Tuesday, December 20, 2011

ඇනකොණ්ඩා අපේ සතෙකි





ශී‍්‍ර ලංකාවට ඇනකොණ්ඩා ආගන්තුක සත්ත්වයකු වුවද ඇනකොණ්ඩා යන වදන පවා සිංහල භාෂාවෙන් බිහිවූවක් බව ලොව පුරා වාග් විද්‍යාඥයෝ ප‍්‍රකාශකැර තිබේ. සියවස් දෙකකට පමණ පෙර මෙරට විසූ ඉංගී‍්‍රසි ජාතිකයෝ කිහිප දෙනකුම තමන්ගේ සටහන්හි දක්වා ඇත්තේ ඇනකොණ්ඩාවන් තමන් ඇසින් දුටු බවයි.
1768 දී ආර්.එඞ්වින් ලංකාවේ ඇනකොණ්ඩාවන් ගැන දීර්ඝ විස්තරයක් කැර තිබේ. ඔහු පවසන්නේ ලංකාවේ ස්වදේශිකයෝ මේ සත්ත්වයා හොඳින් හඳුනන බවයි. ඔවුන් මේ සතා ඇනකොණ්ඩා නමින් හඳුන්වන බවත් අති විශාලා භයංකාර සර්පයකුවන ඇනකොණ්ඩා මාංශ අනුභව කරන බවත් තුරු මුදුන්වල වාසය කරමින් පොළොවේ ගමන් කරන සතුන් ගිල දැමීමට ක්ෂණයකින් කි‍්‍රයාත්මක වන බවත් ඔහු විස්තර කැර තිබේ. මෙරට විසූ ඇනකොණ්ඩා ගැන දක්නට ලැබෙන ප‍්‍රථම සටහන එයයි.
නැවත 1808 වර්ෂයේදී මොන්ක් ලූවිස් විසින් රොමැන්ටික් ටේල් නමින් ග‍්‍රන්ථයක් ලියමින් ශී‍්‍ර ලංකාවේ ඇනකොණ්ඩාවන් ගැන සඳහන් කැර තිබේ. ඔහු පවසන්නේ ලංකාවේ ඇනකොණ්ඩා නැමැති දැවැන්ත සර්පයා ගැන විශ්වාස බොහොමයක් වූ බවයි.
1803 දී මෙරටට සම්ප‍්‍රාප්ත වූ රොබට් පර්සිවර් ද මෙසේ පවසා ඇත.
” මම ලංකාවට පැමිණීමට පෙර දැනගත්තා ප‍්‍රමාණයෙන් අති විශාල වූ භයංකාර සර්පයෙක් මෙරට සිටින බව මී හරක් පවා පණපිටින් ගිල දමන මේ සර්පයා අලි ඇතුන් පවා භියට ත්කරන බවත් දැනගත්තා. මම ඒ ගැන විමසුව ද මේ භයංකාර සත්ත්වයා ගැන කිසිවකුත් වැඩිපුර දැන සිටියේ නැත. ”
ජේ.ඩබ්.බෙනට් ” ලංකාව හා එහි සමත්කම් ” ගැන ලියමින් 1843 දී කියා සිටින්නේ සිංහල නම් 31 කින් හඳුන්වන සර්පයන් ලංකාවේ සිටින බවයි. ඔහු දක්වා ඇති සර්පයන්ගේ ලේඛණයේ ඇනකොණ්ඩා සහ පිඹුරා වෙන වෙනම සත්ත්වයන් දෙදෙනකු ලෙස දක්වා ඇත.
1850 දී ” ලංකාව සහ සිංහලයෝ ” ග‍්‍රන්ථය ලියන හෙන්රි චාර්ල්ස් සර් පවසන්නේ ලංකාවේ සිටින විශාලතම උරගයා ඇනකොණ්ඩා බවයි. එම සතුන් පිඹුරාට ඉතාමත්ම සමීප විශේෂයක් බවත් පිඹුරන් සුලබව සිටිය ද ඇනකොණ්ඩා එතරම් සුලබ නොවන සත්ත්වයකු බව හෙතෙම දක්වා තිබේ. කොතරම් විශාල සතකු වුවද සිංහලයන් මේ සතාට භියක් නොදක්වන බව ද ඔහු සඳහන් කැර තිබේ.
ඉමර්සන් ටෙනට් 1859 දී නැවත ඇනකොණ්ඩා ගැන විස්තරයක් කැර තිබේ. ඔහු කියන්නේ මේ සුවිසල් සර්පයා අලින්ගේ ඇට කුඩුකර ආහාරයට ගන්නා කොටියන් පවා ගිල දැමූ බවයි.
සත්ත්ව වර්ගීකරණයේ අඩිතාලම දැමූ කැරොලස් ලීනියස් තමන්ගේ වර්ගීකරණය අනුව පිඹුරා නම් කරද්දී පවසා ඇත්තේ බොආ නැමැති නමකි. ඔහු පෙරදිග රටවලදී ඇනකොණ්ඩා බොආ ලෙස හඳුන්වන බවද සඳහන් කැර තිබේ.
සිංහලයන් එදා පවසා ඇත්තේ තම රටෙහි වනාන්තරවල අඩි 20 කට වඩා දිගින් යුතු සුවිසල් සර්පයකු ජීවත් වූ බවයි. මේ සත්ත්වයා ඌරන් ගෝනුන් ගිල දැමූ බවත් ඇතැම් අවස්ථාවලදී මුව හා ගෝන අං සමග මේ ඇනකොණ්ඩාවන් මැරී සිටිනුද ඔවුන් දැක ඇති බවත් මේ විදේශිකයෝ වරින් වර සඳහන් කැර ඇත.
1821 දී ජෝන් ඬේවි මේ ගැන පැහැදිලි විස්තරයක් දක්වා ඇත. ලාංකීය මිනිසුන් ඇනකොණ්ඩා හෝ හෙනකඳයා ලෙස හඳුන්වන විශාල සර්පයකු සිටින බවත් එම සර්පයා අඩි 17 ක් හෝ 20 ක් පමණ දිගට වැඩෙන අතර ඇතැම් විට අඩි 25 ක් හෝ 30 ක් දිගට වැඩෙන සර්පයන් ද සිටින බව ඔහු සටහන් කැර ඇත. ඒ අතර ජෝන් ඬේවි ද අඩි 25 ක් දිගැති ශරීරය අඩි 2 ත් 2.5 ත් අතර වටප‍්‍රමාණයකින් යුතු ඇනකොණ්ඩාවකු දැක ඇත.
සිංහලයෝ ඇනකොණ්ඩා සතුන් දඩයම් කිරීමේද ශූරයෝ බව ඉංගී‍්‍රසි ජාතිකයෝ සඳහන් කර ඇත. ඇනකොණ්ඩාවන් අල්ලා උසැති ගසක එල්ලා තෙල් සිඳ ගැනීම, හම වෙන්කර ගැනීමද සිදුකරන ලද බව ඔවුහු පවසති.
1821 දී ජේකෝබ් හාෆ්නර් ඇනකොණ්ඩා සත්ත්වයකු තමන්ට හමුවූ ආකාරය පිළිබඳ විස්තරයක් කරගෙන එයි.
මම යාපනයේ ඕලන්ද කොටුවට යමින් සිටියා. ස්.......... ස්......................... ස්.............. ශබ්දයක් ඇසුනා. ඒ සමගම සෙළවීමක් දක්නට ලැබිණා. අපි සියල්ලෝම භ‍්‍රාන්ත වුනා. ධෛර්යය අරගෙන සොයා බැලූවා. ඉතා භයංකාර සර්පයෙක් අප පසුපස එමින් සිටියේය. ඒ සර්පයා සිදුකරන පිඹීම කුණාටුවක් සේ දැණුනා. වරින් වර මුඛය අරිද්දී අපි දුටුවේ විශාල බෙනයක් වැනි විවරයක්. මේ සත්ත්වයා මා ගිල දැමීමට උත්සාහ දැරුවා අපි හැකි ඉක්මනින් ගලකට නැග ගත්තා.
ඇනකොණ්ඩා ඉංගී‍්‍රසි භාෂාවේදී නාමපදයකි. ගස් උඩ වෙසෙන විෂ රහිත යන්න එහි තේරුමයි. මාංශ භක්ෂක ඇනකොණ්ඩා සතුන් වෙළා මරා ආහාරයට ගනී.
සාමාන්‍යයෙන් කොළොම්බියාව,, වෙනිසියුලාව, ගයනාව, ප‍්‍රංශය, ගයානාව, ඉක්දෝරය, පේරු රාජ්‍යය, බ‍්‍රසීලය, බොලීවියාව මෙන්ම ටි‍්‍රනිඩෑඞ් ¥පත්වල ද ඇනකොණ්ඩා දක්නට ලැබේ.
ජාත්‍යන්තරව ඇනකොණ්ඩා ලෙස භාවිතා වුවද ඇනකොණ්ඩා ලෝකයට හඳුන්වාදුන් ඇමරිකාවේ එවැනි නමක් භාවිතයේ තිබී නැත. සුකුරියු, කාමුඩි සහ හුයිලා යනුවෙන් ඇමරිකාවේ මේ සත්ත්වයා හඳුන්වා ඇත. කළු ඕවලාකාර හැඩයෙන් යුතු ඇනකොණ්ඩා ලොසින්ජර ආකාරයේ පුල්ලි වලින් යුක්තය. ල කොළපාට, අළු හෝ දුමුරු වටපිටාවක සිටීමට දැඩි පි‍්‍රයතාවක් දක්වයි.
දියේ කිමිදී නාස්පුඩු දියේ ගිලී විශාල කාලයක් දියේම සිටිය හැකි බැවින් මොවුන් වෝටර් බොආ ලෙස ද හඳුන්වයි. ඒ නිසා ජලජ ජීවියෙක් ද වෙයි.
සුලබ ඇනකොණ්ඩා අඩි 30 ට වඩා දිගකින් යුතු වේ. ඉතා දුෂ්කර ප‍්‍රදේශයන්හි ඇනකොණ්ඩාවන් පසුගිය වසර 150 ක කාලය තුළ වාර්තා වී තිබේ. සත්ත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඇනකොණ්ඩා විශේෂ හතරක් සිටින බවයි.
කෙසේ වෙතත් ඇනකොණ්ඩා යන්න දැන් ලෝකයේ ඉතා සුප‍්‍රසිද්ධ වචනයක් වී තිබේ. ෆර්ගියුසන් සඳහන් කරන්නේ ඇනකොණ්ඩා නැමැති වචනය උපත ලබා ඇත්තේ සිංහල භාෂාවෙන් බවයි. සිංහල වාග් මූලයන් ගැන පර්යේෂණ කළ ඔහු ඔක්ස්පර්ඞ්හි කෙටි වදන් හා වාක්‍ය යනුවෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකාශයට පත්කළ ග‍්‍රන්ථයේ දක්වා ඇත්තේ ඇනකොණ්ඩා සිංහල භාෂාවෙන් බිඳී එන ලද්දක් බවයි.
එමෙන්ම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ පුස්කාල සූචියේ අංක 95 ලෙස දක්වා ඇත්තේ හෙනකන්ජා නැමැති ග‍්‍රන්ථයකි. 1989 ඔක්ස්පර්ඞ් ශබ්ද කෝෂය වචන නිරුක්තිය ගැන සඳහන් කරමින් රේ ලෙයිඩන් කෞතුකාගාරයේ ඉන්දියානු සර්ප ලේඛණයේ ලංකාවේ ඇනකොණ්ඩා මී හරකුන්ගේ ඇට පොඩි කර ආහාරයට ගන්නා බවත් ලංකාවේ මෙවැනි සතුන් නොමැති බවත් සඳහන් කැර ඇත. මෙය දැනට ලංකාවේ භාවිතා කරන නමක් නොවන බවද ඔහු සඳහන් කරයි.
මේ විද්‍යාඥයන් පවසන්නේ 18 වැනි ශතවර්ෂයේ පටන් මෙරට විවිධ පාරිසරික සාධක හා සුන්දර වටපිටාවත්, ජනජීවිතයත් ගැන සටහන් තැබූ ලේඛකයෝ ඇනකොණ්ඩා නැමැති සිංහල නමට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ලබාදීම හේතුවෙන් ඒ නම ලොව පුරාව ව්‍යාප්ත වී ඇති බවයි. මේ ගැන මතවාද බොහොමයකි.
කවුරුන් කෙසේ කීවද දැන් ශී‍්‍ර ලංකාවේ පිඹුරන් හැර ඇනකොණ්ඩාවන් දක්නට නැත. ඇනකොණ්ඩා ඇත්තේ සත්වෝද්‍යානයේ පමණි. ඔවුන් තොග පිටින් උපතලබමින් සිටියි.

Monday, December 19, 2011

අති වේගවත් පරවි තැපැල් සේවය










ලෝක උරුම ගෘහ නිර්මාණ ශිල්පයෙහි ඇති අසාමාන්‍යතාව නිසාම ලෝක උරුම නගරයක් බවට පත්කැරුණු ගාල්ල කොටුවට බි‍්‍රතාන්‍යයන් 1873 දී හඳුන්වාදුන් නව කොටු දොරකඬේ සිට ගාලූ කොටුවේ දකුණු මායිම දක්වා දිවෙන ප‍්‍රදීපාගාර වීදිය ඔස්සේ එක්තරා සනධ්‍යාවක මම ගමන් ගත්තෙමි.

ඕලන්ද යුගයේ දැවැන්ත ස්ථම්භ වලින් සහ සුවිසල් ආලින්දයන්ගෙන් සමන්විත පෞරාණික නිවාස රැුසක් පසුකරගෙන මම එහි කෙළවරටම ගමන් ගත්තෙමි. ඒ මාර්ගය අවසන් වන්නේ පියගැටපෙළකින් නැග යායුතු ඕලන්ද අට්ටාලයකිනි. එය එවකට ෆිෂර් මාක් බැස්ටියන් නොහොත් ෆ්ලෑග් රොක් බැස්ටියන් ලෙස හඳුන්වන ලදී. ඒ පියගැටපෙළ අවට ඇත්තේ දෙවන ලෝක යුද්ධයේදී තනන ලද බංකර කිහිපයකි. එහි පියගැට පෙළ තරණය කර මුදුනට ගොස් ගාලූ කොටුවේ සිරි නරඹන අයකුට මුහුදින් දිස්වන්නේ විශාල අලියකුගේ හැඩරුව ඇති අලියා ගලයි. ඊට දකුණු පැත්තේ ඇත්තේ පරමවිඥ්ඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ප‍්‍රකාශයට පත්කරන ලද සරසවි සඳරැුස පත‍්‍රයට අනුව පරෙවි ¥පතයි. 1881 දී මෙම පුවත්පත පවසන්නේ මේ පරෙවි ¥පත ශී‍්‍ර ලංකාව පිළිබඳ පැරණිතම සිතියම වූ ගී‍්‍රක ජාතික ටොලමිගේ ලංකා සිතියමේ ඒවියම්ප්‍රොමෝනොටරි නැමැති ස්ථානය බවයි. අතීතයේ එහි පරවි කූඩුවක් වූ බැවින් පරවි ¥පත වූයේයැයි තතු දන්නෝ පවසති.

ප‍්‍රදීපාගාර වීදිය ඔස්සේ පැමිණියද අද එහි ප‍්‍රදීපාගාරයක සනිටුහන් කිසිවක් දක්නට නැත.

ගාලූ කොටුවේ මෙම ඕලන්ද අට්ටාලය මත තනවා තිබූ ප‍්‍රදීපාගාරය 1848 දී තනන ලද දිවයිනේ ප‍්‍රථම ප‍්‍රදීපාගාරයයි. මෙම ප‍්‍රදීපාගාරය ලෝහමය නිමැවුමක් බව ඉතිහාසය සඳහන් කරයි. ගෑස් කාන්දුවකින් ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම ප‍්‍රදීපාගාරය දැවී හළුවී ගොසිනි.

හිරු බැසයමින් තිබිණ. මළානික හිරුගේ රත් පැහැයෙන් ප‍්‍රදේශය අමුතුම සිරියක් ගනිද්දී මම ඡුායාරූප කිහිපයක් ගත්තෙමි. හදිසියේම එතැනට තවත් අපූරු හිතවතකු එකතුවිය. රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ හිටපු භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ නීතීඥ හේමන්ත සිටුගේ මහතා ගාල්ල කොටුව පිළිබඳ බොහෝ අධ්‍යයනයන් කළ තැනැත්තෙකි. ඔහු මා සමග එකතුවන මොහොතේම කොහේදෝ සිට පියඹා ආ පරවියෝ යුවලක් අප සිටි තැනට බැස මොනවාදෝ අහුළාගෙන කන්නට විය. මේ දෙස බලා සිටි සිටුගේ මහතා බලන්න මේ දෙන්නා යන්නේ කොතනටද කියලා යැයි කියමින් පරවි ජෝඩුව එළවා දැමුවේය.

හදිසියේම ඇසුණු අත්පුඩි පහරෙන් බියපත් වූ ඒ පරෙවි ජෝඩුව මදක් ඉහළ ගොස් ප‍්‍රදීපාගාර වීදියයැයි සටහන් වූ පුවරුව අසළ ඇති දෙමහල් ගොඩනැගිල්ලේ පිටුපසට පහත්වූහ.

පක්ෂීන් මගින් පණිවුඩ හුවමාරුව අපිට අහන්න ලැබෙන්නේ සිංහල සංදේශ කාව්‍යයන්හි පමණි. පරෙවි, කෝකිල, ගිරා , සැළලිහිණි, මයුර, කහකුරුළු ආදී වශයෙන් මේ සියළුම සංදේශ කාව්‍ය වාර්තා වන්නේ 13 සහ 14 වැනි ශත වර්ෂ වලදීය. මෙයින් පසුව ලංකා ඉතිහාසයේ කවර අවස්ථාවකදී වත් පක්ෂියකු මගින් පණිවුඩයක් ගෙන ගිය බවට අපේ ඓතිහාසික ලේඛණ හෝ සංදේශ කාව්‍ය වල හෝ වෙනයම් ලේඛණ වල හෝ නොමැත්තේය. මේ සංදේශ කාව්‍යයෙහි ඇති කථා විස්තරය සත්‍ය කථාවක් බවට පරිවර්ථනය කරනු ලබන අදහසක් හෝ සිදුවීමක් ගැන අපේ ඉතිහාසයේ පසුකාලීන සිදුවීම් වලින්වත් වාර්තා වේයැයි සිතිය නොහැකි තරමටම අතිශය දුර්ලභය.

නමුත් 1850 සිලෝන් ඔබ්සවර් පුවත් පත අනුග‍්‍රහයෙන් ආරම්භ කරන ලද පරවියන්ගේ සීඝ‍්‍රගාමී සේවය කොළඹ සිට ගාල්ල දක්වා දුම් නෞකාවල පණිවුඩ රැුගෙන යමින් කරන ලද නොමැකෙන සේවයක අවසන් නෂ්ඨාවශේෂ ඒ විය හැකි බව හේමන්ත සිටුගේ මහතා පවසයි.

ලංකා දිවයිනේ දක්ෂිණ අධිකරණ කලාපයේ හිටපු නියෝජ්‍ය රාජ නීතීඥ හෙන්රි චාල්ස් සර් මහතා තමන් විසින් ලයන ලද ක්‍ෑශඛධභ ්භෘ ක්‍ෂභඨ්ඛෑීෑ නැමැති ග‍්‍රන්ථය ලංකාව සහ සිංහලයෝ නමින් සිංහලයට පරිවර්ථනය කරන පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා ගාලූ වරායට දුම් නැව් පැමිණීම පිළිබඳ විස්තරය පරිවර්ථනය කර ඇත්තේ මේ ආකාරයෙනි.

එංගලන්තයේ සිට පැමිණෙන දුම් නැව ගාලූ වෙරළට ල`ගා වත් ම නැව තුළ මෙන් ම වෙරළෙහි ද ඇති වන්නේ එක සමාන කලබලකාරී පරිසරයකි. නැවේ කපිතාන් වරයා ඔහුට අවශ්‍ය අමතර ගල් අ`ගුරු තොගය සපයා ගෙන ඉවසිලිමත්ව සිටින අතර දවස් ගණනක් නැතහොත් සති ගණනක් තිසේසේ ගොඩබිම් පරිසරයක ප‍්‍රබෝධය විද නොගත් මගීහු පැය කීපයකට වුව ද පොළොවක පය ගැසීමේ නොනිත් ආසාවෙන් පසුවෙති. මෙම ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්කැර ඇත්තේද 1850 වර්ෂයේදීය.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

නොයෙක් ආහාර ද්‍රව්‍ය රැුගෙන දුම් නැව කරා ඇදෙන ඔරු ද මගීන් හා ඔවුනගේ ගමන් බඩු පටවා ගෙන දුම් නැවේ සිට ගොඩ බිමට දිවෙන ඔරු ද වරායේ ජල තලය පුරා විසිර යනු දක්නට ලැබේ. ඒ අතර ගල් අ`ගුරු තොගවිලින් බර වුණු විශාල බෝට්ටු කුඩා ඔරු අතරින් රිංගා ගෙන දුම් නැව දෙසට දිව යයි. ඒ සියල්ල සමග ම නැව තුළ ඇති වන කලබගෑනිය විස්තර කළ නො හැකි තරමේ සංකීර්ණතාවකට පරිවර්තනය වෙයි. තමන්ගේ නොයෙක් බඩු පොදි, ඒවා රැුගෙන වෙරළට යාත‍්‍රා කරන්නට නැව අසල සූදානමි ව තිබෙන ඔරුව මතට වීසි කරන මගියෝ, ඒ සමග ම දුම් නැවේ පසෙකින් රැුඳුණ ඉණි මග ඔස්සේ පහළට බැසීමේ උත්සාහයක යෙදෙති. නැවේ ඉහළට නැෙ`ගන කුලී කරුවන් හා පහළට බසින ම`ගීන් ද ඔවුන්ගේ ගමන දෙපසට යන්නට දරන ප‍්‍රයත්නයේදී තද බල තෙරපීමක් ඉණි ම`ග මතැ ඇති වන්නේය.

සැබැවින්ම එය අපූර්වතම විස්තරයකි.

මේ සියළු ගාල ගෝට්ටි කළ කොලාහල අස්සේ වේගයෙන් නැවේ බඳට පැමිණි යම් අයෙකු කඩිනම් නැවෙන් බැස ඔරුවකට ගොඩවූවේය. ඔහු අත ඇත්තේ ගමන් මල්ලක් නොව වෙනත් ආකාරයක් ගන්නා ලිපි ගොණුවකි. වරායේ ජැටියට ගොඩබට ඔහු කොටු දොරකඩ වෙතට ගමන් කරන්නේය. තද කොළ පැහැති ඇඳුමෙන් සැරසී සිටින ලංකා රයිපල් හමුදාවේ මුර සෙබළුන් විසින් රක්නා ගාලූ කොටු දොරටුවෙන් ඇතුල්වී දකුණු පසට හැරී කුඩා කඳු කැටය තරණය කොට රැුජන මන්දිරයද පසුකොට ගොඩනැගිලි අතරින් නොපෙනී ගියේය. ඔහු නැවත මතුවන්නේ සී ෆ‍්‍රන්ට් ස්ටී‍්‍රට් නැමැති මාවතේ අවසන් කෙළවරේ පිහිටි දෙමහල් මන්දිරය අසළිනි. එය ඕලන්ද සමයේදී සී බර්ග් ස්ටාට් ලෙස හැඳින්වූ මාවතයි. ඉංගී‍්‍රසීන් එය සී ෆ‍්‍රන්ට් ස්ටී‍්‍රට් ලෙස හඳුන්වන්නට වූයේය. ඒ අසළ ඇති දෙමහල් මන්දිරයේ සිටින තැනැත්තෙකු මහත් ගෞරවයෙන් නැවෙන් ගෙන ආ ලිපි ගොනුව සියතට ගනී.

එදා ඔහු නැවෙන් ලිපි ගොනුව රැුගෙන ආ සී ෆ‍්‍රන්ට් ස්ටී‍්‍රට් නැමැති මාර්ගය අද එනමින් හැඳින්වෙන්නේ නැත. ප‍්‍රදීපාගාරය ඉදිකර කළක් ගතවෙද්දී ඒ මාර්ගය ප‍්‍රදීපාගාර වීදිය බවට පත්ව ඇත. ලිපිගොනුව ඒ දෙමහල් නිවසට ලැබී සුළු වේලාවකින් තමන්ගේ පාද වල යමක් ගැට ගසා ගත් පරවියෝ එකා දෙන්නා නිවසින් එළියට විත් වේගයෙන් කොළඹ දෙසට පියඹා යයි. අපි ගාල්ල කොටුවේදී දුටු පරවියන් ජෝඩුව ද රිංගා ගත්තේ මේ දෙමහල් නිවසටමය. අදින් වසර 150 කට පමණ පෙර සිය පරපුරේ මුතුන් මිත්තෝ සිටි නිවස අවට තවමත් මේ පරවි ජෝඩුව සැරිසරමින් සිටිති. එහෙත් එදා මෙන් ඔවුන්ට පැවරුණු රාජකාරියක් නැත.

එංගලන්තයේ සිට මෙරටට ගෙන එන ලද ලිපිගොණුව සිලෝන් ඔබ්සවර් පුවත් පතේ පළ කිරීමට ගෙන එන ලද පුවත් සමුදායකි. ගාල්ල වරායේ සිට ඒ පුවත් කොළඹ යැවුණේ පරවියන් යොදා ගනිමිනි. සංදේශ කාව්‍ය රචනා වීමෙන් පසු මෙරට යම් පණිවුඩයක් ගෙන යාම සඳහා පරවියන් හෝ වෙන යම් ආකාරයක හෝ පක්ෂී විශේෂයක් යොදාගත් බවට ඇති එකම වාර්තාව එයයි.

පණිවුඩ හුවාමරු ක‍්‍රම දියුණු වීමට බොහෝ කළකට පෙර අතීත ශිෂ්ඨාචාරයන්හි පණිවුඩ ගෙන යාම සඳහා පරවියෝ විශාල වශයෙන් යොදාගෙන තිබුණි. නමුත් ගාල්ලේ සිටි කොළඹ දක්වා පැවැති සීඝ‍්‍රගාමී පරවි පණිවුඩ ගෙනයාමේ සේවාව පුදුම සහගත ආකාරයේ වාර්තාගත සේවාවකි.

අදද නවීන පන්නයේ සුඛෝපභෝගී බස් රථයකින් කොළඹ යන්නේනම් අවම වශයෙන් පැය තුනක හෝ කාලයක් ගතවේ. නවීන පුද්ගලික මෝටර් රථයකින් අධි වේගයෙන් ගියහොත් ඒ කාලය පැය දෙකහමාරක් පමණ දක්වා අඩුකැර ගැනීමේ හැකියාව ඇත. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිවූ පසු ගාල්ල සහ කොළඹ අතර යාමට ගතවන කාලය පැය එකහමාරක් දක්වා අඩුවන බව පැවැසේ. එහෙත් අතීත සටහන් අනුව පෙනී යන්නේ මේ පරවියෝ විනාඩි 45 ක කාලයකදී ගාල්ලේ සිට කොළඹට ගිය බවයි. එය සැබැවින්ම විශ්වාස කළ නොහැකි ආකාරයේ විශ්මය ජනක වේගයකි.

1938 ජනවාරි 01 දා ඉලස්ටේ‍්‍රටඞ් ලන්ඩන් නිවුස් පුවත් පතේ මේ පරවි සේවාව පිළිබඳ දීර්ඝ විස්තරයක් තිබේ. එහි දැක්වෙන්නේ මේ සේවාවේ යෙදුණු පරවියෝ කරන ලද මෙහෙවර අතිශයින්ම විශ්වාස කළ නොහැකි තරම් විශ්මයජනක බවයි.

ඉන්කර්වරුන්ගේ යුද්ධය පිළිබඳ තොරතුරු පිහාටු පෑනකින් ලියා හකුලන ලද කඩදාසියක් තම පාද වල එල්ලාගත් පරවියකු ගාල්ලේ සිට කොළඹ දක්වා සැතපුම් 72 ක කාලය විනාඩි හතලිස් පහකින් පියෑඹීය යන කතාව ඇදහිය නොහැකි වුවත් එය සත්‍යයක් බව එම පුවත් පත පෙන්වා දෙයි. මේ සඳහා පරවියෝ පැයට සැතපුම් අනූහයක විස්මිත වේගයකින් ඉගිලගොස් තිබේ. මේ සඳහා ඔවුන්ට වෙරළ ආසන්නයේ යහපත් කාලගුණය අවශ්‍ය විය. බොහෝ වාර ගණනක් ගමනෙහි යෙදීමෙන් ලත් පළපුරුද්දට වඩා ඔවුන්ට උපකාරී වූයේ කොළඹ පිහිටි සිලෝන් ඔබ්සවර් පුවත්පත් කාර්යාලයේ පරවි කූඩුවේ සිටින තම පෙම්වතිය දැකබලා ගැනීමේ දැඩි ආශාවයි. එබැවින් මුදා හළ වහාම ඔවුන් හැකි ඉක්මණින් කොළඹට පියඹන්නට ඇත.

ඉලස්ටේ‍්‍රටඞ් ලන්ඩන් නිවුස් පුවත් පතට අනුව ලියමු රැුගෙන යෑමට පුරුදුව සිටින පරෙවියකු පියාඹන උපරිම වේගය පැයට සැතපුම් හතළිස් පහකි. බියපත් වූ විට පරවියකු පැයට සැතපුම් පනස් පහක වේගයක් ගන්නා බවත් සුළගේ උපකාරය ලැබුණහොත් එය පැයට සැතපුම් හැටක් දක්වා වැඩිකරගත හැකි බවත් විද්‍යාත්මක දත්ත සහිතව එම පුවත් පතේ විස්තර කර ඇත.

වැහි ලිහිණියා පැයට සැතපුම් එකසිය හයක වේගයක් ද රාජලියකු සතුරකු ලූහුබදින විට පැයට සැතපුම් එකසිය විස්සක වේගයක් ද වර්තා කැර ඇත. ලොව වේගවත්ම පක්ෂියා ලෙස වාර්තා තබා ඇති දඩයම් උකුස්සාගේ වේගය පැයට සැතපුම් එකසිය අසූවකි.

මේ අනුව සිලෝන් ඔබ්සවර් පුවත්පතේ පරවි සේවාව සුවිශේෂී ධාවන වාර්තාවක් තබා ඇත.

අද පරවි ¥පත හිස්ව ගොසිනි. මේ ¥පතේ පරවි කූඩුවක් ¥පතක්ද දක්නට නැත. ගල් තලාවක් ඉතුරුවන තරමටම මුහුදට බිලිවූ පරවි ¥පත නිසොල්මන්ය. මොහොතක් අපට පෙනී නොපෙනී ගිය පරවි යුවලද නැවත එන බවක් දක්නට නැත. ලෝක උරුම නගරයේ තවත් සැගවුණු මතකයක් බවට මේ පරවි සේවාව පත්වෙමින් තිබේ.

Friday, December 16, 2011

හම්බන්තොට දඩයමේ ගිය සුදු දඩයක්කාරිය

බ්‍රෙන්ඩා කොක් මහත්මිය තවමත් සිය සැරයටිය
එල්ලයට ගෙන වෙඩි තියන ආකාරය පෙන්වයි.



ඈත එපිට හම්බන්තොට පරන් දේශයේ කතරගම මාර්ගය ආසන්නයේ සාමාන්යු නිවසක ජීවත් වන සුදු ජාතිකයා සමග මම සාකච්ඡුා කරමින් සිටින්නෙමි. ඒ අසළට සිය හැරමිටයට වාරුගෙන පැමිණෙන තවත් කාන්තාවකි. බිත්තිය අල්ලාගෙන මා දෙසට හැරමිටිය එල්ල කළ ඇය
‘‘ ආ........... මේ කොල්ල ද පත්තරෙන් ආවා කිව්වේ. ’’ යැයි ඇසුවේ මා සමග කථාවට මුලපුරමිනි. මේ සුදු ජාතිකයන් දෙදෙනා දැන් අමු සිංහලයන් සේ කතා කරති.
මේ ජර්මනියේ සිට මෙරටට පැමිණ සිය වර්ගයා මෙහි බෝරකරමින් දැන් සිංහලයන් සමග මුසු වී සිටින කොක් පවුලේ ද`ගකාරියයි. වයස්ගත වුව ද ඇය තවමත් තරුණ වියේ කළ කී දෑ පැවසීමට සූදානමින් සිටින්නේ ඉමහත් පීතියෙනි.
එදා 1907 දී යාපනයට පැමිණි නාවුක යාතරාේර්වකින් එරික් ෆෙඞ්රික් රෙජිනෝල්ඞ් ෆොන් කොක් මහතා මෙරටට පා තබා තිබේ. එය මේ පවුලේ ආරම්භයයි.
කොක් මහතා යාපනයේ සිට හම්බන්තොට පරවු දේශයට පැමිණෙන්නේ දිස්තිර්ෆෙක්කයේ රජයේ මිනින්දෝරුවරයා වශයෙනි. අයිරිෂ් ජාතික නෝරා කැතරින් සමග විවාහ වී සිටි ඔහුට දරුවන් පස්දෙනකු සිටියහ. ඒ අතරින් වැඩිමහලා වූ ඇලන් රොනල්ඞ් නොඑල් කොක් මෙරට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කළේය. ඔහු 2003 වර්ෂයේ එංගලන්තයේදී මියගියේය.
පවුලේ දෙවැන්නා වූයේ ඊවා ඇන්ජලින් නෝරා කෝක් මහත්මියයි. ඕස්ටේරික ලියාවේ රොනල්ඞ් වොට්සන් සමග විවාහ වූ ඇගේ පුතා එරට සුපර මගසිද්ධ න`එවෙකි. 1970 සිට ඇය හම්න්තොට ජීවත් වීම ස`දහා තෝරාගෙන සිටින්නීය.
කොක් පවුලේ තුන්වැනි දරැුවා වූයේ නෝරා බෙල් මහත්මියයි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්යාටලයේ ආචාර්ය වරයෙක් සමග විවාහ වූ ඇය මේ වනවිට ජීතුන් අතර නැත.
සිව්වැන්නා වූ බ්රෙ න්ඩා වයලට් අයරි කොක් මහත්මිය බිරල ්තාන්යේ රාජකීය නාවුක හමුදාවේ සිරිල් ලෑන්ඩවුට් සමග විවාහවී එංගලන්තයේ ජීවත් වූ අතර සිය සැමියා මියයාමෙන් පසු යළි මෙරටට පැමිණියාය.
අර්නස්ට් රෙජිනෝල්ඞ් ෆෙඞ්රික් පවුලේ බලයාය. ඔහු විවාහ වූයේ ජයවර්ධන පතිරණ කරලිනා නැමැති සිංහල කාන්තාවක් සමගිනි. ඒ නිසාම ඔහු මේ රටේම බින්න බැස්සේ එහි උරුමකම් බොහොමයක් ඇතිකැර ගනිමිනි.
හම්බන්තොට කොක් නිවස සොයා අපි එහි යනවිට කොක් පවුලේ දරුවන් වූ ඊවා, බ්රෙ න්ඩා සහ අර්නස්ට් යන තිදෙනාම ජීවතුන් අතර සිටියහ. නමුත් මේ ලිපිය ලියන මොහොත වනවිට ඒ තිදෙනාම මේ ලෝකය හැරදමා ගොසිනි.
අර්නස්ට් සිය කටහ`ඩ අවදි කළේ මේ ආකාරයෙනි.


අර්නස්ට් රෙජිනෝල්ඞ්, බ්රෙ‍න්ඩා සහ ඊවා



මගේ තාත්තා සුද්දෙක් වුනත් කවදාවත් සිගරැුට් බිව්වේ නැහැ. මත්පැන් පානය කළේ නැහැ. අපේ සීයත් ලංකාවට ඇවිත් හිටියා. එයා මැරුණේ මට වයස අවුරුදු 16 දී. එදා මමත් භූමදානයට සහභාගී වුනා. සීයා නාකියාදෙණියේ තේ වත්තක් පාලනය කළා. තේ විතරක් නොවෙයි කෝපි, කොකෝවා පවා වවල තිබුණා. සීයාගේ සිරුර භූමදාන කළේ ගාල්ලේ දඩල්ල ප්‍රදේශයේ.
ඔහු පවසන්නේ තම පියා ලෙනාඞ් වුල්ෆ් සමග කාලයක් වැඩ කළ බවයි. ඔවුන්ගේ පියාට වැටුප් ගෙවා ඇත්තේ ද ලෙනාඞ් වුල්ෆ් මහතා විසිනි. සිය පියාගේ ප්‍රධානියා වූයේ මිනින්දෝරු බ්රෝහියර් මහතා බවත් ඔවුන් දොස්තර ආර්.එල්.ස්පිට්ල් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ බවත් පවසයි.
ඒ කාලේ අපි සපත්තු හැදුවා. සපත්තු හදන්න ගත්තේ තලගොයන්ගේ, පිඹුරන්ගේ සහ මුවන්ගේ හම්. මේ හම් පදම් කරලා සපත්තු මහලා පිටරට යවලා හො`ද ආදායමක් ලැබුවා. අර්නස්ට් එසේ කියද්දී ඔහුගේ සොහොයුරිය බ්රෙ න්ඩා ද කථාවට එක්වූවාය.
අපි හැමෝටම හො`දට වෙඩි තියන්න පු`එවන්. හම්බන්තොට දිසාපතිගෙන් බලපත්‍රයක් අරගෙන මම දඩයමේ යනවා. ඒ කාලේ අපි තරුණයි. ඉතින් යකෙකුටවත් බය නැහැ. රයිපල් එකක් තිබුණා. පප්පගේ යා`එවෝ හම්බන්තොට ඇවිත් දඩයමේ යනකොට කැලේ ගැන විස්තර කියන්නෙත් මම තමයි. එසේ පවසන බ්රෙ.න්ඩා තම සැරයටිය රැුගෙන රයිපලයක් මෙන් එයින් ඉලක්කය ගත්තාය. ඇය පවසන්නේ ලෙඩ දුක් නැතිනම් තවමත් දඩයමේ යන්නට සිතෙන බවයි.


බ්‍රෙන්ඩා තරුණ වියේදී මරා දැමූ කොකෙක් ද අතැතිව



තමන්ට වඩා වැඩිමහල් අයියා සහ බාල මල්ලී සිටියද මේ නිවසේ කොල්ලා වූයේ බ්රෙදන්ඩා බව අර්නස්ට් අප සමග කීවේ ඇගේ කථාවට ඉඩ දෙමිනි.
පප්පා තංගල්ල, හම්බන්තොට, බෙලිඅත්ත, අම්බලන්තොට ඉඩම් මනිනවා. මට ලොකු ගව පට්ටියක් තිබුණා. ඒකේ හරක් 200 ක් විතර හිටියා. ඉතින් බලාකියා ගන්න කට්ටියත් හිටියා. ඒ වගේම මම එ`එවෝ 500 ක් හැදුවා. ඒ දවස්වල හො`දට කිරි තියෙනවා.
බ්රෙ න්ඩා පවසන්නේ ඇය තරුණ වියේදී හම්බන්තොට වන සතුන්ගෙන් ගහණ පරක් දේශයක් බවයි.
‘‘ ඒ කාලේ ගේ ල`ගටත් කොටි, මුවෝ , ගෝන්නු විතරක් නෙවෙයි අලි පවා එනවා. අපි කවදාවත් අලින්ට වෙඩි තිව්වේ නැහැ. කොටි ආවමනම් හරිම කරදරේ එ`එවන්ගේ මඩුවට පැනලා උන්ව අරගෙන යනවා. පප්ප කියනවා කවදාවත් සතෙකුට නිකන් වෙඩි තියන්න එපා කියලා. පරතර යෝජනයක් තිබෙනවානම් විතරක් වෙඩි තියන්න කිව්වා. පප්පා හො`ද දඩයක් කාරයෙක්. පප්පා එක්ක දඩයමේ යන්න අම්මත් එනවා. අම්මානම් කවදාවත් වෙඩි තියන්නේ නැහැ. ’’
ඇය පවසන්නේ තම පප්පාගෙන් වෙඩි තැබීමට හුරුවී මුවන්, හාවුන්, ගෝනුන් මෙන්ම විශාල කුරුල්ලන්ද මරා දමා ඇතිබවයි. එමෙන්ම වෙඩි තැබීමට අපහසුම සත්ත්වයා ඌරන් බව ද ඇය කීවාය.
‘‘ දවසක් මම කැලේ යනකොට ලොකු බල්ලෙක් මගේ පස්සෙන් එලවගෙන ආවා. මම හො`දටම භය වෙලා දුවගෙන ගිහින් කඩාගෙන වැටුණු ගහක කොටයකට නැගලා බල්ලට වෙඩි තිව්වා. බල්ලා එතනම මැරිල වැටුණා. මේක තාත්තාට කිව්වම මම හො`දටම බැණුම් ඇහුවා. ’’
තාත්තානම් අලින්ට පවා වෙඩි තැබූ බව ඇය කියද්දී අර්නස්ට් කොක් මහතා තමන් කොටියකු මරා දැමූ ආකාරය විස්තර කළේය.
‘‘ එදා හො`දටම හවස් වෙලා. දවස් කීපයක්ම අපේ එ`එ පට්ටියට කොටියෙක් රිංගලා තිබුණා. මම තව සේවකයෙක් එක්ක කැලේ ගියා. දැන් ඔය තංගල්ල නගරය කිට්ටුවටම අපි ගියා. දිගටම කැලෑ පරාු දේශ තමයි ඒ දස්වල තිබුණේ. කොහොම හරි මට කොටියා හමුවුනේ දැන් ඔය සාගර විශ්ව විද්යාගලය තියෙන හරියෙදී. මම වෙඩිතිව්වා. ටිකක් වෙඩි කාගෙන ගිය කොටියා මැරී වැටුණා. ’’
කොල්ලූපිටියේ මෙතෝදිස්ත විදුහලේ අධ්යාටපනය ලැබූ මේ දරුවන් දඩයමේ යමින් ගමේ කෙළි දෙලෙන් පසුවන්නේ පාසල් නිවාඩු කාලයේ පමණි එහෙත් මේ සාකච්ඡුාව සිදුවන අවස්ථාවේදී ඔවුහු තම තරුණ කාලය මෙනෙහි කරන්නේ මහත් සන්තෝෂයෙනි.
තංගල්ලට මුල්ම වාහනය ගෙන ආවේ ද මේ කොක් පවුල විසිනි. ඒ ෆෝර්ඞ් එම් පහ ලෙස හ`දුන්වන කාරයකි. ඉන් පසු වත්තේ පිටියේ වැඩවලටත්, ව්යා.පාරික කටයුතු වලටත් වුවමනා බැවින් ඔස්ටින් වර්ගයේ ලොරියක් ද කොක් මහතා විසින් මිලදී ගත්තේය. එය සී.ඊ. 19 අංකය යටතේ ලියාපදිංචි වී තිබිණි.


තංගල්ලට ගෙන ආ පර්ව ථම මෝටර් රථය සමග ඊවා කොක් තරුණ වියේදී



බ්රේන්ඩා පවසන්නේ ඔවුන් දඩයම් කළ සතුන් ආහාරයට ගැනීමට අමතරවඑම සතුන්ගේ හම භාවිතා කරමින් සපත්තු මැසීමේ කාර්යය ද කරගෙන ගිය බවයි. එම ව්යාමපාරය ටිකෙන් ටික දියුණු වෙද්දී කොළඹ නගරයේද සපත්තු අලෙවි කිරීමේ ස්ථානයක් ආරම්භ කැරුණි.
බ්රෙතන්ඩා හට සිය සැමියා හමුවන්නේ ද මෙවැනි ව්යාමපාරික කාර්යයකදීය. ගාල්ලේ නාවුක ක`දවුරේ සේවය කළ සිරිල් ලෑන්ට්ඩවුන් මහතා සපත්තු මිලදී ගැනීමට හම්බන්තොට පැමිණියේය. ඔහුට සපත්තු අළෙවි කළ බ්රෙතන්ඩා ඇය සමග ආදර සම්බන්ධයක් ඇති කරගත්තාය. පරටත තිඵලය වූයේ දෙදෙනා විවාහ වීමයි.
කොක් පවුලේ අනෙක් වයෝවෘද්ධ කාන්තාව මා ඉදිරිපිට සිටිය ද ඇයට කතා කිරීම අතිශය වෙහෙසකර කාර්යයකි. වයස්ගත වු ඇය 1954 මෙරට රූ රැජින වූවාය. ලෝ දහම අනුව යමින් ඇය වයස්ගත වුව ද එදා රූ සපුවේ සුන්දරත්වය ඇය කෙරෙන් තවමත් පලාගොස් නැත.

රූ රැජින වූ ඊවා කොක්



සිය සේවකයන්ගෙන් දෙමළ භාෂාවත් යම් තරමකින් ඉගෙනගත් බ්රෙවන්ඩා සහ අර්නස්ට් හො`දින් සිංහල හසුරුවති.
‘‘ අපි සුද්දෝ වුනාට මේ ලංකාව තමයි අපේ රට. අපි ලංකාවට හරිම ආදරෙයි. අපි ජර්මනියට ගිහින් ඒ රටත් බලලා ආවා. ඇත්තටම අපිට මේ රටේ ජීවත් වෙන්න හැකිවීම වාසනාවක්. ’’ ඔවුහු අවසාන වශයෙන් එසේ කීවේය.
දැන් ඊවා, බ්රෙටන්ඩා සහ අර්නස්ට් තිදෙනාම ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් විසින් මෙරට බිහිකළ පරපුර තවත් ¥ දරුවන් ඇති කරමින් බොහෝ කල් පවතිනු ඇත. කොක් පවුල දැන් අමු සිංහලයන් වී තිබේ. ඔවුන් යුරෝපීයයන් යැයි තංගල්ල නෙටොල්පිටියේ ගම්වාසීන්ට නම් කිසිදා නොසිතෙනු ඇත. ඒ තරමටම කොක් පරපුර හම්බන්තොට ගැමියන් බවට පත්ව සිටිති.