුම් එකයි සිලිම් 10 ලෙසද, පෙරකදෝරුවෙකුට හා සාමාන්‍ය දේශීය වැසියෙකුට පවුම් එකයි ලෙසද මුදල් අයකරන බව සඳහන් කර තිබී ඇත. මෙම අයකිරීම දැරිය නොහැකි තරම් විශාල මුදලක් වූ බව බ්‍රෝහියර් සිය සීන් සිලෝන් ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත.
එකළ තැපැල් කෝච්චියේ රියදුරු පෘතුගීසි ජාතිකයෙකු බව හෙන්රි චාර්ල්ස් සේම ඩබ්.නයිටන්ද පෙන්වාදී තිබේ. ඩබ්.නයිටන් මෙම රථයේ ගමන් කර ඇත්තේ 1843 වර්ෂයේදීය චාර්ල්ස් සර් ගමන් කළ වර්ෂයක් සඳහන් නොවූවද එයද 1840 හා 1850 අතර වකවානුවක විය යුතු බව ඔහුගේ අනෙකුත් සටහන් පිරික්සන විට පෙනී යයි. බ්‍රොහියර්ගේ සටහන් අනුව 1868 වන විට තැපැල් කෝච්චි සේවයේ හිමිකාරීත්වය ජොහන්නා මොරිස් මහත්මිය, ආචාර්ය පී.ඞී.ඇන්තනිස් හා හෙන්රි දියෝනිසස් ඇන්ඩෲ නැමැති තිදෙනෙකු සතුව තිබී ඇත. එම වර්ෂයේදී මෙම තැපැල් කෝච්චි සේවයට කළමණාකරුවෙකුද සිටි අතර ඔහු විලියම් ෆෝර්ඞ් ජෑන්ස් නම් වූ බවද බ්‍රෝහියර් පවසයි.
තැපැල් කෝච්චියේ ආසන වෙන්කරවා ගැනීමේ කාර්යාලය ගාල්ල කොටුවේ පෙඞ්ලර් වීදියේ අංක 44 දරණ නිවසේ උඩුමහලේ පිහිටා තිබුණි. මෙම නිවස අදටද ගාලූ කොටුවේ දැක ගත හැක. වරින් වර විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇති නිවසේ අංකයට 96 ලෙස වෙනස් වී තිබෙ. එහි වර්තමාන හිමිකරුවා පිලිප්ස් ගේ‍්‍ර නම් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. ඔහු ලංකාවේ නැත. ඔහු හෝ නිවස භාරව සිටින්නන් කිසිවෙකුත් මෙම නිවසේ ආසියාවේ පළමු ප‍්‍රවාහණ සේවය විය හැකි කි‍්‍රස්ටෝපලට්ස්ගේ අශ්ව කෝච්චිය හෝ ද ගෝල් රෝයල් මේල් නම් ලංකාවේ දෙවැනි ප‍්‍රවාහණ සේවය හෝ පවත්වාගෙන ගිය බවක් නොදනී.
ලංකාවේ දුම්රිය මාර්ග තැනීම හා මෝටර් රථ හඳුන්වා දීමත් සම`ග අශ්වයන් බැඳි තැපැල් කෝච්චිය ක‍්‍රමයෙන් අභාවයට යන්නට ඇත. පසු කලෙක රෝයල් මේල් නම් සඳහන් කැරුණු ගොනුන් බැඳි කරත්තයක් ගාල්ලේ තැපැල් කටයුතු සඳහා ධාවනය වී තිබේ.
රාජකීය තැපෑල නමින හැඳින් වූ මේ පුදුම එළවන සුළු වාහනය දුටුවානම් බි‍්‍රතාන්‍යයේ බි‍්‍රතාන්‍යයෙ මහා රාජිනිය දුටුවානම් ඇය මහත් විශ්මයට පත්වනු ඇතැයිද මෙවන් විශ්මිත රථයක් හා අතිශය සුන්දර වූ ගමනක් ඇයගේ කිසිදු යටත් විජිතයක නොතිබෙන්නට ඇතැයි ඩබ්.නයිටන් මහතා පවසයි.