

ගාල්ලේ විවිධ උත්සව අවස්ථාවන්හිදී මා දකින ඇය ඒ සෑම අවස්ථාවකදීම මගේ නම කියා කථා කොට දුක සැප විමසීමට පුරුදුව සිටියාය. එමෙන්ම ඈ කෙරෙහි මා තුළ වූයේ ද අප‍්‍රමාණ ගෞරවයකි. මහින්දයේ විදුහල්පතිවරු සිව් දෙනකු යටතේ අධ්‍යාපනය හැදෑරූ මට සමීපවූ තවත් විදුහල්පතිවරයකු හෝ විදුහල්පතිනියක වූවානම් ඒ ඇයම පමණි.
ඇය විශේෂත්වයක් දැක්වූයේ මට පමණක් නොවේ පාසල් කාලයේ අපේ සමකාලීනයන් වූ රිච්මන්ඞ් විද්‍යාලයේ මධුර, බාහීර්, හේමන්ත, පි‍්‍රයන්ත ඈපා මහින්දයේ මංජුල හෙට්ටිආරච්චි, මංජුල දෙල්පචිත‍්‍ර, ඇලූවීෂියස් විද්‍යාලයේ දිමුතු ආදී බොහෝ දෙනකු ඇය නමින් ආමතන්ත‍්‍රණය කරන්නට දැන සිටියාය. එපමණක් නොව අප සියල්ලෝම පෙරලා ඇයට ආදරය ගෞරවය පුද කළහ.
මගේ ජීවිත සහකාරිය ද ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ සිසුවියක වූ බැවින් මේ බැඳීම තව තවත් තීව‍්‍ර වන්නට ඇත.
අප පාසල් දිවියට ආයුබෝවන් කියා වසර ගණනාවක් ගත වුවද මේ ලෙන්ගතු කම නොවෙනස්ව පැවතිණි. ඇයට ද අපි වෙනත් පාසලක සිසුන්යැයි හැ`ගීමක් නොතිබෙන්නට ඇත්දැයි සිතන්නට වන තරමටම ඇය අපේම ගුරු මාතාවක් වූවාය. ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිනි රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය. විටෙක අපටම මාතාවක් වූවායැයි මට සිතේ. ඇය පාසලින් සමුගත්තායැයි ඇසූ මොහොතේ මගේ සිතේ නැගුණේ මගේම පාසලේ විදුහල්පතිවරයකු විශ‍්‍රාම ලැබුවා වැනි හැ`ගීමකි.
පසු කළෙක ඇගේ සුව දුක් බලන්නට යා යුතුයැයි අප දෙදෙනා කොතෙක් සිතුව ද දිනෙන් දින එය මග හැරී ගියේ අභාග්‍යයකට විය යුතුය. මධුර ද මේ ගමනට එක්වන්නට පෙරුම් පිරුවද අපි සියල්ලෝම අවාසනාවන්තයෝ වූහ. පසුගිය වසර උදාවූයේ අප කිසිසේත්ම අසන්නට අකමැති වූ ආරංචියක් සවන වැකීමෙනි.
‘‘සිස්ටර් රොසිනා නැතිවෙලා’’
සිරංගිකාගේ හ`ඩ වෙව්ලයි. ඇය නොහ`ඩා නොසිටින්නේනම් එය පුදුමයකි. මම ද නිරුත්තර වූවෙමි. අපේ පාසල් කාලයේ සමීපතම ගුරුවරයා වූ නිමල් ගමගේ ගුරු පියාණන් මියගිය පුවත අසන්නට ලැබුණු පසු මගේ දෑසට කඳුලක් ඉණුවේ නැත. නමුත් සිස්ටර් රොසිනා වෙනුවෙන් දෑස් තෙත් වන බව මට දැනෙයි.
‘‘ මධුර............. සිස්ටර් නැතිවෙලා. ’’ මම මධුර පණිවිඩය කීවෙමි.
ඔහු දීර්ඝ නිහැ`ඩියාවකය. මේ පුවත අපි කිසිවෙකුටත් දරාගත නොහැකි දෙයකි. අපි ඇගේ විදුහලේ ඉගෙනුම නොලැබුව ද, ඇගෙන් අකුර උගනින්නට වාසනාව ලද්දෝ නොවූවද සැබැවින්ම ඇය මටත් මගේ මිතුරන් රැුසකටත් සදානුස්මරණීය ගුරු මාතාවක්ම වූවාය. ඒ නිසාම මම මේ කෙටි සටහන තැබුවෙමි.
ලංකාදීප පුවත්පත වෙනුවෙන් තැබූ මතු දැක්වෙන සටහනින් රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියගේ ගුණ සමුදාය කියා නිම කරන්නට නොහැකි වුවද මම පුංචි උත්සාහයක් ගත්තෙමි. ඒ බොහෝ සීමා මායිම් වලට කොටු වෙමිනි. එය පුවත් පතේ පල වෙද්දී තවත් සංස්කරණයන්ට බඳුන් වී තිබිණි. දැන් මේ සටහන තබා වසරක් ඉක්මගොස් තිබේ. 2011 ජනාවාරි 12 දාට හිරු උදාවෙමින් තිබියදී මම තැබූ සටහන හරියටම ඉන් වසරකට පසු සම්පූර්ණයෙන්ම යළි මගේ බ්ලොග් අඩවියේ සටහන් කරන්නේ ඇයට උපහාරයක් ලෙසිනි.
ලංකාදීප පුවත්පතට යන ලද ලිපිය
සිය පියාගේ අතින් මිදී පාසල වෙත දුව එන කුඩා දියණිය දෙස ඇය ආදරයෙන් බලා සිටියාය.
මවට වැද පාසලට එන දැරිය රැුගෙන ආ මල් පොකුර පාසලේ දොරටුව අසළට වී බලා සිටි ඒ මාතාව අත තැබුවේ සුබ උදෑසනක් වේවා යන ප‍්‍රාර්ථනය ද සමගිනි. විදුහල්පති මාතාව සුවඳැති ඒ මල් පොකුර ස්තූති පූර්වකව සෙනෙහසින් භාර ගනිද්දී ඒ දියණිය ප‍්‍රමෝදයෙන් යුතුව පාසලට ඇතුළු වූවාය. ගාල්ල ශී‍්‍ර හෘදය කන්‍යාරාමය අපූරු ඉස්කෝලයක් වූයේ ඒ ආකාරයෙනි.
මුළින්ම පාසලට එන දියණිය පැමිණීමටත් පෙර දොරටුව අසළට ගිය ඒ විදුහල්පති මාතාව දැයෙන් සමුගෙන තිබේ. පුරා වසර තිහක් තම විදුහල්පතිනියට මල් පොකුරු ගෙන ආ දියණියෝ මල් පොකුරු රැුගෙන යළිත් තම විදුහලට පැමිණෙද්දී ඒ මාතාව නිහ`ඩව වැතිර සිටින්නීය.
තොටිල්ලේ සිට සුසානය දක්වාම අධ්‍යාපනය සොයන්න යන්න ආදර්ශයක් කැර ගත් ඇය දයාවේ කන්‍යා සොයුරියක් වුවද ගාල්ල ප‍්‍රදේශයේ කිතුනුවන්ගේ පමණක් නොව බෞද්ධයන්ගේත්, හින්¥න්ගේත්, ඉස්ලාම් භක්තිකයන්ගේත් නොමද ආදරයටත් ගෞරවයටත් පාත‍්‍රවූ ආදරණීය මාතාවක් වූවාය.
ගාල්ල ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ වසර 30 ක කාලයක් විදුහල්පති ධූරය හෙබවූ රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය එහි ඉගෙනුම ලැබූ සිසු දැරියන්ටත් විදුහලේ ගුරු භවතුන්ටත් විදුහල්පතිනිය වුවද ඇය ගාල්ලේ සියළුම පාසල්හි සිසු දරු දැරියන් අතර ආදරයට පාත‍්‍ර වූ සැබෑ ගුරු මාතාවක් වූ බැවින්ම ඇයගේ මරණය අසන්නට ලැබුණු බොහෝ දෙනකු හ`ඩා වැළපුණහ. ඒ කුඩා කෙස`ග සිරුරකට හිමිකම් කියූවද ඇයගේ පෞරුෂයත් අභිමානවත් චරිත ලක්ෂණ සමුදායත් ශී‍්‍ර හෘදය කන්‍යාරාමය ඉක්මවා දසත පැතිරීයන්නක් වූ බැවිනි.
ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරුවකු වූ විල්සන් නානායක්කාර මහතාගේත් මාගරීටා පෙරේරා මහත්මියගේත් පවුලේ හත්වැනි දරුවා ලෙස 1943 සැප්තැම්බර් මස 09 වැනි දින උපතලැබූ ඇය සිය මූළික අධ්‍යාපනය ලැබීම සඳහා රත්නපුරයේ ජේසු බිළිඳුන්ගේ පාසලට ඇතුල් කිරීමට දෙමාපියෝ කටයුතු කළහ.
කන්‍යා සොයුරියන්ගේ ආදර්ශයන් ලබමින් ඉතා විනයගරුකව හා ආගමට ලැදි දිවි පෙවතකට පුරුදු පුහුණු වූ ඇය විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත්වූයේ නායකත්වය දැරීමට දැක්වූ දක්ෂතාවය හේතුවෙනි. පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී සිය පවුලේ වැඩිමහල් සොහොයුරිය වූ පොල් නානායක්කාර කන්‍යා සොයුරියක් බවට පත්වීම ඇයගේ ජීවිතය ද වෙනස් කරන්නක් වී තිබේ.
‘‘ එදා මගේ අක්කා කන්‍යා සොයුරියක් බවට පත්වූ වෙලාවේ මම අධිෂ්ඨානයක් කරගත්තා. මමත් කවදා හරි කන්‍යා සොයුරියක් වෙලා සේවය කළ යුතුයි කියලා. ’’ යනුවෙන් ඇය පසු කළෙක පවසා තිබේ.
පාසල් අධ්‍යාපනය අවසන් කළ ඇයගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක වර්ෂය වන්නේ 1965 වසරයි. ගාල්ලේ කළුවැල්ලේ පිහිටි ශී‍්‍ර හෘදය කන්‍යාරාමයට පැමිණෙන ඇය එහි දී රොසිනා නානායක්කාර නමින් දයාවේ කන්‍යා සොයුරියක් බවට පත්වූවාය. එම වර්ෂයේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හැදෑරීම සඳහා ඇතුළු වීමට ද ඇයට අවස්ථාව උදාවිය.
පේරාදෙණිය සරසවි භූමියේදී පාලි භාෂාවත්, බටහිර සම්භාව්‍ය සාහිත්‍යය හා අධ්‍යාපනවේදී විෂයයන් උගත් ඇය අධ්‍යාපන වේදී විශේෂ උපාධියකට හිමිකම් කීවාය. උපාධිය ලබා නැවත ගාල්ලට පැමිණෙන රොසිනා කන්‍යාසොයුරිය ශී‍්‍ර හෘදය කන්‍යාරාම බාලිකා විදුහලේ විදුහල්පතිනිය වූ බෙල්ජියම් ජාතික ඒඞ්රියන් කන්‍යාසොයුරියගේ සහායිකාව ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.
විදුහල්පති ධූරයෙන් ඒඞ්රියන් කන්‍යාසොයුරිය 1975 වර්ෂය අවසානයේ සමුගැනීමත් සමගම රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය 1976 එම ධූරයට පත්වූයේ ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිධූරයට පත්වූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික විදුහල්පතිනිය බවට පත්වෙමිනි. එතැන් පටන් රොසිනා නානායක්කාර නාමයත් ශී‍්‍ර හෘදය කන්‍යාරාමය යන නාමයත් එකිනෙකට බද්ධව පැවැතියේ විදුහලට ස්වර්ණමය යුගයක් උදාකරමිනි.
අළුයම හතරට පමණ කාර්යාලයට පැමිණ රාජකාරී කටයුතු ආරම්භ කරන ඇය රාතී‍්‍ර 10 පසුවන තුරු ද කාර්යාලයේ කටයුතු වල යෙදී සිටීම පුරුද්දක් කැර ගත්තාය.
පාසලේ පිරිසිදු කමත් සිසුවියන්ගේ විනය හා අධ්‍යාපනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ විදුහල්පතිනිය කි‍්‍රයාවෙන් නොව ආදර්ශයෙන් ළමුන් හැඩ ගැස්සවීමට නිරන්තරවම කටයුතු කළාය. පාසලේ කසළ බඳුනට පොලිතීන් කොළයක් වැටී තිබුණහොත් ළමුන්ට බැණ නොවදින මේ විදුහල්පති මාතාව එය තම අතට ගෙන ඒ සමග ඇති බත් ඇට එක් බඳුනකටත් පොලිතීන් කවරය එයට නියමිත බඳුනටත් දැමීමට තරම් නිහතමානී වූවාය.
වරක් අධ්‍යාපන බලධාරීන් පිරිසක් විදුහලට පැමිණියහ. ඒ සෙනසුරාදා දිනයකි. විදුහල්පතිනිය සෙනසුරාදා දිනයේත් පාසලේ සිටින බව ඔවුන් දැන සිටියහ. මේ පිරිස පැමිණිය ද විදුහල්පතිනිය පෙනෙන්නට නැත. කාර්යාලය ද විවෘතව තිබේ. ටික වේලාවක් බලා සිටි නිලධාරිනියක් පාසල ඇතුලට ගියාය. විදුහල්පතිනිය ළමුන්ගේ වැසිකිළි පිරිසිදු කරමින් සිටියාය. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඇය සෑම විටම සපථ කළාය.
ඒ නිසාම විදුහලේ සිසුවියන් සේම ගුරු මණ්ඩලයත් තමන් අතින් සුළු අතපසුවීමක් හෝ නොවීමට වගබලාගත්හ.
1988/89 භීෂණ සමයේ පාසල් සිසු සිසුවියෝ පවා අරගල වලට සම්බන්ධ වෙද්දී ඇය සෘජුව නැගී සිටියාය. සේවයට වාර්තා කරන ගුරුවරුන් මරා දමන බවට තර්ජනය කරද්දී ඇය ඒ සියළු දෙනා ආරක්ෂා කැර ගැනීමට කටයුතු කළාය. එකළ ගාල්ල නගරයේ සිට පෙළපාලියකින් පැමිණි පාසල් සිසු සිසුවියන් විශ්ව විද්‍යාල කි‍්‍රයාකාරිකයන් ඇතුළු පිරිසක් ශී‍්‍ර හෘදය කන්‍යාරාමය වටකැරගත්තේ එහි සිසුවියන්ද එළියට ගැනීමේ අදහසිනි. පාසලේ දොරටවු විවෘතවිය. විදුහල්පතිනිය එලියට පැමණි ක්ෂණයකින් දොර වසා දැමුවාය. ‘‘මාව මරලා මිසක් මේ ළමයින් එක්කෙනෙක්වත් ගන්න දෙන්නේ නැහැ“ යැයි ඇය අභීතව හඩ නගද්දී පැමිණි පිරිස පසුබා ගියහ.
එවැනි නායකත්වයක් දුන් ඇය පිටස්තර බලපෑම් වලට යටත් වූයේ ද නැත. කිසිදිනෙක අධ්‍යාපන බලධාරීන්ට පවා නොනැමී තම පාසල හැදියාවෙන් හා අධ්‍යාපනික මට්ටමින් ඉහළ තලයකට ගෙන යාමට අනූපමේය සේවයක් ඉටු කළාය.
පාසලේ සිසුවියෝ ද නායකත්යට හැඩගැස්වීමට ඇය වගබලා ගත්තාය. ශිෂ්‍ය නායිකා මණ්ඩලය ඡුන්දයෙන් තේරීමේ ක‍්‍රමය හඳුන්වාදුන් ඇය කුදු මහත් සෑම කටයුත්තකදීම ශිෂ්‍යාවන්ට ඒ කටයුතු මෙහෙයවීමේ වගකීම පැවරීමට කටයුතු කළේ ඔවුන් ගැන උපරිම විශ්වාසය තබමිනි.
කිතුනු පාසලක් වුවද සියළු ජාතික සියළු ආගමික ළමුන් පාසලේ ඉගෙනුම ලැබූවද මේ විදුහල්තිනියගේ නායකත්වය යටතේ ඔවුහු එකම පවුලක දරුවන් වූහ. පාසලේ ආදර්ශ පාඨය වූ එක හදක් එක හිතක් යන්න යථාර්ථයක් කැර ගැනීමට නිරන්තරව කටයුතු කළ ඇය පාසලේ බෞද්ධාගමික උත්සව ද පවත්වමින් පිරිත් හා දානමය පිංකම් පවා පැවැත්වීමට කටයුතු කළාය. ශී‍්‍ර හෘදය කන්‍යාරාමය අසමානතා යටතේ එකමුතුකම ප‍්‍රතිමූර්තියක්ව විදහා දක්වමින් ලෝකයේ උසස් තලයකට ගෙන ඒමට ඇයගේ අපේක්ෂාවක් විය.
විදුහල්පති ධූරය දැරූ වසර 30 ක කාලයක් තුළ පාසලේ ඉගෙනුම ලැබූ සියළුම ශිෂ්‍යාවන් ඔවුන්ගේම නමින් ඇමතීමට තරම් මතකයක් තිබූ මේ විදුහල්පතිනිය අසල් වැසි පාසල්හි කැපී පෙණුනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා පුද්ගලිකව දැන හඳුනාගෙන සිටීම ද විශේෂත්වයකි.
1978 දී ශී‍්‍ර හෘදය කන්‍යාරාමය රජයට පවරා ගැනීමෙන් පසුව ද නීති ගරුක බවින්, හැදියාවෙන් සම්ප‍්‍රදායිකත්වය ඉක්මවා අන් සියළු පාසල් ඉක්මවමින් තම පාසල පවත්වාගෙන යාමට දැඩි වෙහෙසකින් කටයුතු කළ රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය 2000 වර්ෂයේ දී ගුරු ජීවිතයෙන් විශ‍්‍රාම ලැබුවාය.
ගායනයටත්, රංගනයටත්, ලේඛණයටත්, නිර්මාණාත්මක කාර්යයන්හි යෙදීමට මෙන්ම ආහාර පිසීමටත් ඇතුළු අපූරු හැකියාවෙන් රැුසකින් පිරිපුන්ව සිටි රොසිනා නානායක්කාර කන්‍යා සොයුරිය තම නායකත්වය යටතේ ඉගෙනුම ලබන දරුවන්ද එවැනි හැකියාවෙන් යුතු පිරිසක් බවට පත්කිරීමට නිරන්තරවම වෙහෙස වූවාය.
විදුහල්පති ධූරයෙන් සමුගත් ඇය පුරා වසර දහයක පමණ කාලයක් අගුණුකොළ, මන්නාරම වැනි අති දුෂ්කර ප‍්‍රද්ශයන්හි සැර සරමින් ඒ ප‍්‍රදේශයන්හි දුක් විඳින දරුවන් සහ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට කැපව සිටියේ තම රෝගී තත්ත්වයන් ද අමතක කරමිනි.
විශ‍්‍රාම ලැබූ තම විදුහල්පතිනියට උපහාර කරන්නට විදුහලේ ශිෂ්‍යාවන් උත්සාහ ගනිද්දීත් ‘‘ මට උපහාර කරන්න එපා. ඒවාට වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඒක තමයි මට ඔයාලා කරන හොඳම උපහාරය යැයි ඇය කීවාය. ’’ ඇය දුන් ඒ ආදර්ශය පසුපස යමින් බොහෝ පිරිසක් ඇය සමගම අත්වැල් බැඳ මිනිසුන් වෙනුවෙන්ම සේවය කිරීමට එක්වූවාය.
දුක්විදින මිනිසුන් වෙනුවෙන්ම කැපවී සිටි ඇය දැන් ජීවිතයෙන් සමුගෙන තිබේ. ඇයගේ වියෝව ශී‍්‍ර හෘදය කන්‍යාරාමයට, ගාල්ල ප‍්‍රදේශයට පමණක් නොව සමස්ථ ශී‍්‍ර ලංකාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඇගේ සෙවණේ හැදුණු වැඩුණු සිසු දැරියන්, ගුරුවර ගුරුවරියන් පමණක් නොව ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ සෑම වැළි කැටයක්ම ඇයගේ ශ්‍රේෂ්ඨත්වයේ නොමියෙන සාක්ෂියකි.
දහසක් දෙව් මිනිසුන් අතර සමාදානයෙන් සැතපෙන්න මව්තුමියනි යන්න සියල්ලන්ගේම ප‍්‍රාර්ථනයයි.
මාධ්‍යවේදී සජීව විජේවීර