Friday, December 16, 2011

හම්බන්තොට දඩයමේ ගිය සුදු දඩයක්කාරිය

බ්‍රෙන්ඩා කොක් මහත්මිය තවමත් සිය සැරයටිය
එල්ලයට ගෙන වෙඩි තියන ආකාරය පෙන්වයි.



ඈත එපිට හම්බන්තොට පරන් දේශයේ කතරගම මාර්ගය ආසන්නයේ සාමාන්යු නිවසක ජීවත් වන සුදු ජාතිකයා සමග මම සාකච්ඡුා කරමින් සිටින්නෙමි. ඒ අසළට සිය හැරමිටයට වාරුගෙන පැමිණෙන තවත් කාන්තාවකි. බිත්තිය අල්ලාගෙන මා දෙසට හැරමිටිය එල්ල කළ ඇය
‘‘ ආ........... මේ කොල්ල ද පත්තරෙන් ආවා කිව්වේ. ’’ යැයි ඇසුවේ මා සමග කථාවට මුලපුරමිනි. මේ සුදු ජාතිකයන් දෙදෙනා දැන් අමු සිංහලයන් සේ කතා කරති.
මේ ජර්මනියේ සිට මෙරටට පැමිණ සිය වර්ගයා මෙහි බෝරකරමින් දැන් සිංහලයන් සමග මුසු වී සිටින කොක් පවුලේ ද`ගකාරියයි. වයස්ගත වුව ද ඇය තවමත් තරුණ වියේ කළ කී දෑ පැවසීමට සූදානමින් සිටින්නේ ඉමහත් පීතියෙනි.
එදා 1907 දී යාපනයට පැමිණි නාවුක යාතරාේර්වකින් එරික් ෆෙඞ්රික් රෙජිනෝල්ඞ් ෆොන් කොක් මහතා මෙරටට පා තබා තිබේ. එය මේ පවුලේ ආරම්භයයි.
කොක් මහතා යාපනයේ සිට හම්බන්තොට පරවු දේශයට පැමිණෙන්නේ දිස්තිර්ෆෙක්කයේ රජයේ මිනින්දෝරුවරයා වශයෙනි. අයිරිෂ් ජාතික නෝරා කැතරින් සමග විවාහ වී සිටි ඔහුට දරුවන් පස්දෙනකු සිටියහ. ඒ අතරින් වැඩිමහලා වූ ඇලන් රොනල්ඞ් නොඑල් කොක් මෙරට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කළේය. ඔහු 2003 වර්ෂයේ එංගලන්තයේදී මියගියේය.
පවුලේ දෙවැන්නා වූයේ ඊවා ඇන්ජලින් නෝරා කෝක් මහත්මියයි. ඕස්ටේරික ලියාවේ රොනල්ඞ් වොට්සන් සමග විවාහ වූ ඇගේ පුතා එරට සුපර මගසිද්ධ න`එවෙකි. 1970 සිට ඇය හම්න්තොට ජීවත් වීම ස`දහා තෝරාගෙන සිටින්නීය.
කොක් පවුලේ තුන්වැනි දරැුවා වූයේ නෝරා බෙල් මහත්මියයි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්යාටලයේ ආචාර්ය වරයෙක් සමග විවාහ වූ ඇය මේ වනවිට ජීතුන් අතර නැත.
සිව්වැන්නා වූ බ්රෙ න්ඩා වයලට් අයරි කොක් මහත්මිය බිරල ්තාන්යේ රාජකීය නාවුක හමුදාවේ සිරිල් ලෑන්ඩවුට් සමග විවාහවී එංගලන්තයේ ජීවත් වූ අතර සිය සැමියා මියයාමෙන් පසු යළි මෙරටට පැමිණියාය.
අර්නස්ට් රෙජිනෝල්ඞ් ෆෙඞ්රික් පවුලේ බලයාය. ඔහු විවාහ වූයේ ජයවර්ධන පතිරණ කරලිනා නැමැති සිංහල කාන්තාවක් සමගිනි. ඒ නිසාම ඔහු මේ රටේම බින්න බැස්සේ එහි උරුමකම් බොහොමයක් ඇතිකැර ගනිමිනි.
හම්බන්තොට කොක් නිවස සොයා අපි එහි යනවිට කොක් පවුලේ දරුවන් වූ ඊවා, බ්රෙ න්ඩා සහ අර්නස්ට් යන තිදෙනාම ජීවතුන් අතර සිටියහ. නමුත් මේ ලිපිය ලියන මොහොත වනවිට ඒ තිදෙනාම මේ ලෝකය හැරදමා ගොසිනි.
අර්නස්ට් සිය කටහ`ඩ අවදි කළේ මේ ආකාරයෙනි.


අර්නස්ට් රෙජිනෝල්ඞ්, බ්රෙ‍න්ඩා සහ ඊවා



මගේ තාත්තා සුද්දෙක් වුනත් කවදාවත් සිගරැුට් බිව්වේ නැහැ. මත්පැන් පානය කළේ නැහැ. අපේ සීයත් ලංකාවට ඇවිත් හිටියා. එයා මැරුණේ මට වයස අවුරුදු 16 දී. එදා මමත් භූමදානයට සහභාගී වුනා. සීයා නාකියාදෙණියේ තේ වත්තක් පාලනය කළා. තේ විතරක් නොවෙයි කෝපි, කොකෝවා පවා වවල තිබුණා. සීයාගේ සිරුර භූමදාන කළේ ගාල්ලේ දඩල්ල ප්‍රදේශයේ.
ඔහු පවසන්නේ තම පියා ලෙනාඞ් වුල්ෆ් සමග කාලයක් වැඩ කළ බවයි. ඔවුන්ගේ පියාට වැටුප් ගෙවා ඇත්තේ ද ලෙනාඞ් වුල්ෆ් මහතා විසිනි. සිය පියාගේ ප්‍රධානියා වූයේ මිනින්දෝරු බ්රෝහියර් මහතා බවත් ඔවුන් දොස්තර ආර්.එල්.ස්පිට්ල් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ බවත් පවසයි.
ඒ කාලේ අපි සපත්තු හැදුවා. සපත්තු හදන්න ගත්තේ තලගොයන්ගේ, පිඹුරන්ගේ සහ මුවන්ගේ හම්. මේ හම් පදම් කරලා සපත්තු මහලා පිටරට යවලා හො`ද ආදායමක් ලැබුවා. අර්නස්ට් එසේ කියද්දී ඔහුගේ සොහොයුරිය බ්රෙ න්ඩා ද කථාවට එක්වූවාය.
අපි හැමෝටම හො`දට වෙඩි තියන්න පු`එවන්. හම්බන්තොට දිසාපතිගෙන් බලපත්‍රයක් අරගෙන මම දඩයමේ යනවා. ඒ කාලේ අපි තරුණයි. ඉතින් යකෙකුටවත් බය නැහැ. රයිපල් එකක් තිබුණා. පප්පගේ යා`එවෝ හම්බන්තොට ඇවිත් දඩයමේ යනකොට කැලේ ගැන විස්තර කියන්නෙත් මම තමයි. එසේ පවසන බ්රෙ.න්ඩා තම සැරයටිය රැුගෙන රයිපලයක් මෙන් එයින් ඉලක්කය ගත්තාය. ඇය පවසන්නේ ලෙඩ දුක් නැතිනම් තවමත් දඩයමේ යන්නට සිතෙන බවයි.


බ්‍රෙන්ඩා තරුණ වියේදී මරා දැමූ කොකෙක් ද අතැතිව



තමන්ට වඩා වැඩිමහල් අයියා සහ බාල මල්ලී සිටියද මේ නිවසේ කොල්ලා වූයේ බ්රෙදන්ඩා බව අර්නස්ට් අප සමග කීවේ ඇගේ කථාවට ඉඩ දෙමිනි.
පප්පා තංගල්ල, හම්බන්තොට, බෙලිඅත්ත, අම්බලන්තොට ඉඩම් මනිනවා. මට ලොකු ගව පට්ටියක් තිබුණා. ඒකේ හරක් 200 ක් විතර හිටියා. ඉතින් බලාකියා ගන්න කට්ටියත් හිටියා. ඒ වගේම මම එ`එවෝ 500 ක් හැදුවා. ඒ දවස්වල හො`දට කිරි තියෙනවා.
බ්රෙ න්ඩා පවසන්නේ ඇය තරුණ වියේදී හම්බන්තොට වන සතුන්ගෙන් ගහණ පරක් දේශයක් බවයි.
‘‘ ඒ කාලේ ගේ ල`ගටත් කොටි, මුවෝ , ගෝන්නු විතරක් නෙවෙයි අලි පවා එනවා. අපි කවදාවත් අලින්ට වෙඩි තිව්වේ නැහැ. කොටි ආවමනම් හරිම කරදරේ එ`එවන්ගේ මඩුවට පැනලා උන්ව අරගෙන යනවා. පප්ප කියනවා කවදාවත් සතෙකුට නිකන් වෙඩි තියන්න එපා කියලා. පරතර යෝජනයක් තිබෙනවානම් විතරක් වෙඩි තියන්න කිව්වා. පප්පා හො`ද දඩයක් කාරයෙක්. පප්පා එක්ක දඩයමේ යන්න අම්මත් එනවා. අම්මානම් කවදාවත් වෙඩි තියන්නේ නැහැ. ’’
ඇය පවසන්නේ තම පප්පාගෙන් වෙඩි තැබීමට හුරුවී මුවන්, හාවුන්, ගෝනුන් මෙන්ම විශාල කුරුල්ලන්ද මරා දමා ඇතිබවයි. එමෙන්ම වෙඩි තැබීමට අපහසුම සත්ත්වයා ඌරන් බව ද ඇය කීවාය.
‘‘ දවසක් මම කැලේ යනකොට ලොකු බල්ලෙක් මගේ පස්සෙන් එලවගෙන ආවා. මම හො`දටම භය වෙලා දුවගෙන ගිහින් කඩාගෙන වැටුණු ගහක කොටයකට නැගලා බල්ලට වෙඩි තිව්වා. බල්ලා එතනම මැරිල වැටුණා. මේක තාත්තාට කිව්වම මම හො`දටම බැණුම් ඇහුවා. ’’
තාත්තානම් අලින්ට පවා වෙඩි තැබූ බව ඇය කියද්දී අර්නස්ට් කොක් මහතා තමන් කොටියකු මරා දැමූ ආකාරය විස්තර කළේය.
‘‘ එදා හො`දටම හවස් වෙලා. දවස් කීපයක්ම අපේ එ`එ පට්ටියට කොටියෙක් රිංගලා තිබුණා. මම තව සේවකයෙක් එක්ක කැලේ ගියා. දැන් ඔය තංගල්ල නගරය කිට්ටුවටම අපි ගියා. දිගටම කැලෑ පරාු දේශ තමයි ඒ දස්වල තිබුණේ. කොහොම හරි මට කොටියා හමුවුනේ දැන් ඔය සාගර විශ්ව විද්යාගලය තියෙන හරියෙදී. මම වෙඩිතිව්වා. ටිකක් වෙඩි කාගෙන ගිය කොටියා මැරී වැටුණා. ’’
කොල්ලූපිටියේ මෙතෝදිස්ත විදුහලේ අධ්යාටපනය ලැබූ මේ දරුවන් දඩයමේ යමින් ගමේ කෙළි දෙලෙන් පසුවන්නේ පාසල් නිවාඩු කාලයේ පමණි එහෙත් මේ සාකච්ඡුාව සිදුවන අවස්ථාවේදී ඔවුහු තම තරුණ කාලය මෙනෙහි කරන්නේ මහත් සන්තෝෂයෙනි.
තංගල්ලට මුල්ම වාහනය ගෙන ආවේ ද මේ කොක් පවුල විසිනි. ඒ ෆෝර්ඞ් එම් පහ ලෙස හ`දුන්වන කාරයකි. ඉන් පසු වත්තේ පිටියේ වැඩවලටත්, ව්යා.පාරික කටයුතු වලටත් වුවමනා බැවින් ඔස්ටින් වර්ගයේ ලොරියක් ද කොක් මහතා විසින් මිලදී ගත්තේය. එය සී.ඊ. 19 අංකය යටතේ ලියාපදිංචි වී තිබිණි.


තංගල්ලට ගෙන ආ පර්ව ථම මෝටර් රථය සමග ඊවා කොක් තරුණ වියේදී



බ්රේන්ඩා පවසන්නේ ඔවුන් දඩයම් කළ සතුන් ආහාරයට ගැනීමට අමතරවඑම සතුන්ගේ හම භාවිතා කරමින් සපත්තු මැසීමේ කාර්යය ද කරගෙන ගිය බවයි. එම ව්යාමපාරය ටිකෙන් ටික දියුණු වෙද්දී කොළඹ නගරයේද සපත්තු අලෙවි කිරීමේ ස්ථානයක් ආරම්භ කැරුණි.
බ්රෙතන්ඩා හට සිය සැමියා හමුවන්නේ ද මෙවැනි ව්යාමපාරික කාර්යයකදීය. ගාල්ලේ නාවුක ක`දවුරේ සේවය කළ සිරිල් ලෑන්ට්ඩවුන් මහතා සපත්තු මිලදී ගැනීමට හම්බන්තොට පැමිණියේය. ඔහුට සපත්තු අළෙවි කළ බ්රෙතන්ඩා ඇය සමග ආදර සම්බන්ධයක් ඇති කරගත්තාය. පරටත තිඵලය වූයේ දෙදෙනා විවාහ වීමයි.
කොක් පවුලේ අනෙක් වයෝවෘද්ධ කාන්තාව මා ඉදිරිපිට සිටිය ද ඇයට කතා කිරීම අතිශය වෙහෙසකර කාර්යයකි. වයස්ගත වු ඇය 1954 මෙරට රූ රැජින වූවාය. ලෝ දහම අනුව යමින් ඇය වයස්ගත වුව ද එදා රූ සපුවේ සුන්දරත්වය ඇය කෙරෙන් තවමත් පලාගොස් නැත.

රූ රැජින වූ ඊවා කොක්



සිය සේවකයන්ගෙන් දෙමළ භාෂාවත් යම් තරමකින් ඉගෙනගත් බ්රෙවන්ඩා සහ අර්නස්ට් හො`දින් සිංහල හසුරුවති.
‘‘ අපි සුද්දෝ වුනාට මේ ලංකාව තමයි අපේ රට. අපි ලංකාවට හරිම ආදරෙයි. අපි ජර්මනියට ගිහින් ඒ රටත් බලලා ආවා. ඇත්තටම අපිට මේ රටේ ජීවත් වෙන්න හැකිවීම වාසනාවක්. ’’ ඔවුහු අවසාන වශයෙන් එසේ කීවේය.
දැන් ඊවා, බ්රෙටන්ඩා සහ අර්නස්ට් තිදෙනාම ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් විසින් මෙරට බිහිකළ පරපුර තවත් ¥ දරුවන් ඇති කරමින් බොහෝ කල් පවතිනු ඇත. කොක් පවුල දැන් අමු සිංහලයන් වී තිබේ. ඔවුන් යුරෝපීයයන් යැයි තංගල්ල නෙටොල්පිටියේ ගම්වාසීන්ට නම් කිසිදා නොසිතෙනු ඇත. ඒ තරමටම කොක් පරපුර හම්බන්තොට ගැමියන් බවට පත්ව සිටිති.



8 comments:

  1. වනජීවී සම්බන්ධව කියවීම මගේ ප්‍රියතම දෙයක්...
    ඒ වගේම තමයි අතීතයේ කතා...
    ඉතින් එවැනි කතාවක්දෝ සිතුනු කතාවක් දැකල තමයි මම මෙහාට ගොඩ උනේ
    දැන් වෙලාව මදි කියවන්න, මම නිදාගන්න හදන්නේ. ලිපි ඔක්කොම පස්සේ බලලම කමෙන්ට් කරන්නම්...
    ජය වේවා.

    ReplyDelete
  2. මේ වර්ඩ් වෙරිෆිකේෂන් කියන එක අහක් කරන්න එතකොට කමෙන්ට් කරන්න ලේසියි නැත්නම් හරි කරදරයි

    ReplyDelete
  3. ස්තූතියි සහෝදරයා. ඔන්න අයින් කළා. ඔබේ නිදහස් අදහස් වලට ඕන හැටියේ ඉඩ තියෙනවා දැන්

    ReplyDelete
  4. දැන් තමයි පෝස්ට් එක කියවල ඉවර කලේ...
    මේ වගේ විස්තර කියවන්න මම හරි කැමතියි
    අපේ රටට පැමිණි යුරෝපියන් අතුරින් රටට හානියක් නොකළ පිරිස බොහොම අතලොස්සක් කියලයි මම විශ්වාස කරන්නේ
    ඒ කුලකයට අයිති වී සිටි අපේ රටට සැබෑවටම ආදරය කල මෙවැනි මිනිසුන්ට මාගේ උත්තමාචාරය
    ඔවුන් තිදෙනාට නිවන් සුව ලැබේවා...

    හම්බන්තොට දිශාවේ පදිංචිව සිටි එංගල් බ්‍රෙක් නම් පුද්ගලයා දිවි ගෙව්වෙත් හම්බන්තොට ප්‍රදේශයේ බව මම කියවපු පොතක තිබුනා
    ඔහුගේ කතාවත් බොහොම අගෙයි...

    ReplyDelete
  5. එංගල් බ්‍රෙග්ගේ කතාවත් ලියන්න ඕනේ. ඒක කිහිප දෙනකුම ලියපු නිසා මම ඒ ගැන වැඩිය උනන්දු වුනේ නැහැ.

    ReplyDelete
  6. හරිම රසවත් කතාවක්. මම මේක මීට පෙර අහල තිබ්බෙම නෑ. ඔවුන් තිදෙනාම දැන් අප අතර නෑ කිව්වම අන්තිමට දුකක් දැනුනා.
    ඇත්තටම ඔවුන් අපේ රටට ආදරේ කරපු අය.

    ReplyDelete
  7. මේක ලංකාදීප පත්තරේ තිබුනා වගේ මට මතකයි! ඔයා සැහෙන්න ඇවිදින කෙනෙක් වගේ! ශෝක්.... තව ලිපි දන්න පුළුවන් තරම් දේවල් ගැන අපිට කියවන්න!

    ReplyDelete
  8. Sajeewa aiya, wonderful writing. I just read all your posts. please keep them coming.
    nishad

    ReplyDelete